වාක්‍යය :
1
وَٱلشَّمۡسِ وَضُحَىٰهَا
හිරු හා එහි ප්‍රභාව මත දිවුරමින්.
වාක්‍යය :
2
وَٱلۡقَمَرِ إِذَا تَلَىٰهَا
එය පසුපසින් හඹා යන සඳු මත ද දිවුරමින්.
වාක්‍යය :
3
وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا
දහවල එය ඔප් නංවන විට එය මත ද දිවුරමින්.
වාක්‍යය :
4
وَٱلَّيۡلِ إِذَا يَغۡشَىٰهَا
රාත්‍රිය එය ආවරණය කරන විට එය මත ද දිවුරමින්.
වාක්‍යය :
5
وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا
අහස හා එය ගොඩ නැගූ අය මත ද දිවුරමින්.
වාක්‍යය :
6
وَٱلۡأَرۡضِ وَمَا طَحَىٰهَا
පොළොව හා එය ව්‍යාප්ත කළ අය මත ද දිවුරමින්.
වාක්‍යය :
7
وَنَفۡسٖ وَمَا سَوَّىٰهَا
ආත්මය හා එය සැකසූ අය මත ද දිවුරමින්,
වාක්‍යය :
8
فَأَلۡهَمَهَا فُجُورَهَا وَتَقۡوَىٰهَا
ඔහු එ(ම ආත්ම)යට එහි නපුර ද එහි ධාර්මිකතාව ද ප්‍රවේශ කළේය.
වාක්‍යය :
9
قَدۡ أَفۡلَحَ مَن زَكَّىٰهَا
සැබැවින්ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්‍ර කර ගත්තේ ද ඔහු ජය ලැබීය.
වාක්‍යය :
10
وَقَدۡ خَابَ مَن دَسَّىٰهَا
තවද සැබැවින්ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය.
වාක්‍යය :
11
كَذَّبَتۡ ثَمُودُ بِطَغۡوَىٰهَآ
සමූද් ජනයා තම සීමා ඉක්මවා යමින් බොරු කළෝය.
වාක්‍යය :
12
إِذِ ٱنۢبَعَثَ أَشۡقَىٰهَا
ඔවුන්ගේ අභාග්‍යවන්තයා නැගී සිටි විට,
වාක්‍යය :
13
فَقَالَ لَهُمۡ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقۡيَٰهَا
මෙය අල්ලාහ්ගේ ඔටු දෙනයි. තවද උගේ පැන් බොන ස්ථානයයි යැයි අල්ලාහ්ගේ දූතයා ඔවුනට පැවසුවේය.
වාක්‍යය :
14
فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمۡدَمَ عَلَيۡهِمۡ رَبُّهُم بِذَنۢبِهِمۡ فَسَوَّىٰهَا
එවිට ඔවුහු ඔහු ව බොරු කළෝය. පසුව උගේ නහර කපා දැමුවෝය. එබැවින් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ පාපය හේතුවෙන් ඔවුන් මත වේදනාව පහළ කර සුනු විසුනු කළේය. එමෙන්ම ඔවුන් ව සමතලා කර දැමුවේය.
වාක්‍යය :
15
وَلَا يَخَافُ عُقۡبَٰهَا
තවද එහි අවසානය ගැන ඔහු බියවන්නේ නැත.