ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය

Sinhalese translation

Scan the qr code to link to this page

سورة البروج - සූරා අල්-බුරූජ්

පිටු අංක

වාක්‍යය

නියමිත පාඨයේ ප්‍රදර්ශනය
සීමා තීරයේ ප්‍රදර්ශනය

වාක්‍යය : 1
وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡبُرُوجِ
ග්‍රහ මණ්ඩල වලින් යුත් අහස මත දිවුරමින්,
වාක්‍යය : 2
وَٱلۡيَوۡمِ ٱلۡمَوۡعُودِ
ප්‍රතිඥා දෙනු ලැබූ දිනය මත දිවුරමින්.
වාක්‍යය : 3
وَشَاهِدٖ وَمَشۡهُودٖ
සාක්ෂි දරන්නා හා සාක්ෂි දරනු ලබන දේ මත ද දිවුරමින්.
වාක්‍යය : 4
قُتِلَ أَصۡحَٰبُ ٱلۡأُخۡدُودِ
අගල් වැසියෝ විනාශ කරනු ලැබුවෝය.
වාක්‍යය : 5
ٱلنَّارِ ذَاتِ ٱلۡوَقُودِ
(එය) ඉන්ධන වලින් යුක්ත ගින්නකි.
වාක්‍යය : 6
إِذۡ هُمۡ عَلَيۡهَا قُعُودٞ
ඔවුහු ඒ මත වාඩි වී සිටියෝය.
වාක්‍යය : 7
وَهُمۡ عَلَىٰ مَا يَفۡعَلُونَ بِٱلۡمُؤۡمِنِينَ شُهُودٞ
දේවත්වය විශ්වාස කරන්නන්හට ඔවුන් කරමින් සිටි දෑ ඔවුහු නරඹමින් සිටියෝය.
වාක්‍යය : 8
وَمَا نَقَمُواْ مِنۡهُمۡ إِلَّآ أَن يُؤۡمِنُواْ بِٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ
ප්‍රශංසාලාභී සර්ව බලපරාක්‍රම අල්ලාහ් ව ඔවුන් විශ්වාස කිරීම හේතුවෙන් මිස ඔවුහු ඔවුන්ගෙන් පළි නොගත්තෝය.
වාක්‍යය : 9
ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ
ඔහු වනාහි අහස් හා මහපොළොවෙහි ආධිපත්‍ය සතු අයෙකි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නා ය.
වාක්‍යය : 10
إِنَّ ٱلَّذِينَ فَتَنُواْ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ ثُمَّ لَمۡ يَتُوبُواْ فَلَهُمۡ عَذَابُ جَهَنَّمَ وَلَهُمۡ عَذَابُ ٱلۡحَرِيقِ
නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කරන්නන් හා දේවත්වය විශ්වාස කරන්නියන් හට හිංසා කර, පසු ව පශ්චාත්තාප නොවූවන් වන ඔවුනට නිරයේ දඬුවම ඇත. තවද ඔවුනට පිලිස්සෙන ගින්නෙහි දඬුවම ද ඇත.
වාක්‍යය : 11
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُمۡ جَنَّٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡكَبِيرُ
සැබැවින්ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එයයි අති මහත් ජයග්‍රහණය.
වාක්‍යය : 12
إِنَّ بَطۡشَ رَبِّكَ لَشَدِيدٌ
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ ග්‍රහණය ඉතා දැඩි ය.
වාක්‍යය : 13
إِنَّهُۥ هُوَ يُبۡدِئُ وَيُعِيدُ
(පූර්වාදර්ශයක් නොමැති ව) නිර්මාණය කරන්නේ ද යළි සකස් කරන්නේ ද ඔහුමය.
වාක්‍යය : 14
وَهُوَ ٱلۡغَفُورُ ٱلۡوَدُودُ
තවද ඔහු අති ක්ෂමාශීලී ය. මහත් දයාලු ය.
වාක්‍යය : 15
ذُو ٱلۡعَرۡشِ ٱلۡمَجِيدُ
කීර්තිමත් අර්ෂ්හි හිමිකරු ය.
වාක්‍යය : 16
فَعَّالٞ لِّمَا يُرِيدُ
ඔහු සිතන දේ මැනවින් කරන්නා ය.
වාක්‍යය : 17
هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡجُنُودِ
(නබිවරය!) නුඹට සේනාවන්හි පුවත පැමිණියේ ද?
වාක්‍යය : 18
فِرۡعَوۡنَ وَثَمُودَ
ෆිර්අවුන් හා සමූද් (සේනාවන්ගේ)
වාක්‍යය : 19
بَلِ ٱلَّذِينَ كَفَرُواْ فِي تَكۡذِيبٖ
නමුත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් බොරු කිරීමෙහි ය.
වාක්‍යය : 20
وَٱللَّهُ مِن وَرَآئِهِم مُّحِيطُۢ
තවද අල්ලාහ් ඔවුන්ගේ පසුපසින් වෙළාගන්නා ය.
වාක්‍යය : 21
بَلۡ هُوَ قُرۡءَانٞ مَّجِيدٞ
නමුත් එය කීර්තිමත් කුර්ආනය වේ.
වාක්‍යය : 22
فِي لَوۡحٖ مَّحۡفُوظِۭ
ආරක්ෂිත ඵලකයෙහි.
එවීම සාර්ථකයි