ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය

Sinhalese translation

Scan the qr code to link to this page

سورة النجم - සූරා අන්-නජ්ම්

පිටු අංක

වාක්‍යය

නියමිත පාඨයේ ප්‍රදර්ශනය
සීමා තීරයේ ප්‍රදර්ශනය

වාක්‍යය : 1
وَٱلنَّجۡمِ إِذَا هَوَىٰ
තවද වැටී (සැඟවී) යන තරු මත දිවුරමින්;
වාක්‍යය : 2
مَا ضَلَّ صَاحِبُكُمۡ وَمَا غَوَىٰ
තවද නුඹලාගේ සහචරයා (වන මුහම්මද්) මුළා නොවීය. තවද ඔහු නොමග නොගියේය.
වාක්‍යය : 3
وَمَا يَنطِقُ عَنِ ٱلۡهَوَىٰٓ
තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නොකරයි.
වාක්‍යය : 4
إِنۡ هُوَ إِلَّا وَحۡيٞ يُوحَىٰ
එය හෙළි දරව් කරන ලද දිව්‍ය පණිවිඩ මිස නැත.
වාක්‍යය : 5
عَلَّمَهُۥ شَدِيدُ ٱلۡقُوَىٰ
අති බලවත් කෙනෙකු (වන ජිබ්රීල්) එය ඉගැන්වීය.
වාක්‍යය : 6
ذُو مِرَّةٖ فَٱسۡتَوَىٰ
(ඔහු අලංකාර) පරිපූර්ණ හැඩයෙන් යුක්ත විය. තවද ඔහු (නබි ඉදිරියේ) දිස් විය.
වාක්‍යය : 7
وَهُوَ بِٱلۡأُفُقِ ٱلۡأَعۡلَىٰ
තවද ඔහු ඉහළම ක්‍ෂිතිජයෙහි විය.
වාක්‍යය : 8
ثُمَّ دَنَا فَتَدَلَّىٰ
පසු ව ඔහු පහළට පැමිණ (ඔහු) අසළටම පැමිණියේය.
වාක්‍යය : 9
فَكَانَ قَابَ قَوۡسَيۡنِ أَوۡ أَدۡنَىٰ
එවිට ඔහු දුනු දෙකක දුර ප්‍රමාණයක හෝ ඊටත් වඩා සමීප විය.
වාක්‍යය : 10
فَأَوۡحَىٰٓ إِلَىٰ عَبۡدِهِۦ مَآ أَوۡحَىٰ
එවිට (අල්ලාහ්) ඔහුට දන්වා සිටි දෑ ඔහුගේ ගැත්තාට ඔහු (ජිබ්රීල්) දන්වා සිටියේය.
වාක්‍යය : 11
مَا كَذَبَ ٱلۡفُؤَادُ مَا رَأَىٰٓ
ඔහු දුටු දෑ (ඔහුගේ) සිත බොරු නොකළේය.
වාක්‍යය : 12
أَفَتُمَٰرُونَهُۥ عَلَىٰ مَا يَرَىٰ
එහෙයින් ඔහු දුටු දෑ සම්බන්ධයෙන් නුඹලා ඔහු සමග වාද කරන්නෙහු ද?
වාක්‍යය : 13
وَلَقَدۡ رَءَاهُ نَزۡلَةً أُخۡرَىٰ
තවද, නිසැකවම ඔහු තවත් වතාවක් ඔහු (ජිබ්රීල්ව සිය සැබෑ ස්වරූපයෙන්) පහළ වනු දුටුවේය.
වාක්‍යය : 14
عِندَ سِدۡرَةِ ٱلۡمُنتَهَىٰ
සිද්රතුල් මුන්තහා (හෙවත් මායිම පිහිටි ගසක්) අබියසය.
වාක්‍යය : 15
عِندَهَا جَنَّةُ ٱلۡمَأۡوَىٰٓ
