වාක්‍යය :
1
وَٱلۡفَجۡرِ
අරුණෝදය මත ද දිවුරමින්.
වාක්‍යය :
2
وَلَيَالٍ عَشۡرٖ
දස රාත්‍රියන් මත ද දිවුරමින්.
වාක්‍යය :
3
وَٱلشَّفۡعِ وَٱلۡوَتۡرِ
ඉරට්ටේ හා ඔත්තේ මත ද දිවුරමින්.
වාක්‍යය :
4
وَٱلَّيۡلِ إِذَا يَسۡرِ
රාත්‍රිය ගෙවී යන විට ඒ මත ද දිවුරමින්.
වාක්‍යය :
5
هَلۡ فِي ذَٰلِكَ قَسَمٞ لِّذِي حِجۡرٍ
නුවණ ඇති අයට එහි (ප්‍රමාණවත්) දිවුරුමක් ඇත් ද?
වාක්‍යය :
6
أَلَمۡ تَرَ كَيۡفَ فَعَلَ رَبُّكَ بِعَادٍ
ආද් ජනයා සමඟ නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද?
වාක්‍යය :
7
إِرَمَ ذَاتِ ٱلۡعِمَادِ
(ඔවුන්) කුලුනු වලින් යුක්ත ඉරම් නගරවාසීන් ය.
වාක්‍යය :
8
ٱلَّتِي لَمۡ يُخۡلَقۡ مِثۡلُهَا فِي ٱلۡبِلَٰدِ
ඒවා මෙන් කිසිවක් (වෙනත්) දේශයන්හි නිර්මාණය කරනු නොලැබීය.
වාක්‍යය :
9
وَثَمُودَ ٱلَّذِينَ جَابُواْ ٱلصَّخۡرَ بِٱلۡوَادِ
නිම්නයන්හි ගල් පර්වත කැනූ සමූද් ජනයා සමඟත්;
වාක්‍යය :
10
وَفِرۡعَوۡنَ ذِي ٱلۡأَوۡتَادِ
රිටි සහිත ෆිර්අවුන් සමඟත් (නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද?)
වාක්‍යය :
11
ٱلَّذِينَ طَغَوۡاْ فِي ٱلۡبِلَٰدِ
ඔවුහු දේශයන්හි සීමා ව ඉක්මවා කටයුතු කළෝය.
වාක්‍යය :
12
فَأَكۡثَرُواْ فِيهَا ٱلۡفَسَادَ
ඔවුහු එහි කලහකම් අධික ලෙස සිදු කළෝය.
වාක්‍යය :
13
فَصَبَّ عَلَيۡهِمۡ رَبُّكَ سَوۡطَ عَذَابٍ
එහෙයින් නුඹගේ පරමාධිපති ඔවුන් මත දඬුවමේ කසය හෙළුවේය.
වාක්‍යය :
14
إِنَّ رَبَّكَ لَبِٱلۡمِرۡصَادِ
සැබැවින්ම නුඹගේ පරමාධිපති රැක බලා සිටින්නාය.
වාක්‍යය :
15
فَأَمَّا ٱلۡإِنسَٰنُ إِذَا مَا ٱبۡتَلَىٰهُ رَبُّهُۥ فَأَكۡرَمَهُۥ وَنَعَّمَهُۥ فَيَقُولُ رَبِّيٓ أَكۡرَمَنِ
එනමුත් මිනිසා වූ කලී, ඔහුගේ පරමාධිපති ඔහු ව පරීක්ෂාවට ලක් කර, පසු ව ඔහුට උපකාර කර ඔහුට දායාදයන් පිරිනැමූ කල්හි “මාගේ පරමාධිපති මට උපකාර කළේය” යැයි ඔහු පවසයි.
වාක්‍යය :
16
وَأَمَّآ إِذَا مَا ٱبۡتَلَىٰهُ فَقَدَرَ عَلَيۡهِ رِزۡقَهُۥ فَيَقُولُ رَبِّيٓ أَهَٰنَنِ
තවද ඔහු ව පරීක්ෂාවට ලක් කර පසු ව ඔහුගේ ජීවන සම්පත් ඔහුට සීමා කළ කල්හි එවිට ඔහු “මාගේ පරමාධිපති මට අවමන් කළේය” යැයි පවසයි.
වාක්‍යය :
17
كَلَّاۖ بَل لَّا تُكۡرِمُونَ ٱلۡيَتِيمَ
නොඑසේය, නුඹලා අනාථයාට උපකාර නොකරන්නෙහුය.
වාක්‍යය :
18
وَلَا تَحَٰٓضُّونَ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ
තවද නුඹලා දුගියාට ආහාර සැපයීමට දිරි නොගන්වන්නෙහුය.
වාක්‍යය :
19
وَتَأۡكُلُونَ ٱلتُّرَاثَ أَكۡلٗا لَّمّٗا
තවද නුඹලා උරුමයන් (අයුතු ලෙස) මුළුමණින් ම අනුභව කරන්නෙහුය.
වාක්‍යය :
20
وَتُحِبُّونَ ٱلۡمَالَ حُبّٗا جَمّٗا
එමෙන්ම අප්‍රමාණ ළැදියාවකින් ධනයට ඇලුම් කරන්නෙහුය.
වාක්‍යය :
21
كَلَّآۖ إِذَا دُكَّتِ ٱلۡأَرۡضُ دَكّٗا دَكّٗا
එසේ නොව, මහපොළොව කැබලි කැබලි වශයෙන් සුනු විසුනු කරනු ලැබූ කල්හි,
වාක්‍යය :
22
وَجَآءَ رَبُّكَ وَٱلۡمَلَكُ صَفّٗا صَفّٗا
තවද මලක්වරු පෙළින් පෙළට (පෙළ ගැසී) සිටියදී නුඹගේ පරමාධිපති පැමිණෙන්නේය.
වාක්‍යය :
23
وَجِاْيٓءَ يَوۡمَئِذِۭ بِجَهَنَّمَۚ يَوۡمَئِذٖ يَتَذَكَّرُ ٱلۡإِنسَٰنُ وَأَنَّىٰ لَهُ ٱلذِّكۡرَىٰ
තවද එදින නිරය ගෙන එනු ලැබේ. එදින මිනිසා සිහිපත් කරයි. එම සිහිපත් කිරීම ඔහුට කෙසේ (නම් ඵලක්) වන්නේ ද?