වාක්‍යය :
19
وَأَن لَّا تَعۡلُواْ عَلَى ٱللَّهِۖ إِنِّيٓ ءَاتِيكُم بِسُلۡطَٰنٖ مُّبِينٖ
“තවද අල්ලාහ් වෙත නුඹලා හිතුවක්කාර නොවනු. නියත වශයෙන්ම මම නුඹලා වෙත පැහැදිලි සාධකයක් ගෙන එන්නෙක් මි.”
වාක්‍යය :
20
وَإِنِّي عُذۡتُ بِرَبِّي وَرَبِّكُمۡ أَن تَرۡجُمُونِ
“තවද නුඹලා මා ගල් ගසා මැරීමෙන් නියත වශයෙන්ම මම මාගේ පරමාධිපති වෙතින් ද එමෙන්ම නුඹලාගේ පරමාධිපති වෙතින් ද ආරක්ෂාව පතමි.”
වාක්‍යය :
21
وَإِن لَّمۡ تُؤۡمِنُواْ لِي فَٱعۡتَزِلُونِ
“තවද නුඹලා මා විශ්වාස නොකළේ නම් එවිට නුඹලා මගෙන් ඉවත් ව සිටිනු.”
වාක්‍යය :
22
فَدَعَا رَبَّهُۥٓ أَنَّ هَٰٓؤُلَآءِ قَوۡمٞ مُّجۡرِمُونَ
එවිට ඔහු ‘නියත වශයෙන්ම මොවුහු අපරාධකාරී පිරිසක්’ යැයි ඔහුගේ පරමාධිපතිට අමතා සිටියේය.
වාක්‍යය :
23
فَأَسۡرِ بِعِبَادِي لَيۡلًا إِنَّكُم مُّتَّبَعُونَ
(ඔහුට මෙසේ පිළිතුරු ලැබුණි.) “එහෙයින් මාගේ ගැත්තන් සමඟ ඔබ රාත්‍රියේ ගමන් ගනු. නියත වශයෙන්ම නුඹලා ලුහුබඳිනු ලබන්නෝය.”
වාක්‍යය :
24
وَٱتۡرُكِ ٱلۡبَحۡرَ رَهۡوًاۖ إِنَّهُمۡ جُندٞ مُّغۡرَقُونَ
තවද “මුහුද ඒ අයුරින්ම (පැළී විවර ව) තිබෙන්නට ඔබ හරිනු. නියත වශයෙන්ම ඔවුහු ගිල්වනු ලබන සේනාවකි.”
වාක්‍යය :
25
كَمۡ تَرَكُواْ مِن جَنَّٰتٖ وَعُيُونٖ
ඔවුහු උයන් වතු හා දිය උල්පත් කොපමණක් අතහැර දමා ගියෝ ද?
වාක්‍යය :
26
وَزُرُوعٖ وَمَقَامٖ كَرِيمٖ
තවද කෙත්යායන් හා ගෞරවනීය ස්ථාන ද
වාක්‍යය :
27
وَنَعۡمَةٖ كَانُواْ فِيهَا فَٰكِهِينَ
තවද එහි සතුටු විඳින්නන් ලෙස සිටි සැප සම්පත් ද (අතහැර දමා ගියෝ ද?)
වාක්‍යය :
28
كَذَٰلِكَۖ وَأَوۡرَثۡنَٰهَا قَوۡمًا ءَاخَرِينَ
එලෙසය! අපි වෙනත් පිරිසකට ඒවා උරුම කළෙමු.
වාක්‍යය :
29
فَمَا بَكَتۡ عَلَيۡهِمُ ٱلسَّمَآءُ وَٱلۡأَرۡضُ وَمَا كَانُواْ مُنظَرِينَ
එවිට අහස හා මහපොළොව ඔවුන් ගැන කඳුළු සැළුවේ නැත. තවද ඔවුහු කල් දෙනු ලබන්නන් නොවූවෝය.
වාක්‍යය :
30
وَلَقَدۡ نَجَّيۡنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ مِنَ ٱلۡعَذَابِ ٱلۡمُهِينِ
තවද ඉස්රාඊල් දරුවන් නින්දිත දඬුවමින් සැබැවින්ම අපි මුදවා ගත්තෙමු.
වාක්‍යය :
31
مِن فِرۡعَوۡنَۚ إِنَّهُۥ كَانَ عَالِيٗا مِّنَ ٱلۡمُسۡرِفِينَ
ෆිර්අවුන්ගෙන් (අපි මුදවා ගත්තෙමු). නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් අතරින් උද්දච්ච අයෙකු විය.
වාක්‍යය :
32
وَلَقَدِ ٱخۡتَرۡنَٰهُمۡ عَلَىٰ عِلۡمٍ عَلَى ٱلۡعَٰلَمِينَ
තවද දැනුවත්ව ම ලෝවැසියනට වඩා සැබැවින්ම අපි ඔවුන් තෝරා ගත්තෙමු.
වාක්‍යය :
33
وَءَاتَيۡنَٰهُم مِّنَ ٱلۡأٓيَٰتِ مَا فِيهِ بَلَٰٓؤٞاْ مُّبِينٌ
තවද සංඥාවන් අපි ඔවුනට පිරිනැමුවෙමු. එහි පැහැදිලි පරීක්ෂණයක් විය.
වාක්‍යය :
34
إِنَّ هَٰٓؤُلَآءِ لَيَقُولُونَ
නියත වශයෙන්ම මොවුහු මෙසේ පවසති.
වාක්‍යය :
35
إِنۡ هِيَ إِلَّا مَوۡتَتُنَا ٱلۡأُولَىٰ وَمَا نَحۡنُ بِمُنشَرِينَ
“මෙය අපගේ මුල් මරණය මිස නැත. තවද අපි නැවත නැගිටුවනු ලබන්නන් නොවෙමු.”
වාක්‍යය :
36
فَأۡتُواْ بِـَٔابَآئِنَآ إِن كُنتُمۡ صَٰدِقِينَ
එසේ නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් අපගේ මුතුන් මිත්තන් නුඹලා නැවත ගෙන එනු.”
වාක්‍යය :
37
أَهُمۡ خَيۡرٌ أَمۡ قَوۡمُ تُبَّعٖ وَٱلَّذِينَ مِن قَبۡلِهِمۡ أَهۡلَكۡنَٰهُمۡۚ إِنَّهُمۡ كَانُواْ مُجۡرِمِينَ
ශ්‍රේෂ්ඨ වනුයේ ඔවුන් ද එසේ නැතහොත් තුබ්බඃ ජනයා හා ඔවුනට පෙර සිටියවුන් ද? අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන්ම ඔවුහු අපරාධකරුවන් වූවෝය.
වාක්‍යය :
38
وَمَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا لَٰعِبِينَ
තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද සෙල්ලමට අපි නොමැව්වෙමු.
වාක්‍යය :
39
مَا خَلَقۡنَٰهُمَآ إِلَّا بِٱلۡحَقِّ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ
ඒ දෙක සත්‍යයෙන් යුතු ව මිස අපි නොමැව්වෙමු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.