ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය

Sinhalese translation

Scan the qr code to link to this page

سورة الانشقاق - සූරා අල්-ඉන්ෂිකාක්

පිටු අංක

වාක්‍යය

නියමිත පාඨයේ ප්‍රදර්ශනය
සීමා තීරයේ ප්‍රදර්ශනය

වාක්‍යය : 1
إِذَا ٱلسَّمَآءُ ٱنشَقَّتۡ
අහස පැළී යන විට,
වාක්‍යය : 2
وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ
තවද එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.
වාක්‍යය : 3
وَإِذَا ٱلۡأَرۡضُ مُدَّتۡ
මහපොළොව සමතලා කරනු ලැබ,
වාක්‍යය : 4
وَأَلۡقَتۡ مَا فِيهَا وَتَخَلَّتۡ
එය එහි තුළ ඇති දෑ බැහැර කර හිස් වී,
වාක්‍යය : 5
وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ
එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.
වාක්‍යය : 6
يَٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدۡحٗا فَمُلَٰقِيهِ
අහෝ මිනිස! නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වෙත නුඹ දැඩි සේ ප්‍රයත්න දරන්නෙකි. එබැවින් නුඹ ඔහු ව මුණගැසෙන්නෙහිය.
වාක්‍යය : 7
فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ
තම වාර්තා පොත තමන්ගේ දකුණතට දෙනු ලැබූ අය වූ කලී,
වාක්‍යය : 8
فَسَوۡفَ يُحَاسَبُ حِسَابٗا يَسِيرٗا
ඔහු පහසු විමසුමකින් මතු විමසනු ලබනු ඇත.
වාක්‍යය : 9
وَيَنقَلِبُ إِلَىٰٓ أَهۡلِهِۦ مَسۡرُورٗا
තවද ඔහු තම ජනයා වෙත ප්‍රීතියට පත් ව හැරී යනු ඇත.
වාක්‍යය : 10
وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ وَرَآءَ ظَهۡرِهِۦ
තවද තම වාර්තා පොත තම පසුපසින් දෙනු ලැබූ අය වූ කලී,
වාක්‍යය : 11
فَسَوۡفَ يَدۡعُواْ ثُبُورٗا
ඔහු විනාශය පතනු ඇත.
වාක්‍යය : 12
وَيَصۡلَىٰ سَعِيرًا
තවද ඔහු (නිරයේ) ඇවිළෙන ගින්නට පිවිසෙනු ඇත.
වාක්‍යය : 13
إِنَّهُۥ كَانَ فِيٓ أَهۡلِهِۦ مَسۡرُورًا
නියත වශයෙන්ම ඔහු තම පවුලෙහි ප්‍රීතියට පත් වූවෙකු ලෙස සිටියේය.
වාක්‍යය : 14
إِنَّهُۥ ظَنَّ أَن لَّن يَحُورَ
නියත වශයෙන්ම ඔහු (මරණයෙන් පසු) කිසිවිටෙක ආපසු නොපැමිණෙන්නේමය යැයි සිතුවේය.
වාක්‍යය : 15
بَلَىٰٓۚ إِنَّ رَبَّهُۥ كَانَ بِهِۦ بَصِيرٗا
එසේ නොව, සැබැවින්ම ඔහුගේ පරමාධිපති ඔහු පිළිබඳව නිරීක්ෂකයෙකු ලෙස සිටියේය.
වාක්‍යය : 16
فَلَآ أُقۡسِمُ بِٱلشَّفَقِ
තවද ගොම්මන මත ද මම දිවුරමි.
වාක්‍යය : 17
وَٱلَّيۡلِ وَمَا وَسَقَ
රාත්‍රිය හා එය වැලඳ ගත් දෑ මත ද,
වාක්‍යය : 18
وَٱلۡقَمَرِ إِذَا ٱتَّسَقَ
චන්ද්‍රයා පූර්ණත්වයට පත් වන විට ඒ මත ද (මම දිවුරමි.)
වාක්‍යය : 19
لَتَرۡكَبُنَّ طَبَقًا عَن طَبَقٖ
සැබැවින්ම පියවරෙන් පියවර නුඹලා (ඉදිරියට) ගමන් කරන්නෙහුමය.
වාක්‍යය : 20
فَمَا لَهُمۡ لَا يُؤۡمِنُونَ
එහෙයින් ඔවුහු විශ්වාස නොකර සිටීමට ඔවුනට කුමක් සිදු වී ද?
වාක්‍යය : 21
وَإِذَا قُرِئَ عَلَيۡهِمُ ٱلۡقُرۡءَانُ لَا يَسۡجُدُونَۤ۩
තවද ඔවුනට අල්කුර්ආනය පාරායනය කරනු ලැබූ විට ඔවුහු (අල්ලාහ්ට සිරස නමා) සුජූද් නොකරති.
වාක්‍යය : 22
بَلِ ٱلَّذِينَ كَفَرُواْ يُكَذِّبُونَ
නමුත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් එය බොරු යැයි පවසන්නෝය.
වාක්‍යය : 23
وَٱللَّهُ أَعۡلَمُ بِمَا يُوعُونَ
තවද ඔවුන් සඟවන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය.
වාක්‍යය : 24
فَبَشِّرۡهُم بِعَذَابٍ أَلِيمٍ
එහෙයින් වේදනීය දඬුවමක් පිළිබඳ නුඹ ඔවුනට ශුභාරංචි පවසනු.
වාක්‍යය : 25
إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونِۭ
නමුත් විශ්වාස කොට දැහැමි දෑ කළවුන් හැර; ඔවුනට අඛණ්ඩ ප්‍රතිඵල ඇත.
එවීම සාර්ථකයි