ඒ අබියස ජන්නතුල් මඃවා (හෙවත් ස්වර්ග උයන) විය.
වාක්‍යය : 16
إِذۡ يَغۡشَى ٱلسِّدۡرَةَ مَا يَغۡشَىٰ
සිද්රා ගස ආවරණය කරන දෑ ආවරණය කරන විට;
වාක්‍යය : 17
مَا زَاغَ ٱلۡبَصَرُ وَمَا طَغَىٰ
(ඔහුගේ) බැල්ම ඉවත් නොවීය. එසේම එය සීමාව ඉක්මවා නොගියේය.
වාක්‍යය : 18
لَقَدۡ رَأَىٰ مِنۡ ءَايَٰتِ رَبِّهِ ٱلۡكُبۡرَىٰٓ
තම පරමාධිපතිගේ ඉමහත් සංඥාවන් කිහිපයක් සැබැවින්ම ඔහු දුටුවේය.
වාක්‍යය : 19
أَفَرَءَيۡتُمُ ٱللَّٰتَ وَٱلۡعُزَّىٰ
ලාත් හා උzස්zසා (නමැති පිළිම) නුඹලා දුටුවෙහු ද?
වාක්‍යය : 20
وَمَنَوٰةَ ٱلثَّالِثَةَ ٱلۡأُخۡرَىٰٓ
අනෙක් තුන්වැනියා මනාත්ය.
වාක්‍යය : 21
أَلَكُمُ ٱلذَّكَرُ وَلَهُ ٱلۡأُنثَىٰ
නුඹලාට පිරිමි(දරුව)න් හා ඔහුට ගැහැනු(දරුව)න් ද?
වාක්‍යය : 22
تِلۡكَ إِذٗا قِسۡمَةٞ ضِيزَىٰٓ
එවිට එය අසාධාරණ බෙදීමකි.
වාක්‍යය : 23
إِنۡ هِيَ إِلَّآ أَسۡمَآءٞ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهۡوَى ٱلۡأَنفُسُۖ وَلَقَدۡ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلۡهُدَىٰٓ
ඒවා නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ (හිස් අර්ථ) නාමයන් මිස වෙනකක් නැත. ඒවා පිළිබඳ කිසිදු සාධකයක් අල්ලාහ් පහළ නොකළේය. ඔවුහු අනුමානය හා සිත් ආශා කරන දෑ මිස වෙනෙකක් අනුගමනය නොකරති. ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත සැබැවින්ම යහමග පැමිණ ඇත.
වාක්‍යය : 24
أَمۡ لِلۡإِنسَٰنِ مَا تَمَنَّىٰ
එසේ නැතහොත් තමන් කැමති දෑ මිනිසාට තිබේ ද?
වාක්‍යය : 25
فَلِلَّهِ ٱلۡأٓخِرَةُ وَٱلۡأُولَىٰ
එහෙත් මතු ලොව හා මෙලොව අල්ලාහ් සතුය.
වාක්‍යය : 26
۞ وَكَم مِّن مَّلَكٖ فِي ٱلسَّمَٰوَٰتِ لَا تُغۡنِي شَفَٰعَتُهُمۡ شَيۡـًٔا إِلَّا مِنۢ بَعۡدِ أَن يَأۡذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرۡضَىٰٓ
අහස්හි මලක්වරුන් කොපමණදෝ සිටින්නාහ. තමන් අභිමත කොට පිළිගත් අයට අල්ලාහ් අනුමැතිය දීමෙන් පසු ව මිස ඔවුන්ගේ මැදිහත්වීම කිසිවකින් ප්‍රයෝජනවත් නොවෙයි.

