ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය

Sinhalese translation

Scan the qr code to link to this page

سورة المدثر - සූරා අල්-මුද්දස්සිර්

පිටු අංක

වාක්‍යය

නියමිත පාඨයේ ප්‍රදර්ශනය
සීමා තීරයේ ප්‍රදර්ශනය

වාක්‍යය : 1
يَٰٓأَيُّهَا ٱلۡمُدَّثِّرُ
අහෝ පොරවා ගෙන සිටින්නාණනි!
වාක්‍යය : 2
قُمۡ فَأَنذِرۡ
නුඹ නැගී සිට, අවවාද කරනු.
වාක්‍යය : 3
وَرَبَّكَ فَكَبِّرۡ
තවද නුඹගේ පරමාධිපතිව උත්කෘෂ්ට කරනු.
වාක්‍යය : 4
وَثِيَابَكَ فَطَهِّرۡ
තවද නුඹගේ වස්ත්‍රය පිරිසිදු කරනු.
වාක්‍යය : 5
وَٱلرُّجۡزَ فَٱهۡجُرۡ
තවද කිලිට්ටෙන් වළකිනු.
වාක්‍යය : 6
وَلَا تَمۡنُن تَسۡتَكۡثِرُ
නුඹ අධික වශයෙන් ලබන්නට බලාපොරොත්තු වී උපකාර නොකරනු.
වාක්‍යය : 7
وَلِرَبِّكَ فَٱصۡبِرۡ
තවද නුඹේ පරමාධිපති වෙනුවෙන් නුඹ ඉවසනු.
වාක්‍යය : 8
فَإِذَا نُقِرَ فِي ٱلنَّاقُورِ
හොරණෑවෙහි හඬ නිකුත් කරනු ලැබූ විට;
වාක්‍යය : 9
فَذَٰلِكَ يَوۡمَئِذٖ يَوۡمٌ عَسِيرٌ
එය දුෂ්කර දිනයක් වනු ඇත.
වාක්‍යය : 10
عَلَى ٱلۡكَٰفِرِينَ غَيۡرُ يَسِيرٖ
දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට එදින පහසු නොවනු ඇත.
වාක්‍යය : 11
ذَرۡنِي وَمَنۡ خَلَقۡتُ وَحِيدٗا
මා හා මා මැවූ අය නුඹ තනි ව අත හැර දමනු.
වාක්‍යය : 12
وَجَعَلۡتُ لَهُۥ مَالٗا مَّمۡدُودٗا
තවද මම ඔහුට බොහෝ සේ ධනය ඇති කර දුනිමි.
වාක්‍යය : 13
وَبَنِينَ شُهُودٗا
ඔහු සමඟ වන දරුවන් ද (ඇති කර දුනිමි.)
වාක්‍යය : 14
وَمَهَّدتُّ لَهُۥ تَمۡهِيدٗا
තවද (සියල්ල) පහසු කරමින් මම ඔහුට දිගු හැර දුනිමි.
වාක්‍යය : 15
ثُمَّ يَطۡمَعُ أَنۡ أَزِيدَ
පසු ව ද මම වැඩියෙන් දිය යුතු යැයි ඔහු ප්‍රිය කරන්නේය.
වාක්‍යය : 16
كَلَّآۖ إِنَّهُۥ كَانَ لِأٓيَٰتِنَا عَنِيدٗا
එසේ නොව; නියත වශයෙන්ම ඔහු අපගේ වදන් වලට විරුද්ධ විය.
වාක්‍යය : 17
سَأُرۡهِقُهُۥ صَعُودًا
ඔහුට දරුණු දඬුවමක් මම මතු පටවන්නෙමි.

