වාක්‍යය :
74
إِنَّ ٱلۡمُجۡرِمِينَ فِي عَذَابِ جَهَنَّمَ خَٰلِدُونَ
නියත වශයෙන්ම වැරදිකරුවන් නිරයේ දඬුවම තුළ සදාතනිකයෝ වෙති.
වාක්‍යය :
75
لَا يُفَتَّرُ عَنۡهُمۡ وَهُمۡ فِيهِ مُبۡلِسُونَ
ඔවුන්ගෙන් (දඬුවම) ලිහිල් කරනු නොලැබේ. ඔවුහු එහි බලාපොරොත්තු සුන් කර ගත්තෝ වෙති.
වාක්‍යය :
76
وَمَا ظَلَمۡنَٰهُمۡ وَلَٰكِن كَانُواْ هُمُ ٱلظَّٰلِمِينَ
තවද අපි ඔවුනට අපරාධ නොකළෙමු. නමුත් ඔවුහු ඔවුන්ටම අපරාධ කර ගන්නන් ලෙස සිටියෝය.
වාක්‍යය :
77
وَنَادَوۡاْ يَٰمَٰلِكُ لِيَقۡضِ عَلَيۡنَا رَبُّكَۖ قَالَ إِنَّكُم مَّٰكِثُونَ
තවද අහෝ (නිරයේ භාරකරු වන) “මාලික්! ඔබේ පරමාධිපති (අපේ අවසානය) අප මත තීන්දු කරත්වා! යැයි ඔවුහු අමතති. (එවිට) “නියත වශයෙන්ම නුඹලා රැඳී සිටින්නෝ වෙති” යැයි ඔහු පවසයි.
වාක්‍යය :
78
لَقَدۡ جِئۡنَٰكُم بِٱلۡحَقِّ وَلَٰكِنَّ أَكۡثَرَكُمۡ لِلۡحَقِّ كَٰرِهُونَ
සැබැවින්ම අපි සත්‍යය සමග නුඹලා වෙත පැමිණියෙමු. නමුත් නුඹලාගෙන් බහුතරයක් දෙනා සත්‍යය පිළිකුල් කරන්නෝ වෙති.
වාක්‍යය :
79
أَمۡ أَبۡرَمُوٓاْ أَمۡرٗا فَإِنَّا مُبۡرِمُونَ
එසේ නැතහොත් ඔවුහු යම් කරුණක් තීන්දු කර ඇත්තෝ ද? එවිට නියත වශයෙන්ම අපි ද තීන්දු කරන්නෝ වෙමු.
වාක්‍යය :
80
أَمۡ يَحۡسَبُونَ أَنَّا لَا نَسۡمَعُ سِرَّهُمۡ وَنَجۡوَىٰهُمۚ بَلَىٰ وَرُسُلُنَا لَدَيۡهِمۡ يَكۡتُبُونَ
ඔවුන් රහසින් පවසන දෑට හා ඔවුන්ගේ රහස් සාකච්ඡා වලට සැබැවින්ම අප සවන් නොදෙනු ඇතැයි ඔවුහු සිතන්නෝ ද? එසේ නොව ඔවුන් අබියසට වී අපගේ දූතවරු (සියල්ල) සටහන් කරති.
වාක්‍යය :
81
قُلۡ إِن كَانَ لِلرَّحۡمَٰنِ وَلَدٞ فَأَنَا۠ أَوَّلُ ٱلۡعَٰبِدِينَ
“මහා කරුණාන්විතයාණන් හට දරුවකු වී නම් ගැතිකම් කරන්නන් අතරින් පළමුවැන්නා මම වෙමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
වාක්‍යය :
82
سُبۡحَٰنَ رَبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ رَبِّ ٱلۡعَرۡشِ عَمَّا يَصِفُونَ
අහස් හි හා මහපොළොවේ හිමිපාණන් වන එමෙන්ම අර්ෂ්හි හිමිපාණන් (වන ඔහු) ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධය.
වාක්‍යය :
83
فَذَرۡهُمۡ يَخُوضُواْ وَيَلۡعَبُواْ حَتَّىٰ يُلَٰقُواْ يَوۡمَهُمُ ٱلَّذِي يُوعَدُونَ
එහෙයින් ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන ඔවුන්ගේ දිනය හමුවන තෙක් එසේ ඔවුන් නිරත වන්නටත් සෙල්ලම් කරන්නටත් ඔබ ඔවුන් අත්හැර දමනු.
වාක්‍යය :
84
وَهُوَ ٱلَّذِي فِي ٱلسَّمَآءِ إِلَٰهٞ وَفِي ٱلۡأَرۡضِ إِلَٰهٞۚ وَهُوَ ٱلۡحَكِيمُ ٱلۡعَلِيمُ
තවද ඔහු වනාහි අහස් හි දෙවිඳාය. මහපොළොවෙහි ද දෙවිඳාය. තවද මහා ප්‍රඥාවන්තය; සර්වඥානීය.
වාක්‍යය :
85
وَتَبَارَكَ ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَعِندَهُۥ عِلۡمُ ٱلسَّاعَةِ وَإِلَيۡهِ تُرۡجَعُونَ
තවද අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය තමන් සතු වන ඔහු අති උත්කෘෂ්ඨ විය. තවද අවසන් හෝරාව පිළිබඳ දැනුම ඔහු වෙතය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය.
වාක්‍යය :
86
وَلَا يَمۡلِكُ ٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِهِ ٱلشَّفَٰعَةَ إِلَّا مَن شَهِدَ بِٱلۡحَقِّ وَهُمۡ يَعۡلَمُونَ
තවද ඔහු හැර ඔවුන් ඇරයුම් කරන අයට මැදිහත් වීමට බලය නොමැත. නමුත්, දැනුවත්ව සත්‍යයට සාක්ෂි දැරූවන් හැර.
වාක්‍යය :
87
وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَهُمۡ لَيَقُولُنَّ ٱللَّهُۖ فَأَنَّىٰ يُؤۡفَكُونَ
තවද ඔවුන් මැව්වේ කවුදැයි ඔබ ඔවුන්ගෙන් විමසූ විට අල්ලාහ් යැයි සැබැවින්ම ඔවුහු පවසනු ඇත. එසේ නම් ඔවුන් වෙනතකට හරවනු ලබනුයේ කෙසේ ද?
වාක්‍යය :
88
وَقِيلِهِۦ يَٰرَبِّ إِنَّ هَٰٓؤُلَآءِ قَوۡمٞ لَّا يُؤۡمِنُونَ
තවද ‘අහෝ මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම මොවුහු විශ්වාස නොකරන පිරිසකි යන (නබිවරයාගේ) ප්‍රකාශයද (අල්ලාහ් දනී).
වාක්‍යය :
89
فَٱصۡفَحۡ عَنۡهُمۡ وَقُلۡ سَلَٰمٞۚ فَسَوۡفَ يَعۡلَمُونَ
එහෙයින් ඔබ ඔවුන් නොසළකා හරිනු. තවද සලාම් (ශාන්තිය) යැයි පවසනු. එවිට ඔවුහු මතු දැන ගනු ඇත.