වාක්‍යය : 27
إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ لَيُسَمُّونَ ٱلۡمَلَٰٓئِكَةَ تَسۡمِيَةَ ٱلۡأُنثَىٰ
නියත වශයෙන්ම කවුරුන් මතු ලොව පිළිබඳ විශ්වාස නොකරන්නේද ඔවුන් මලක්වරුන්ට ගැහැනුන්ගේ නාමයෙන් නම් තබති.
වාක්‍යය : 28
وَمَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍۖ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّۖ وَإِنَّ ٱلظَّنَّ لَا يُغۡنِي مِنَ ٱلۡحَقِّ شَيۡـٔٗا
තවද ඒ පිළිබඳ ව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුහු අනුමානය මිස වෙනත් කිසිවක් අනුගමනය නොකරති. තවද නියත වශයෙන්ම අනුමානය සත්‍යයට එරෙහිව කිසිදු ප්‍රයෝජනයක් ලබා නොදෙයි.
වාක්‍යය : 29
فَأَعۡرِضۡ عَن مَّن تَوَلَّىٰ عَن ذِكۡرِنَا وَلَمۡ يُرِدۡ إِلَّا ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا
එහෙයින් අපව මෙනෙහි කිරීමෙන් පිටුපා මෙලොව ජීවිතය හැර වෙනෙකක් අපේක්ෂා නොකරන අය ඔබ නොසලකා හරිනු.
වාක්‍යය : 30
ذَٰلِكَ مَبۡلَغُهُم مِّنَ ٱلۡعِلۡمِۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِمَنِ ٱهۡتَدَىٰ
එය ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයයි. ඔහුගේ මාර්ගයෙන් නොමග ගියවුන් ගැන නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නාය. එමෙන්ම යහමග ලැබූවන් ගැන ද ඔහු මැනවින් දන්නාය.
වාක්‍යය : 31
وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ لِيَجۡزِيَ ٱلَّذِينَ أَسَٰٓـُٔواْ بِمَا عَمِلُواْ وَيَجۡزِيَ ٱلَّذِينَ أَحۡسَنُواْ بِٱلۡحُسۡنَى
තවද අහස් හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් සතුය. නපුරුකම් කළවුනට ඔවුන් සිදු කළ දෑ අනුව ප්‍රතිවිපාක දෙනු පිණිසත් යහපත් අයුරින් යහකම් කළවුනට ප්‍රතිඵල දෙනු පිණිසත්ය.
වාක්‍යය : 32
ٱلَّذِينَ يَجۡتَنِبُونَ كَبَٰٓئِرَ ٱلۡإِثۡمِ وَٱلۡفَوَٰحِشَ إِلَّا ٱللَّمَمَۚ إِنَّ رَبَّكَ وَٰسِعُ ٱلۡمَغۡفِرَةِۚ هُوَ أَعۡلَمُ بِكُمۡ إِذۡ أَنشَأَكُم مِّنَ ٱلۡأَرۡضِ وَإِذۡ أَنتُمۡ أَجِنَّةٞ فِي بُطُونِ أُمَّهَٰتِكُمۡۖ فَلَا تُزَكُّوٓاْ أَنفُسَكُمۡۖ هُوَ أَعۡلَمُ بِمَنِ ٱتَّقَىٰٓ
