වාක්‍යය :
7
كَلَّآ إِنَّ كِتَٰبَ ٱلۡفُجَّارِ لَفِي سِجِّينٖ
නොඑසේය. නියත වශයෙන්ම අපරාධකරුවන්ගේ ලේඛනය සිජ්ජීන්හි ඇත්තේය.
වාක්‍යය :
8
وَمَآ أَدۡرَىٰكَ مَا سِجِّينٞ
(නබිවරය!) සිජ්ජීන් යනු කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?
වාක්‍යය :
9
كِتَٰبٞ مَّرۡقُومٞ
(එය) ලියන ලද වාර්තා පොතකි.
වාක්‍යය :
10
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
බොරු කරන්නන් හට එදින විනාශයය.
වාක්‍යය :
11
ٱلَّذِينَ يُكَذِّبُونَ بِيَوۡمِ ٱلدِّينِ
මොවුන් වනාහි විනිශ්චය දිනය බොරු කරති.
වාක්‍යය :
12
وَمَا يُكَذِّبُ بِهِۦٓ إِلَّا كُلُّ مُعۡتَدٍ أَثِيمٍ
සීමාව ඉක්මවා ගිය සෑම පාපතරයකුම මිස වෙනත් කිසිවෙක් එය බොරු නොකරනු ඇත.
වාක්‍යය :
13
إِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ
අපගේ වදන් ඔහු වෙත පාරායනා කරනු ලබන විට (මෙය) පැරැණ්නන්ගේ ප්‍රබන්ධයන් යැයි ඔහු පවසයි.
වාක්‍යය :
14
كَلَّاۖ بَلۡۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُواْ يَكۡسِبُونَ
නොඑසේය. නමුත් ඔවුන් උපයමින් සිටි දෑ (මගින්) ඔවුන්ගේ හදවත් මත මල බැඳී ඇත.
වාක්‍යය :
15
كَلَّآ إِنَّهُمۡ عَن رَّبِّهِمۡ يَوۡمَئِذٖ لَّمَحۡجُوبُونَ
නොඑසේය. නියත වශයෙන්ම ඔවුහු එදින ඔවුන්ගේ පරමාධිපතිගෙන් තිර දම(මින් වෙන් කර)නු ලබන්නෝ වෙති.
වාක්‍යය :
16
ثُمَّ إِنَّهُمۡ لَصَالُواْ ٱلۡجَحِيمِ
තවද නියත වශයෙන්ම ඔවුහු නිරයෙහි පිවිසෙන්නෝ වෙති.
වාක්‍යය :
17
ثُمَّ يُقَالُ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ
ඉන්පසුව “නුඹලා බොරු කරමින් සිටි දෑ මෙය වේ” යැයි කියනු ලැබේ.
වාක්‍යය :
18
كَلَّآ إِنَّ كِتَٰبَ ٱلۡأَبۡرَارِ لَفِي عِلِّيِّينَ
නොඑසේය. නියත වශයෙන්ම දැහැමියන්ගේ ලේඛනය ඉල්ලීයියීන්හිම ය.
වාක්‍යය :
19
وَمَآ أَدۡرَىٰكَ مَا عِلِّيُّونَ
තවද ඉල්ලීයියීන් යනු කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?
වාක්‍යය :
20
كِتَٰبٞ مَّرۡقُومٞ
(එය) ලියන ලද වාර්තා පොතකි.
වාක්‍යය :
21
يَشۡهَدُهُ ٱلۡمُقَرَّبُونَ
(දේව) සමීපතයෝ එයට සාක්ෂි දරති.
වාක්‍යය :
22
إِنَّ ٱلۡأَبۡرَارَ لَفِي نَعِيمٍ
නියත වශයෙන්ම දැහැමියෝ සැප පහසුකම් හි සිටිති.
වාක්‍යය :
23
عَلَى ٱلۡأَرَآئِكِ يَنظُرُونَ
කවිච්චි මතට වී (සිරි) නරඹමින් සිටිති.
වාක්‍යය :
24
تَعۡرِفُ فِي وُجُوهِهِمۡ نَضۡرَةَ ٱلنَّعِيمِ
(ඔවුනට ලැබුණු) සැප පහසුකම් හි සිරියාව නුඹ ඔවුන්ගේ මුහුණු තුළින් දැන ගනු ඇත.
වාක්‍යය :
25
يُسۡقَوۡنَ مِن رَّحِيقٖ مَّخۡتُومٍ
මුද්‍රා කරන ලද අමෘතයෙන් ඔවුහු පොවනු ලබති.
වාක්‍යය :
26
خِتَٰمُهُۥ مِسۡكٞۚ وَفِي ذَٰلِكَ فَلۡيَتَنَافَسِ ٱلۡمُتَنَٰفِسُونَ
එහි මුද්‍රාව කස්තූරි ය. එහෙයින් තරඟ වදින්නට අපේක්ෂා කරන්නන් ඒ තුළ තරඟ වදිත්වා.
වාක්‍යය :
27
وَمِزَاجُهُۥ مِن تَسۡنِيمٍ
තවද එහි මිශ්‍රණය තස්නීමයෙනි.
වාක්‍යය :
28
عَيۡنٗا يَشۡرَبُ بِهَا ٱلۡمُقَرَّبُونَ
එය දේව සමීපතයින් එයින් පානය කරන උල්පතකි.
වාක්‍යය :
29
إِنَّ ٱلَّذِينَ أَجۡرَمُواْ كَانُواْ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ يَضۡحَكُونَ
නියත වශයෙන්ම අපරාධ කළ අය විශ්වාස කළවුන් පිළිබඳ ව සිනහසෙමින් සිටියෝය.
වාක්‍යය :
30
وَإِذَا مَرُّواْ بِهِمۡ يَتَغَامَزُونَ
තවද ඔවුන් පසු කරමින් ගිය විට ඔවුහු එකිනෙකා අතර ඇස් කොණින් ඉඟි කොට සමච්චල් කර ගත්තෝය.
වාක්‍යය :
31
وَإِذَا ٱنقَلَبُوٓاْ إِلَىٰٓ أَهۡلِهِمُ ٱنقَلَبُواْ فَكِهِينَ
තවද ඔවුහු ඔවුන්ගේ ජනයා වෙත හැරී ගිය විට (ඒ ගෙන) සතුටු වන්නන් ලෙස හැරී ගියෝය.
වාක්‍යය :
32
وَإِذَا رَأَوۡهُمۡ قَالُوٓاْ إِنَّ هَٰٓؤُلَآءِ لَضَآلُّونَ
තවද ඔවුහු ඔවුන් ව දුටු විට “සැබැවින්ම මොවුන් නොමග ගියවුන්මය” යැයි පවසති.
වාක්‍යය :
33
وَمَآ أُرۡسِلُواْ عَلَيۡهِمۡ حَٰفِظِينَ
තවද ඔවුන් මත ආරක්ෂකයින් ලෙස මොවුහු එවනු නොලැබුවෝය.
වාක්‍යය :
34
فَٱلۡيَوۡمَ ٱلَّذِينَ ءَامَنُواْ مِنَ ٱلۡكُفَّارِ يَضۡحَكُونَ
එහෙයින් අද දින විශ්වාස කළවුන් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් දෙස බලා සිනාසෙති.