වාක්‍යය :
1
إِذَا زُلۡزِلَتِ ٱلۡأَرۡضُ زِلۡزَالَهَا
මහපොළොව බලවත් කම්පනයෙන් කම්පනය කරනු ලැබූ විට,
වාක්‍යය :
2
وَأَخۡرَجَتِ ٱلۡأَرۡضُ أَثۡقَالَهَا
මහපොළොව එහි ඇති බර බැහැර කළ විට,
වාක්‍යය :
3
وَقَالَ ٱلۡإِنسَٰنُ مَا لَهَا
තවද එයට කුමක් වී ඇත්දැ යි මිනිසා පවසයි.
වාක්‍යය :
4
يَوۡمَئِذٖ تُحَدِّثُ أَخۡبَارَهَا
එදින එය එහි තොරතුරු පිළිබඳ දන්වා සිටියි.
වාක්‍යය :
5
بِأَنَّ رَبَّكَ أَوۡحَىٰ لَهَا
සැබැවින්ම නුඹේ පරමාධිපති එයට දැනුම් දුන් බවට,
වාක්‍යය :
6
يَوۡمَئِذٖ يَصۡدُرُ ٱلنَّاسُ أَشۡتَاتٗا لِّيُرَوۡاْ أَعۡمَٰلَهُمۡ
එදින තම ක්‍රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි.
වාක්‍යය :
7
فَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٍ خَيۡرٗا يَرَهُۥ
එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී.
වාක්‍යය :
8
وَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٖ شَرّٗا يَرَهُۥ
කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී.