ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය

Sinhalese translation

Scan the qr code to link to this page

سورة الغاشية - සූරා අල්-ඝාෂියාහ්

පිටු අංක

වාක්‍යය

නියමිත පාඨයේ ප්‍රදර්ශනය
සීමා තීරයේ ප්‍රදර්ශනය

වාක්‍යය : 1
هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡغَٰشِيَةِ
(විනාශය) ආවරණය කරන සිද්ධිය පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේද?
වාක්‍යය : 2
وُجُوهٞ يَوۡمَئِذٍ خَٰشِعَةٌ
එදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත් ව අවමානයෙන් පවතී.
වාක්‍යය : 3
عَامِلَةٞ نَّاصِبَةٞ
වෙහෙස ව හා විඩාවට පත් ව පවතී.
වාක්‍යය : 4
تَصۡلَىٰ نَارًا حَامِيَةٗ
ඇවිළෙන ගින්නට ඒවා පිවිස දැවෙනු ඇත.
වාක්‍යය : 5
تُسۡقَىٰ مِنۡ عَيۡنٍ ءَانِيَةٖ
(ඔවුන්) උණු දිය උල්පතින් පොවනු ලබනු ඇත.
වාක්‍යය : 6
لَّيۡسَ لَهُمۡ طَعَامٌ إِلَّا مِن ضَرِيعٖ
ඔවුනට කටු සහිත ශාක මිස වෙනත් අහරක් නැත.
වාක්‍යය : 7
لَّا يُسۡمِنُ وَلَا يُغۡنِي مِن جُوعٖ
එය (ඔවුන් ව) පුෂ්ටිමත් නොකරයි. තවද කුසගින්න (නිවන්න)ට උපාකර නොවෙයි.
වාක්‍යය : 8
وُجُوهٞ يَوۡمَئِذٖ نَّاعِمَةٞ
(ඇතැම්) මුහුණු සතුටින් පිරී පවතී.
වාක්‍යය : 9
لِّسَعۡيِهَا رَاضِيَةٞ
ඒවායෙහි ශ්‍රමයන් පිළිබඳ ව තෘප්තියට පත් ව,
වාක්‍යය : 10
فِي جَنَّةٍ عَالِيَةٖ
උසස් ස්වර්ග උයන්හි (පවතී.)
වාක්‍යය : 11
لَّا تَسۡمَعُ فِيهَا لَٰغِيَةٗ
එහි පුහු වදන් ශ්‍රවණය නොකරයි.
වාක්‍යය : 12
فِيهَا عَيۡنٞ جَارِيَةٞ
එහි ගලා යන උල්පත් ඇත.
වාක්‍යය : 13
فِيهَا سُرُرٞ مَّرۡفُوعَةٞ
එහි උස් නිදියහන් ද ඇත.
වාක්‍යය : 14
وَأَكۡوَابٞ مَّوۡضُوعَةٞ
(බීමට) තබන ලද ගුරුලේත්තු ද,
වාක්‍යය : 15
وَنَمَارِقُ مَصۡفُوفَةٞ
වියන ලද කොට්ට ද,
වාක්‍යය : 16
وَزَرَابِيُّ مَبۡثُوثَةٌ
දිග හරින ලද බුමුතුරුණු ද ඇත.
වාක්‍යය : 17
أَفَلَا يَنظُرُونَ إِلَى ٱلۡإِبِلِ كَيۡفَ خُلِقَتۡ
ඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේ දැයි ඔවුන් නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?
වාක්‍යය : 18
وَإِلَى ٱلسَّمَآءِ كَيۡفَ رُفِعَتۡ
අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැයි ද;
වාක්‍යය : 19
وَإِلَى ٱلۡجِبَالِ كَيۡفَ نُصِبَتۡ
කඳු දෙස එය කෙසේ සවි කරනු ලැබුවේ දැයි ද;
වාක්‍යය : 20
وَإِلَى ٱلۡأَرۡضِ كَيۡفَ سُطِحَتۡ
මහපොළොව දෙස එය කෙසේ ව්‍යාප්ත කරනු ලැබුවේ දැයි ද (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?)
වාක්‍යය : 21
فَذَكِّرۡ إِنَّمَآ أَنتَ مُذَكِّرٞ
එහෙයින් නුඹ සිහිපත් කරනු. නියත වශයෙන්ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි.
වාක්‍යය : 22
لَّسۡتَ عَلَيۡهِم بِمُصَيۡطِرٍ
නුඹ ඔවුන් කෙරෙහි බලය දරන්නෙක් නොවන්නෙහිය.
වාක්‍යය : 23
إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ
කවරෙකු පිටුපාමින් ප්‍රතික්ෂේප කළේ ද ඔහු කෙරෙහි පමණක් මිස.
වාක්‍යය : 24
فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلۡعَذَابَ ٱلۡأَكۡبَرَ
සැබැවින්ම අල්ලාහ් (පිටුපාමින් ප්‍රතික්ෂේප කළ) ඔහුට අතිමහත් දඬුවමකින් දඬුවම් කරයි.
වාක්‍යය : 25
إِنَّ إِلَيۡنَآ إِيَابَهُمۡ
සැබැවින්ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙත ය.
වාක්‍යය : 26
ثُمَّ إِنَّ عَلَيۡنَا حِسَابَهُم
පසුව සැබැවින්ම ඔවුන් (කළ ක්‍රියාවන්) ගේ ගණනය අප මත ය.
එවීම සාර්ථකයි