ඔවුහු වනාහි සුළු වැරදි හැර මහා පාපයන්ගෙන් හා අශීලාචාර දැයින් වැළකී සිටින්නන් වෙති. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති සමාව දීමේ දී අප්‍රමාණය. ඔහු නුඹලා මහපොළොවේ බිහි කළ විට ද නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ නුඹලා කලලයක් ලෙස සිටි විට ද නුඹලා ගැන මැනවින් දැන සිටියේ ඔහුය. එහෙයින් නුඹලා නුඹලා ගැන ම ශුද්ධවන්තයින් යැයි නොසලකනු. බිය බැතිමතුන් පිළිබඳ ව මැනවින් දන්නා ඔහුය.
වාක්‍යය : 33
أَفَرَءَيۡتَ ٱلَّذِي تَوَلَّىٰ
(සත්‍යය මාර්ගයෙන්) හැරී ගිය අයව නුඹ නොදුටුවෙහි ද?
වාක්‍යය : 34
وَأَعۡطَىٰ قَلِيلٗا وَأَكۡدَىٰٓ
තවද ඔහු ස්වල්පයක් පිරිනමා (ඉතිරිය) වළක්වා ගත්තේය.
වාක්‍යය : 35
أَعِندَهُۥ عِلۡمُ ٱلۡغَيۡبِ فَهُوَ يَرَىٰٓ
ඔහුට ගුප්ත දෑ පිළිබඳ දැනුම තිබී ඔහු දකින්නේ ද?
වාක්‍යය : 36
أَمۡ لَمۡ يُنَبَّأۡ بِمَا فِي صُحُفِ مُوسَىٰ
එසේ නැතහොත් මූසාගේ ග්‍රන්ථයේ ඇති දෑ දන්වනු නොලැබුවේ ද?
වාක්‍යය : 37
وَإِبۡرَٰهِيمَ ٱلَّذِي وَفَّىٰٓ
(ආඥාවන්) පූර්ණ ව ඉටු කළ ඉබ්රාහීම්ගේ ග්‍රන්ථයේ ඇති දෑ (දන්වනු නොලැබුවේ ද?)
වාක්‍යය : 38
أَلَّا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰ
එනම්, බර උසුලන්නා තවකෙකුගේ බර උසුළන්නේ නැත.
වාක්‍යය : 39
وَأَن لَّيۡسَ لِلۡإِنسَٰنِ إِلَّا مَا سَعَىٰ
තවද මිනිසාට ඔහු උත්සාහ කළ දෑ හැර වෙන කසිවක් නොමැත.
වාක්‍යය : 40
وَأَنَّ سَعۡيَهُۥ سَوۡفَ يُرَىٰ
තවද නියත වශයෙන්ම ඔහුගේ උත්සාහය මතු පෙන්වනු ලැබේ.
වාක්‍යය : 41
ثُمَّ يُجۡزَىٰهُ ٱلۡجَزَآءَ ٱلۡأَوۡفَىٰ
පසු ව පූර්ණවත් ප්‍රතිඵල ඔහුට පිරිනමනු ලබන්නේය. (යනුවෙන් මූසා හා ඉබ්රාහීම්ගේ ග්‍රන්ථයේ විය.)
වාක්‍යය : 42
وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلۡمُنتَهَىٰ
තවද නියත වශයෙන්ම, අවසානයේදී (සියලු දෙනාගේ) නැවත හැරීයෑම, නුඹගේ පරමාධිපති වෙතය.
වාක්‍යය : 43
وَأَنَّهُۥ هُوَ أَضۡحَكَ وَأَبۡكَىٰ
තවද නියත වශයෙන්ම ඔහු සිනහව ඇති කරන්නේය. ඇඬීමට ද සලස්වන්නේය.
වාක්‍යය : 44
وَأَنَّهُۥ هُوَ أَمَاتَ وَأَحۡيَا
තවද නියත වශයෙන්ම ඔහු මරණයට පත් කරවන්නේය. තවද නැවත ප්‍රාණය දෙන්නේය.