වාක්‍යය : 18
إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ
නියත වශයෙන්ම ඔහු කල්පනා කොට සැලසුම් යෙදුවේය.
වාක්‍යය : 19
فَقُتِلَ كَيۡفَ قَدَّرَ
ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද?
වාක්‍යය : 20
ثُمَّ قُتِلَ كَيۡفَ قَدَّرَ
පසු ව ද ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද?
වාක්‍යය : 21
ثُمَّ نَظَرَ
පසු ව ඔහු අධීක්ෂණය කර බැලීය.
වාක්‍යය : 22
ثُمَّ عَبَسَ وَبَسَرَ
පසු ව ඔහු රවා කිපුණේය.
වාක්‍යය : 23
ثُمَّ أَدۡبَرَ وَٱسۡتَكۡبَرَ
පසු ව ඔහු පිටු පා උඩඟු විය.
වාක්‍යය : 24
فَقَالَ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ يُؤۡثَرُ
එවිට මෙය දන්වනු ලැබූ හූනියමක් මිස නැතැයි ඔහු පැවසුවේය.
වාක්‍යය : 25
إِنۡ هَٰذَآ إِلَّا قَوۡلُ ٱلۡبَشَرِ
මෙය මිනිසාගේ ප්‍රකාශයක් මිස නැතැයි (ඔහු පැවසුවේය.)
වාක්‍යය : 26
سَأُصۡلِيهِ سَقَرَ
මම ඔහු සකර්(නම් නිරය)ට මතු ඇතුළත් කරමි.
වාක්‍යය : 27
وَمَآ أَدۡرَىٰكَ مَا سَقَرُ
සකර් යනු කුමක්දැ?යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
වාක්‍යය : 28
لَا تُبۡقِي وَلَا تَذَرُ
එය (කිසිවක්) ඉතිරි නොකරයි. තවද අත් හැර නොදමයි.
වාක්‍යය : 29
لَوَّاحَةٞ لِّلۡبَشَرِ
සම දැඩි ලෙස දවාලන්නකි.
වාක්‍යය : 30
عَلَيۡهَا تِسۡعَةَ عَشَرَ
ඒ මත දහනව දෙනෙකි.
වාක්‍යය : 31
وَمَا جَعَلۡنَآ أَصۡحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَٰٓئِكَةٗۖ وَمَا جَعَلۡنَا عِدَّتَهُمۡ إِلَّا فِتۡنَةٗ لِّلَّذِينَ كَفَرُواْ لِيَسۡتَيۡقِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَيَزۡدَادَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِيمَٰنٗا وَلَا يَرۡتَابَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡمُؤۡمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَمَا يَعۡلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَۚ وَمَا هِيَ إِلَّا ذِكۡرَىٰ لِلۡبَشَرِ
නිරයේ සගයින් ලෙස මලක්වරුන් මිස (වෙනත් අය) අපි පත් නොකළෙමු. දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට මොවුන්ගේ සංඛ්‍යාව පරීක්ෂණයක් ලෙසින් මිස අපි පත් නොකළෙමු. එය ධර්ම ග්‍රන්ථ දෙනු ලැබූවන් ස්ථාවරත්වයට පත් වනු පිණිසත්ය. තවද දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය වර්ධනය කරනු පිණිසත් ධර්ම ග්‍රන්ථ දෙනු ලැබූවන් හා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් සැක නොකරනු පිණිසත්ය. එමෙන්ම "මෙමගින් උපමාවක් ලෙසින් අල්ලාහ් අදහස් කරනුයේ කුමක්දැ"යි තම සිත් තුළ රෝග ඇතිවුන් හා දෙවියන් ගැන ප්‍රතික්ෂේප කළවුන් පවසනු පිණිසත්ය. එලෙස අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යවයි. තවද තමන් අභිමත කරන අයට මග පෙන්වයි. නුඹගේ පරමාධිපතිගේ සේනාව ගැන ඔහු හැර වෙනත් කිසිවෙක් නොදනී. මෙය මිනිසුනට මෙනෙහි කිරීමක් මිස නැත.
වාක්‍යය : 32
كَلَّا وَٱلۡقَمَرِ
එසේ නොව, සඳු මත දිවුරමින්.
වාක්‍යය : 33
وَٱلَّيۡلِ إِذۡ أَدۡبَرَ
රාත්‍රිය ගෙවී යන විට එය මත දිවුරමින්.
වාක්‍යය : 34
وَٱلصُّبۡحِ إِذَآ أَسۡفَرَ
අරුණෝදය උදා වන විට එය මත දිවුරමින්.
වාක්‍යය : 35
إِنَّهَا لَإِحۡدَى ٱلۡكُبَرِ
නියත වශයෙන්ම එය (නිරය) බලවත් කරුණු අතරින් එකකි.
වාක්‍යය : 36
نَذِيرٗا لِّلۡبَشَرِ
මිනිසාට අනතුරු අඟවන්නක් වශයෙනි.
වාක්‍යය : 37
لِمَن شَآءَ مِنكُمۡ أَن يَتَقَدَّمَ أَوۡ يَتَأَخَّرَ
එය නුඹලා අතුරින් පෙරට යාමට හෝ පසුබැස රැඳෙන්නට කැමති අය වෙනුවෙනි.
වාක්‍යය : 38
كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ رَهِينَةٌ
සෑම ආත්මයක්ම තමන් උපයා ගත් දෑ වෙනුවෙන් ඇපකරුවෙකු ලෙස සිටින්නේය.
වාක්‍යය : 39
إِلَّآ أَصۡحَٰبَ ٱلۡيَمِينِ
නමුත් දකුණුපස ජනයා හැර.
වාක්‍යය : 40
فِي جَنَّٰتٖ يَتَسَآءَلُونَ
ඔවුන් ස්වර්ග උයන් මත සිට විමසති.
වාක්‍යය : 41
عَنِ ٱلۡمُجۡرِمِينَ
වැරදි කරුවන්ගෙන්;
වාක්‍යය : 42
مَا سَلَكَكُمۡ فِي سَقَرَ
"නුඹලා ව සකර් තුළට ගෙන ආවේ කුමක්ද?"
වාක්‍යය : 43
قَالُواْ لَمۡ نَكُ مِنَ ٱلۡمُصَلِّينَ
"අපි සලාත් ඉටු කරන්නන් අතුරින් නොවූයෙමු" යැයි ඔවුහු පැවසූහ.
වාක්‍යය : 44
وَلَمۡ نَكُ نُطۡعِمُ ٱلۡمِسۡكِينَ
තවද අපි දිළිඳුන්ට ආහාර සපයමින් නොසිටියෙමු.
වාක්‍යය : 45
وَكُنَّا نَخُوضُ مَعَ ٱلۡخَآئِضِينَ
"(නිෂ්ඵල කටයුතු වල) ගිලී සිටින්නන් සමග අපද ගිලී සිටියෙමු".
වාක්‍යය : 46
وَكُنَّا نُكَذِّبُ بِيَوۡمِ ٱلدِّينِ
තවද අපි විනිශ්චය දිනය බොරු කරමින් සිටියෙමු.
වාක්‍යය : 47
حَتَّىٰٓ أَتَىٰنَا ٱلۡيَقِينُ
ස්ථීර දෑ (මරණය) අප වෙත පැමිණෙන තෙක්.

