වාක්‍යය :
1
وَٱلۡعَٰدِيَٰتِ ضَبۡحٗا
හති දමමින් වේගයෙන් දිව යන්නන් මත දිවුරමින්,
වාක්‍යය :
2
فَٱلۡمُورِيَٰتِ قَدۡحٗا
කුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන්නන් මත ද,
වාක්‍යය :
3
فَٱلۡمُغِيرَٰتِ صُبۡحٗا
තවද අලුයමෙහි ආක්‍රමණය කරන්නන් මත ද (දිවුරමින්.)
වාක්‍යය :
4
فَأَثَرۡنَ بِهِۦ نَقۡعٗا
එවිට එමගින් උන් දූවිලි නංවති.
වාක්‍යය :
5
فَوَسَطۡنَ بِهِۦ جَمۡعًا
කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති.
වාක්‍යය :
6
إِنَّ ٱلۡإِنسَٰنَ لِرَبِّهِۦ لَكَنُودٞ
නියත වශයෙන්ම මිනිසා තම පරමාධිපතිට ගුණමකුය.
වාක්‍යය :
7
وَإِنَّهُۥ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٞ
තවද ඇත්තෙන්ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ.
වාක්‍යය :
8
وَإِنَّهُۥ لِحُبِّ ٱلۡخَيۡرِ لَشَدِيدٌ
තවද ඇත්තෙන්ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ.
වාක්‍යය :
9
۞ أَفَلَا يَعۡلَمُ إِذَا بُعۡثِرَ مَا فِي ٱلۡقُبُورِ
නමුත් මිනීවළවල් තුළ ඇති දෑ පිට කරනු ලබන වග ඔහු නොදන්නේ ද?