වාක්‍යය : 45
وَأَنَّهُۥ خَلَقَ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰ
නියත වශයෙන්ම ඔහු ස්ත්‍රී පුරුෂ වශයෙන් යුවල මවා ඇත්තේය.
වාක්‍යය : 46
مِن نُّطۡفَةٍ إِذَا تُمۡنَىٰ
ශුක්‍රාණු බිඳුවකින්, එය විදින විට (ඔහු නුඹලාව නිර්මාණය කළේය).
වාක්‍යය : 47
وَأَنَّ عَلَيۡهِ ٱلنَّشۡأَةَ ٱلۡأُخۡرَىٰ
තවද නියත වශයෙන්ම නැවතත් නිර්මාණය කිරීම ඔහු මතය.
වාක්‍යය : 48
وَأَنَّهُۥ هُوَ أَغۡنَىٰ وَأَقۡنَىٰ
තවද නියත වශයෙන්ම ඔහු පොහොසත් කරවන්නේය. සෑහීමට පත් කරවන්නේය.
වාක්‍යය : 49
وَأَنَّهُۥ هُوَ رَبُّ ٱلشِّعۡرَىٰ
තවද නියත වශයෙන්ම ඔහු ෂිඃරා (නම් දීප්තිමත් තාරකාවෙ)හි හිමිපාණන් වේ.
වාක්‍යය : 50
وَأَنَّهُۥٓ أَهۡلَكَ عَادًا ٱلۡأُولَىٰ
තවද නියත වශයෙන්ම මුල් කාලීන ආද් ජනයා විනාශ කළේ ද ඔහුය.
වාක්‍යය : 51
وَثَمُودَاْ فَمَآ أَبۡقَىٰ
තවද සමූද් ජනයා ද (විනාශ කළේය.) එවිට ඔහු (කිසිවෙකු) ඉතිරි නොකළේය.
වාක්‍යය : 52
وَقَوۡمَ نُوحٖ مِّن قَبۡلُۖ إِنَّهُمۡ كَانُواْ هُمۡ أَظۡلَمَ وَأَطۡغَىٰ
තවද පෙර සිටි නූහ්ගේ ජනයා ද (ඔහු විනාශ කළේය.) නියත වශයෙන්ම ඔවුහු දරුණු ලෙස අපරාධ කොට සීමාව ඉක්මවා ගිය පිරිසක් වූවෝය.
වාක්‍යය : 53
وَٱلۡمُؤۡتَفِكَةَ أَهۡوَىٰ
තවද උඩු යටිකුරු වූ නගරය ද ඔහු බිමට හෙළුවේ ය.
වාක්‍යය : 54
فَغَشَّىٰهَا مَا غَشَّىٰ
එවිට ආවරණය කළ දෑ එය ආවරණය කළේය.
වාක්‍යය : 55
فَبِأَيِّ ءَالَآءِ رَبِّكَ تَتَمَارَىٰ
එහෙයින් නුඹගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයක් නුඹ සැක කරන්නෙහි ද?
වාක්‍යය : 56
هَٰذَا نَذِيرٞ مِّنَ ٱلنُّذُرِ ٱلۡأُولَىٰٓ
මෙය පෙර පැවති අවවාද අතරින් වූ අවවාදයකි.
වාක්‍යය : 57
أَزِفَتِ ٱلۡأٓزِفَةُ
සමීප වන දෑ සමීප වී ඇත.
වාක්‍යය : 58
لَيۡسَ لَهَا مِن دُونِ ٱللَّهِ كَاشِفَةٌ
අල්ලාහ්ගෙන් තොර ව නිරාවරණය කරන්නෙකු එයට නැත.
වාක්‍යය : 59
أَفَمِنۡ هَٰذَا ٱلۡحَدِيثِ تَعۡجَبُونَ
එහෙයින් මෙම පුවත ගැන නුඹලා පුදුම වන්නෙහුද?
වාක්‍යය : 60
وَتَضۡحَكُونَ وَلَا تَبۡكُونَ
තවද නුඹලා සිනහ සෙන්නෙහුය. තවද නුඹලා නොහඬා සිටින්නෙහුය.
වාක්‍යය : 61
وَأَنتُمۡ سَٰمِدُونَ
නුඹලා ඒ ගැන නොසැලකිලිමත් වන්නෝ වෙති.
වාක්‍යය : 62
فَٱسۡجُدُواْۤ لِلَّهِۤ وَٱعۡبُدُواْ۩
එහෙයින් නුඹලා අල්ලාහ්ට සුජූද් කොට නැමදුම් කරනු.
එවීම සාර්ථකයි