වාක්‍යය :
32
وَمِنۡ ءَايَٰتِهِ ٱلۡجَوَارِ فِي ٱلۡبَحۡرِ كَٱلۡأَعۡلَٰمِ
තවද මහා කඳු මෙන් මුහුදෙහි ගමන් කරන යාත්‍රාද ඔහුගේ සංඥා අතරිනි.
වාක්‍යය :
33
إِن يَشَأۡ يُسۡكِنِ ٱلرِّيحَ فَيَظۡلَلۡنَ رَوَاكِدَ عَلَىٰ ظَهۡرِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّكُلِّ صَبَّارٖ شَكُورٍ
ඔහු අභිමත කරන්නේ නම් සුළඟ නවතාලයි. එවිට ඒ (මුහුද) මතු පිට ඒවා නිසංසල බවට පත් වනු ඇත. නියත වශයෙන්ම අධික ලෙස ගුණගරුක මහත් සේ ඉවසිලිවන්ත සියල්ලන් හට එහි සංඥා ඇත.
වාක්‍යය :
34
أَوۡ يُوبِقۡهُنَّ بِمَا كَسَبُواْ وَيَعۡفُ عَن كَثِيرٖ
එසේ නැතහොත් ඔවුන් (පාපතරයින්) උපයා ගත් දෑ හේතුවෙන් ඔහු ඒවා විනාශ කර දමනු ඇත. තවද ඔහු (පාපකම් අතරින්) බොහෝ දෑට සමාව දෙයි.
වාක්‍යය :
35
وَيَعۡلَمَ ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِنَا مَا لَهُم مِّن مَّحِيصٖ
තවද අපගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන් ගැන ඔහු දනී. ඔවුනට පලායන කිසිදු ස්ථානයක් නැත.
වාක්‍යය :
36
فَمَآ أُوتِيتُم مِّن شَيۡءٖ فَمَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَمَا عِندَ ٱللَّهِ خَيۡرٞ وَأَبۡقَىٰ لِلَّذِينَ ءَامَنُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ
එහෙයින් නුඹලාට යමක් දෙනු ලැබුවේ නම් එය මෙලොව ජීවිතයේ භුක්ති විඳීමකි. නමුත් දේවත්වය විශ්වාස කොට ඔවුන්ගේ පරමාධිපති වෙත සියල්ල භාර කරන අයට අල්ලාහ් අබියස ඇති දෑ ශ්‍රේෂ්ඨය. තවද එය සදා පවතින්නකි.
වාක්‍යය :
37
وَٱلَّذِينَ يَجۡتَنِبُونَ كَبَٰٓئِرَ ٱلۡإِثۡمِ وَٱلۡفَوَٰحِشَ وَإِذَا مَا غَضِبُواْ هُمۡ يَغۡفِرُونَ
තවද ඔවුන් වනාහි බරපතළ පාපයන්ගෙන් හා අශීලාචාර දැයින් වැළකි සිටින්නන් වෙති. තවද කෝප වූ විට සමාව දෙන්නෝ ඔවුහුමය.
වාක්‍යය :
38
وَٱلَّذِينَ ٱسۡتَجَابُواْ لِرَبِّهِمۡ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَأَمۡرُهُمۡ شُورَىٰ بَيۡنَهُمۡ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිට පිළිතුරු දුන් අය වෙති. තවද සලාතය විධිමත් ව ඉටු කළ අය වෙති. තවද ඔවුන්ගේ කරුණු ඔවුන් අතර සාකච්ඡා මත පවතී. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති.
වාක්‍යය :
39
وَٱلَّذِينَ إِذَآ أَصَابَهُمُ ٱلۡبَغۡيُ هُمۡ يَنتَصِرُونَ
තවද ඔවුන් වනාහි ඔවුනට අසාධාරණයක් සිදු වූ විට ඔවුහු උදව් ලබන්නෝ වෙති.
වාක්‍යය :
40
وَجَزَٰٓؤُاْ سَيِّئَةٖ سَيِّئَةٞ مِّثۡلُهَاۖ فَمَنۡ عَفَا وَأَصۡلَحَ فَأَجۡرُهُۥ عَلَى ٱللَّهِۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلظَّٰلِمِينَ
තවද නපුරට ප්‍රතිවිපාකය ඒ හා සමාන නපුරකි. එහෙයින් කවරෙකු සමාව දී සමාදානව කටයුතු කළේ ද එවිට ඔහුගේ ප්‍රතිඵලය අල්ලාහ් මත ය. නියත වශයෙන්ම ඔහු අපරාධකරුවන් ප්‍රිය නොකරයි.
වාක්‍යය :
41
وَلَمَنِ ٱنتَصَرَ بَعۡدَ ظُلۡمِهِۦ فَأُوْلَٰٓئِكَ مَا عَلَيۡهِم مِّن سَبِيلٍ
තවද කවරෙකු තමාට සිදු වූ අපරාධයෙන් පසු ව උදව් ලැබුවේ ද එවිට ඔවුනට එරෙහි ව කිසිදු මාර්ගයක් නැත්තෝ ඔවුහුමය.
වාක්‍යය :
42
إِنَّمَا ٱلسَّبِيلُ عَلَى ٱلَّذِينَ يَظۡلِمُونَ ٱلنَّاسَ وَيَبۡغُونَ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّۚ أُوْلَٰٓئِكَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ
නියත වශයෙන්ම ක්‍රියාමාර්ගය (ගත යුතුව) ඇත්තේ ජනයාට අපරාධ කරමින් යුක්තියෙන් තොර ව මහපොළොවේ සීමාව ඉක්මවා කටයුතු කරන්නන්ට එරෙහිව පමණය. වේදනීය දඬුවමක් ඇත්තෝ ඔවුහුමය.
වාක්‍යය :
43
وَلَمَن صَبَرَ وَغَفَرَ إِنَّ ذَٰلِكَ لَمِنۡ عَزۡمِ ٱلۡأُمُورِ
තවද කවරෙකු ඉවසා සමාව දුන්නේ ද නියත වශයෙන්ම එය ස්ථාවර කටයුතු අතරිනි.
වාක්‍යය :
44
وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن وَلِيّٖ مِّنۢ بَعۡدِهِۦۗ وَتَرَى ٱلظَّٰلِمِينَ لَمَّا رَأَوُاْ ٱلۡعَذَابَ يَقُولُونَ هَلۡ إِلَىٰ مَرَدّٖ مِّن سَبِيلٖ
තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට (අල්ලාහ් වන) ඔහුගෙන් පසු ව කිසිදු භාරකරුවකු ඔහුට නැත. තවද අපරාධකරුවන් දඬුවම දුටු කල්හි ‘මිදීමට මගක් ඇත්දැ?’යි විමසා සිටිනු නුඹ දකිනු ඇත.