වාක්‍යය :
1
وَٱلضُّحَىٰ
පෙරවරු ව මත දිවුරමින්,
වාක්‍යය :
2
وَٱلَّيۡلِ إِذَا سَجَىٰ
තවද රාත්‍රිය (දහවල) ආවරණය කරන විට, ඒ මත දිවුරමින්,
වාක්‍යය :
3
مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ
නුඹගේ පරමාධිපති නුඹ ව අතහැර දැමුවේ නැත. එමෙන්ම ඔහු අමනාප වූයේ ද නැත.
වාක්‍යය :
4
وَلَلۡأٓخِرَةُ خَيۡرٞ لَّكَ مِنَ ٱلۡأُولَىٰ
සැබැවින්ම, ආරම්භයට වඩා අවසානය නුඹට වඩාත් යහපත් ය.
වාක්‍යය :
5
وَلَسَوۡفَ يُعۡطِيكَ رَبُّكَ فَتَرۡضَىٰٓ
තවද නුඹගේ පරමාධිපති නුඹට මතුවට පිරිනමනු ඇත. එවිට නුඹ තෘප්තියට පත් වනු ඇත.
වාක්‍යය :
6
أَلَمۡ يَجِدۡكَ يَتِيمٗا فَـَٔاوَىٰ
ඔහු නුඹ ව අනාථයෙකු ලෙස දැක නුඹට රැකවරණය නොදුන්නේද?
වාක්‍යය :
7
وَوَجَدَكَ ضَآلّٗا فَهَدَىٰ
තවද නුඹ ව අතරමං වූවෙකු ලෙස දැක පසුව ඔහු මඟ පෙන්වීය.
වාක්‍යය :
8
وَوَجَدَكَ عَآئِلٗا فَأَغۡنَىٰ
තවද ඔහු නුඹ ව අවශ්‍යතාව ඇත්තෙකු ලෙස දැක පසුව ඔහු ස්වයංපෝෂිත කළේය.
වාක්‍යය :
9
فَأَمَّا ٱلۡيَتِيمَ فَلَا تَقۡهَرۡ
එහෙයින් අනාථයාට කටුක ලෙස නොසළකනු.
වාක්‍යය :
10
وَأَمَّا ٱلسَّآئِلَ فَلَا تَنۡهَرۡ
තවද අයදින්නා ව පලවා නොහරිනු.
වාක්‍යය :
11
وَأَمَّا بِنِعۡمَةِ رَبِّكَ فَحَدِّثۡ
තවද නුඹගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන නුඹ ප්‍රකාශ කරනු.