ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය

Sinhalese translation

Scan the qr code to link to this page

سورة الرحمن - සූරා අර්-රහ්මාන්

පිටු අංක

වාක්‍යය

නියමිත පාඨයේ ප්‍රදර්ශනය
සීමා තීරයේ ප්‍රදර්ශනය

වාක්‍යය : 1
ٱلرَّحۡمَٰنُ
අපරිමිත දයාන්විතයාණෝ;
වාක්‍යය : 2
عَلَّمَ ٱلۡقُرۡءَانَ
ඔහු අල් කුර්ආනය ඉගැන්වීය.
වාක්‍යය : 3
خَلَقَ ٱلۡإِنسَٰنَ
ඔහු මිනිසා මැව්වේය.
වාක්‍යය : 4
عَلَّمَهُ ٱلۡبَيَانَ
ඔහු ඔහුට පැහැදිලිව කතා කිරීමට ඉගැන්වීය.
වාක්‍යය : 5
ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ بِحُسۡبَانٖ
හිරු හා සඳු නියමිත ගණනයකට අනුව පවතී.
වාක්‍යය : 6
وَٱلنَّجۡمُ وَٱلشَّجَرُ يَسۡجُدَانِ
තවද තරු හා ගස් ඔහුට සුජූද් කරති.
වාක්‍යය : 7
وَٱلسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ ٱلۡمِيزَانَ
තවද ඔහු අහස උස් කළේය. තවද තුලාව පිහිටුවේය.
වාක්‍යය : 8
أَلَّا تَطۡغَوۡاْ فِي ٱلۡمِيزَانِ
(යුක්තියේ) තුලාව නුඹලා උල්ලංඝනය නොකරනු පිණිස.
වාක්‍යය : 9
وَأَقِيمُواْ ٱلۡوَزۡنَ بِٱلۡقِسۡطِ وَلَا تُخۡسِرُواْ ٱلۡمِيزَانَ
තවද නුඹලා සාධාරණයෙන් යුතු ව තුලනය ක්‍රියාත්මක කරනු. තවද නුඹලා තුලාවෙහි අඩු නොකරනු.
වාක්‍යය : 10
وَٱلۡأَرۡضَ وَضَعَهَا لِلۡأَنَامِ
තවද මහපොළොව එය සියලු ජීවීන් සඳහා ඔහු තැබුවේ ය.
වාක්‍යය : 11
فِيهَا فَٰكِهَةٞ وَٱلنَّخۡلُ ذَاتُ ٱلۡأَكۡمَامِ
එහි පලතුරු ද කොපු සහිත රටඉඳි ගස් ද ඇත.
වාක්‍යය : 12
وَٱلۡحَبُّ ذُو ٱلۡعَصۡفِ وَٱلرَّيۡحَانُ
තවද පොතු සහිත ධාන්‍ය ද සුවඳැති පැළෑටි ද ඇත.
වාක්‍යය : 13
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 14
خَلَقَ ٱلۡإِنسَٰنَ مِن صَلۡصَٰلٖ كَٱلۡفَخَّارِ
වළන් මෙන් වියළි මැටියෙන් ඔහු මිනිසා මැව්වේය.
වාක්‍යය : 15
وَخَلَقَ ٱلۡجَآنَّ مِن مَّارِجٖ مِّن نَّارٖ
තවද ගින්නෙන් වූ දැල්ලෙන් ඔහු ජින් වර්ගයා මැව්වේය.
වාක්‍යය : 16
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

