ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය

Sinhalese translation

Scan the qr code to link to this page

سورة الأعلى - සූරා අල්-අඃලා

පිටු අංක

වාක්‍යය

නියමිත පාඨයේ ප්‍රදර්ශනය
සීමා තීරයේ ප්‍රදර්ශනය

වාක්‍යය : 1
سَبِّحِ ٱسۡمَ رَبِّكَ ٱلۡأَعۡلَى
නුඹගේ උත්කෘෂ්ට පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු.
වාක්‍යය : 2
ٱلَّذِي خَلَقَ فَسَوَّىٰ
ඔහු (සියල්ල) මවා නිසි ලෙස සකස් කළේය.
වාක්‍යය : 3
وَٱلَّذِي قَدَّرَ فَهَدَىٰ
තවද ඔහු(සියල්ල) නිර්ණය කර මඟ ද පෙන් වූයේය.
වාක්‍යය : 4
وَٱلَّذِيٓ أَخۡرَجَ ٱلۡمَرۡعَىٰ
තවද උලා කන තණ බිම් පිට කළේ ඔහුය.
වාක්‍යය : 5
فَجَعَلَهُۥ غُثَآءً أَحۡوَىٰ
පසු ව එය (වියැළුණු) කළු පැහැති ඉපැනලි බවට පත් කළේය.
වාක්‍යය : 6
سَنُقۡرِئُكَ فَلَا تَنسَىٰٓ
අපි ඔබට (අල්කුර්ආනය) මතුවට කියවා පෙන්වන්නෙමු. එබැවින් නුඹ එය අමතක නොකරනු ඇත.
වාක්‍යය : 7
إِلَّا مَا شَآءَ ٱللَّهُۚ إِنَّهُۥ يَعۡلَمُ ٱلۡجَهۡرَ وَمَا يَخۡفَىٰ
අල්ලාහ් අභිමත ළ දෑ හැර (වෙනත් කිසිවක් අමතක නොකරනු ඇත.) සැබැවින්ම ඔහු ප්‍රකට දෑ ද සැඟවුණු දෑ ද දනී.
වාක්‍යය : 8
وَنُيَسِّرُكَ لِلۡيُسۡرَىٰ
තවද අපි පහසු ව වෙත නුඹට පහසු කරවන්නෙමු.
වාක්‍යය : 9
فَذَكِّرۡ إِن نَّفَعَتِ ٱلذِّكۡرَىٰ
එබැවින් සිහිපත් කිරීම ප්‍රයෝජනවත් වේ නම් නුඹ උපදෙස් දෙනු.
වාක්‍යය : 10
سَيَذَّكَّرُ مَن يَخۡشَىٰ
කවරෙකු (අල්ලාහ්ට) බිය වන්නේ ද ඔහු උපදෙස් ලබනු ඇත.
වාක්‍යය : 11
وَيَتَجَنَّبُهَا ٱلۡأَشۡقَى
තවද අභාග්‍යවන්තයා එයින් වැළකෙනු ඇත.
වාක්‍යය : 12
ٱلَّذِي يَصۡلَى ٱلنَّارَ ٱلۡكُبۡرَىٰ
ඔහු (නිරයේ) මහත් ගින්නට පිවිසෙයි.
වාක්‍යය : 13
ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحۡيَىٰ
පසු ව ඔහු එහි මරණයට පත් නොවෙයි. ජීවත් ද නොවෙයි.
වාක්‍යය : 14
قَدۡ أَفۡلَحَ مَن تَزَكَّىٰ
සැබැවින්ම (උපදෙසින්) පිවිතුරු කර ගත් අය ජයග්‍රහණය කළේය.
වාක්‍යය : 15
وَذَكَرَ ٱسۡمَ رَبِّهِۦ فَصَلَّىٰ
තවද ඔහු තම පරමාධිපතිගේ නාමය සිහිපත් කර පසු ව සලාතය ද ඉටු කළේය.

වාක්‍යය : 16
بَلۡ تُؤۡثِرُونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا
නමුත් නුඹලා මෙලොව ජීවිතය තෝරා ගන්නෙහුය.
වාක්‍යය : 17
وَٱلۡأٓخِرَةُ خَيۡرٞ وَأَبۡقَىٰٓ
(මෙලොව ජීවිතයට වඩා) මතු ලොව උතුම් ය. තවද සදා පවතින්නකි.
වාක්‍යය : 18
إِنَّ هَٰذَا لَفِي ٱلصُّحُفِ ٱلۡأُولَىٰ
සත්‍ය වශයෙන්ම මෙය පූර්ව ලේඛනයන්හි (සඳහන් ව) ඇත.
වාක්‍යය : 19
صُحُفِ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ
ඉබ්රාහීම් හා මූසාගේ ලේඛනයන්හි.
එවීම සාර්ථකයි