වාක්‍යය : 48
فَمَا تَنفَعُهُمۡ شَفَٰعَةُ ٱلشَّٰفِعِينَ
එහෙයින් මැදිහත්වන්නන්ගේ මැදිහත්වීම ඔවුනට ඵලක් නොවන්නේය.
වාක්‍යය : 49
فَمَا لَهُمۡ عَنِ ٱلتَّذۡكِرَةِ مُعۡرِضِينَ
එහෙයින් ඔවුනට කුමක් වී ද? ඔවුන් මෙනෙහි කිරීම පිටුදකින්නන්ය.
වාක්‍යය : 50
كَأَنَّهُمۡ حُمُرٞ مُّسۡتَنفِرَةٞ
ඔවුන් තැති ගත් බූරුවන් මෙනි.
වාක්‍යය : 51
فَرَّتۡ مِن قَسۡوَرَةِۭ
සිංහ ගොදුරින් පලා යන.
වාක්‍යය : 52
بَلۡ يُرِيدُ كُلُّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ أَن يُؤۡتَىٰ صُحُفٗا مُّنَشَّرَةٗ
එසේ නොව දිගු හරින ලද පත්‍රිකාවන් තමන්ට ද දෙනු ලැබිය යුතු යැයි ඔවුන් අතරින් සෑම කෙනෙකුම අපේක්ෂා කරනු ඇත.
වාක්‍යය : 53
كَلَّاۖ بَل لَّا يَخَافُونَ ٱلۡأٓخِرَةَ
එසේ නොව ඔවුහු මතු ලොව පිළිබඳ බිය නොවෙති.
වාක්‍යය : 54
كَلَّآ إِنَّهُۥ تَذۡكِرَةٞ
එසේ නොව නියත වශයෙන්ම එය උපදෙසකි.
වාක්‍යය : 55
فَمَن شَآءَ ذَكَرَهُۥ
එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එයින් උපදෙස් ලබත්වා!
වාක්‍යය : 56
وَمَا يَذۡكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ هُوَ أَهۡلُ ٱلتَّقۡوَىٰ وَأَهۡلُ ٱلۡمَغۡفِرَةِ
අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුහු උපදෙස් නොලබති. ඔහු බැතිමත්කම ලබන්නට සුදුස්සාය. එමෙන්ම සමාව දායාද කරන්නට ද සුදුස්සාය.
එවීම සාර්ථකයි