වාක්‍යය : 17
رَبُّ ٱلۡمَشۡرِقَيۡنِ وَرَبُّ ٱلۡمَغۡرِبَيۡنِ
(ඔහු) නැගෙනහිරවල් දෙකෙහි හිමිපාණන් හා බටහිරවල් දෙකෙහි හිමිපාණන්ය.
වාක්‍යය : 18
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 19
مَرَجَ ٱلۡبَحۡرَيۡنِ يَلۡتَقِيَانِ
ඔහු මුහුදු දෙක එකිනෙකට යාවන්නට හැරීය.
වාක්‍යය : 20
بَيۡنَهُمَا بَرۡزَخٞ لَّا يَبۡغِيَانِ
ඒ දෙක ඉක්මවා නොයන අයුරින් ඒ දෙක අතර බාධකයක් විය.
වාක්‍යය : 21
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 22
يَخۡرُجُ مِنۡهُمَا ٱللُّؤۡلُؤُ وَٱلۡمَرۡجَانُ
ඒ දෙකින් මුතු හා පබළු මතු වෙයි.
වාක්‍යය : 23
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 24
وَلَهُ ٱلۡجَوَارِ ٱلۡمُنشَـَٔاتُ فِي ٱلۡبَحۡرِ كَٱلۡأَعۡلَٰمِ
තවද කඳු මෙන් මුහුදෙහි උසින් ගමන් කරනු ලබන යාත්‍රා ද ඔහුට ඇත.
වාක්‍යය : 25
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 26
كُلُّ مَنۡ عَلَيۡهَا فَانٖ
ඒ (මහපොළොව) මත ඇති සියල්ල විනාශ වී යන්නක්ය.
වාක්‍යය : 27
وَيَبۡقَىٰ وَجۡهُ رَبِّكَ ذُو ٱلۡجَلَٰلِ وَٱلۡإِكۡرَامِ
තවද තේජාන්විතභාවයෙන් හා ගෞරවාන්විතභාවයෙන් යුක්ත නුඹගේ පරමාධිපතිගේ මුහුණ නිත්‍යයව පවතී.
වාක්‍යය : 28
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 29
يَسۡـَٔلُهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ كُلَّ يَوۡمٍ هُوَ فِي شَأۡنٖ
අහස්හි හා මහපොළොවෙහි සිටින්නෝ(තම අවශ්‍යතාව) ඔහුගෙන් ඉල්ලා සිටිති. සෑම දිනකම ඔහු (තම) කටයුත්තෙහි නිරත ව සිටියි.
වාක්‍යය : 30
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 31
سَنَفۡرُغُ لَكُمۡ أَيُّهَ ٱلثَّقَلَانِ
අහෝ (මිනිස් හා ජින්) දෙවර්ගයනි! අපි නුඹලා වෙනුවෙන් (විනිශ්චය සඳහා වූ කාලය) වෙන් කරන්නෙමු.
වාක්‍යය : 32
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 33
يَٰمَعۡشَرَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ إِنِ ٱسۡتَطَعۡتُمۡ أَن تَنفُذُواْ مِنۡ أَقۡطَارِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ فَٱنفُذُواْۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلۡطَٰنٖ
අහෝ ජින් හා මිනිස් සමූහයනි! අහස් හා මහපොළොවේ සීමාවන්ගෙන් පලා යෑමට නුඹලා හැකියාව දරන්නේ නම් නුඹලා පලා යනු. මහා බලයකින් මිස නුඹලා පලා නොයනු ඇත.
වාක්‍යය : 34
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 35
يُرۡسَلُ عَلَيۡكُمَا شُوَاظٞ مِّن نَّارٖ وَنُحَاسٞ فَلَا تَنتَصِرَانِ
නුඹලා (අයහපත්) දෙවර්ගයට එරෙහිව ගිනි ජාලා හා දුමාරයක් එවනු ලැබේ. එවිට නුඹලා දෙවර්ගය උදව් නොලබනු ඇත.
වාක්‍යය : 36
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 37
فَإِذَا ٱنشَقَّتِ ٱلسَّمَآءُ فَكَانَتۡ وَرۡدَةٗ كَٱلدِّهَانِ
එහෙයින් අහස පැළී ගිය විට එය තෙල් මෙන් රතු පැහැ ගැණෙනු ඇත.
වාක්‍යය : 38
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 39
فَيَوۡمَئِذٖ لَّا يُسۡـَٔلُ عَن ذَنۢبِهِۦٓ إِنسٞ وَلَا جَآنّٞ
එහෙයින් එදින මිනිසෙකු හෝ ජින්වරයෙකු හෝ ඔහුගේ පාපය ගැන විමසනු නොලබයි.
වාක්‍යය : 40
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

