වාක්‍යය :
1
وَيۡلٞ لِّكُلِّ هُمَزَةٖ لُّمَزَةٍ
දොස් නගමින් නින්දා බස් කියන, අපහාස කරමින් කේළාම් කියන සෑම කෙනෙකුටම විනාශය අත් වේවා!
වාක්‍යය :
2
ٱلَّذِي جَمَعَ مَالٗا وَعَدَّدَهُۥ
ඔහු ධනය රැස් කොට එය ගණන් කරමින් සිටි අයෙකි.
වාක්‍යය :
3
يَحۡسَبُ أَنَّ مَالَهُۥٓ أَخۡلَدَهُۥ
නියත වශයෙන්ම ඔහුගේ ධනය ඔහු ව සදාකල් ජීවත් කරවනු ඇතැ යි ඔහු සිතනු ඇත.
වාක්‍යය :
4
كَلَّاۖ لَيُنۢبَذَنَّ فِي ٱلۡحُطَمَةِ
එසේ නොව සැබැවින්ම ඔහු හුතමාවෙ හි හෙළනු ලබයි.
වාක්‍යය :
5
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحُطَمَةُ
හුතමා ව යනු කුමක්දැ යි නුඹව දැනුවත් කළේ කුමක්ද?
වාක්‍යය :
6
نَارُ ٱللَّهِ ٱلۡمُوقَدَةُ
එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්නය.
වාක්‍යය :
7
ٱلَّتِي تَطَّلِعُ عَلَى ٱلۡأَفۡـِٔدَةِ
එය හදවත් වෙත ළඟා වෙයි.
වාක්‍යය :
8
إِنَّهَا عَلَيۡهِم مُّؤۡصَدَةٞ
සැබැවින්ම එය ඔවුන් වට කර ගන්නකි.
වාක්‍යය :
9
فِي عَمَدٖ مُّمَدَّدَةِۭ
උස් කුලුනු තුළ (හිරකර).