වාක්‍යය : 41
يُعۡرَفُ ٱلۡمُجۡرِمُونَ بِسِيمَٰهُمۡ فَيُؤۡخَذُ بِٱلنَّوَٰصِي وَٱلۡأَقۡدَامِ
වැරදි කරුවෝ ඔවුන්ගේ සලකුණු වලින් හඳුනා ගනු ලබති. එවිට ඔවුහු ඉදිරි නළල් කෙස් රොද හා පාද වලින් ග්‍රහණය කරනු ලබති.
වාක්‍යය : 42
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 43
هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِي يُكَذِّبُ بِهَا ٱلۡمُجۡرِمُونَ
වැරදි කරුවන් එය බොරු යැයි පවසන නිරය මෙය වේ.
වාක්‍යය : 44
يَطُوفُونَ بَيۡنَهَا وَبَيۡنَ حَمِيمٍ ءَانٖ
ඒ අතර හා දැඩි රශ්මීය ලෝදිය අතර ඔවුහු සැරිසරමින් සිටිති.
වාක්‍යය : 45
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 46
وَلِمَنۡ خَافَ مَقَامَ رَبِّهِۦ جَنَّتَانِ
තම පරමාධිපතිගේ සන්නිධානයේ පෙනී සිටීමට බිය වූවන්ට (ස්වර්ග) උයන් දෙකක් ඇත.
වාක්‍යය : 47
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 48
ذَوَاتَآ أَفۡنَانٖ
සාරවත් අතුවලින් යුක්ත (උයන්) දෙකකි.
වාක්‍යය : 49
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 50
فِيهِمَا عَيۡنَانِ تَجۡرِيَانِ
ඒ දෙකෙහි ගලා යන උල්පත් දෙකක් ඇත.
වාක්‍යය : 51
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 52
فِيهِمَا مِن كُلِّ فَٰكِهَةٖ زَوۡجَانِ
සෑම පලතුරකින්ම දෙවර්ගයක් බැගින් ඒ දෙකහි ඇත.
වාක්‍යය : 53
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 54
مُتَّكِـِٔينَ عَلَىٰ فُرُشِۭ بَطَآئِنُهَا مِنۡ إِسۡتَبۡرَقٖۚ وَجَنَى ٱلۡجَنَّتَيۡنِ دَانٖ
ඔවුන් ඇතිරිලි මත හාන්සි වන්නන් ලෙස සිටිති. එහි ඇතුළත (ඉස්තබ්රක් වර්ගයේ) සේද රෙද්දෙන් යුක්තය. එම උයන් දෙකෙහි පලතුරු පහළට බරවී පවතී.
වාක්‍යය : 55
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 56
فِيهِنَّ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ لَمۡ يَطۡمِثۡهُنَّ إِنسٞ قَبۡلَهُمۡ وَلَا جَآنّٞ
ඒවායෙහි දමිත බැල්මැති පිරිසිදු කන්‍යා කුමරියන් වෙති. ඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන් ස්පර්ශ කර නැත.
වාක්‍යය : 57
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 58
كَأَنَّهُنَّ ٱلۡيَاقُوتُ وَٱلۡمَرۡجَانُ
නියත වශයෙන්ම ඔවුහු මැණික් හා පබළු මෙන් වෙති.
වාක්‍යය : 59
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 60
هَلۡ جَزَآءُ ٱلۡإِحۡسَٰنِ إِلَّا ٱلۡإِحۡسَٰنُ
යහපතට යහපත මිස වෙනත් ප්‍රතිඵලයක් තිබේ ද?
වාක්‍යය : 61
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 62
وَمِن دُونِهِمَا جَنَّتَانِ
තවද ඒ දෙකට අමතරව (තවත්) උයන් දෙකකි.
වාක්‍යය : 63
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 64
مُدۡهَآمَّتَانِ
(ඒ දෙක) තද කොළ පැහැයෙන් යුක්තය.
වාක්‍යය : 65
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 66
فِيهِمَا عَيۡنَانِ نَضَّاخَتَانِ
ඒ දෙකෙහි උතුරා ගලා යන උල්පත් දෙකක් ඇත.
වාක්‍යය : 67
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

වාක්‍යය : 68
فِيهِمَا فَٰكِهَةٞ وَنَخۡلٞ وَرُمَّانٞ
ඒ දෙකෙහි පලතුරු ද රටඉඳි ද දෙළුම් ද ඇත.
වාක්‍යය : 69
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 70
فِيهِنَّ خَيۡرَٰتٌ حِسَانٞ
රූමත් යහපත් කාන්තාවෝ ඒවායෙහි වෙති.
වාක්‍යය : 71
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 72
حُورٞ مَّقۡصُورَٰتٞ فِي ٱلۡخِيَامِ
(ඔවුහු) කූඩාරම් තුළ සඟවා තබන ලද ලලනාවෝ වෙති.
වාක්‍යය : 73
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 74
لَمۡ يَطۡمِثۡهُنَّ إِنسٞ قَبۡلَهُمۡ وَلَا جَآنّٞ
ඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන් ස්පර්ශ කර නැත.
වාක්‍යය : 75
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 76
مُتَّكِـِٔينَ عَلَىٰ رَفۡرَفٍ خُضۡرٖ وَعَبۡقَرِيٍّ حِسَانٖ
(ඔවුන්) කොළ පැහැති මෙට්ට මත ද අලංකාර බුමුතුරුණු මත ද හාන්සිවන්නන් ලෙස සිටිති.
වාක්‍යය : 77
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
වාක්‍යය : 78
تَبَٰرَكَ ٱسۡمُ رَبِّكَ ذِي ٱلۡجَلَٰلِ وَٱلۡإِكۡرَامِ
තේජාන්විතභාවයෙන් හා ගෞරවාන්විතභාවයෙන් යුත් නුඹගේ පරමාධිපතිගේ නාමය අති උත්කෘෂ්ට විය.
එවීම සාර්ථකයි