ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය

Sinhalese translation

Scan the qr code to link to this page

سورة ص - සූරා සාද්

පිටු අංක

වාක්‍යය

නියමිත පාඨයේ ප්‍රදර්ශනය
සීමා තීරයේ ප්‍රදර්ශනය

වාක්‍යය : 1
صٓۚ وَٱلۡقُرۡءَانِ ذِي ٱلذِّكۡرِ
සාද්, අනුශාසනා සහිත අල් කුර්ආනය මත දිවුරමින්.
වාක්‍යය : 2
بَلِ ٱلَّذِينَ كَفَرُواْ فِي عِزَّةٖ وَشِقَاقٖ
නමුත් ප්‍රතික්ෂේප කළවුන් ගර්වයෙහි හා මතභේදයෙහිම සිටිති.
වාක්‍යය : 3
كَمۡ أَهۡلَكۡنَا مِن قَبۡلِهِم مِّن قَرۡنٖ فَنَادَواْ وَّلَاتَ حِينَ مَنَاصٖ
ඔවුනට පෙර පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමු ද? එවිට ඔවුහු විලාප නැගුවෝය. (එය) පලා යන අවස්ථාවක් නොවීය.
වාක්‍යය : 4
وَعَجِبُوٓاْ أَن جَآءَهُم مُّنذِرٞ مِّنۡهُمۡۖ وَقَالَ ٱلۡكَٰفِرُونَ هَٰذَا سَٰحِرٞ كَذَّابٌ
තවද ඔවුන් අතරින්ම අවවාද කරන්නෙකු ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුහු පුදුමයට පත් වූහ. මොහු මහා බොරුකාර හූනියම්කරුවකු” යැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පැවසීය.
වාක්‍යය : 5
أَجَعَلَ ٱلۡأٓلِهَةَ إِلَٰهٗا وَٰحِدًاۖ إِنَّ هَٰذَا لَشَيۡءٌ عُجَابٞ
දෙවිවරුන් එක් දෙවියකු බවට ඔහු පත් කළේ ද? නියත වශයෙන්ම මෙය පුදුම සහගත කරුණකි. (යැයි ඔවුහු පවසා සිටියෝය.)
වාක්‍යය : 6
وَٱنطَلَقَ ٱلۡمَلَأُ مِنۡهُمۡ أَنِ ٱمۡشُواْ وَٱصۡبِرُواْ عَلَىٰٓ ءَالِهَتِكُمۡۖ إِنَّ هَٰذَا لَشَيۡءٞ يُرَادُ
ඔවුන් අතර සිටි ප්‍රධානීහු “නුඹලා යනු. නුඹලාගේ දෙවිවරුන් මත ස්ථීර ව රැඳී සිටිනු. නියත වශයෙන්ම මෙය (අපගෙන්) අපේක්ෂා කරනු ලබන කරුණකි යැයි (පවසමින්) ගමන් කළහ.
වාක්‍යය : 7
مَا سَمِعۡنَا بِهَٰذَا فِي ٱلۡمِلَّةِ ٱلۡأٓخِرَةِ إِنۡ هَٰذَآ إِلَّا ٱخۡتِلَٰقٌ
අවසාන පිළිවෙත් තුළ මේ ගැන අප අසා නැත්තෙමු. මෙය ප්‍රබන්ධිත බොරුවක් මිස වෙනකක් නැත.
වාක්‍යය : 8
أَءُنزِلَ عَلَيۡهِ ٱلذِّكۡرُ مِنۢ بَيۡنِنَاۚ بَلۡ هُمۡ فِي شَكّٖ مِّن ذِكۡرِيۚ بَل لَّمَّا يَذُوقُواْ عَذَابِ
“අප අතරින් මෙම උපදෙස පහළ කරනු ලැබුවේ මොහු වෙත ද?” (යැයි ප්‍රතික්ෂේප කළවුන් විමසීය.) එසේ නොව ඔවුන් මාගේ උපදෙස ගැන සැකයෙහි වෙති. මක්නිසාද යත් ඔවුන් (මෙතෙක්) මාගේ දඬුවම විඳ නැත.
වාක්‍යය : 9
أَمۡ عِندَهُمۡ خَزَآئِنُ رَحۡمَةِ رَبِّكَ ٱلۡعَزِيزِ ٱلۡوَهَّابِ
එසේ නැතහොත් පරිත්‍යාගශීලී සර්වබලධාරී ඔබේ පරමාධිපතිගේ දයාවේ ගබඩාවන් ඔවුන් අබියස තිබේ ද?
වාක්‍යය : 10
أَمۡ لَهُم مُّلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَاۖ فَلۡيَرۡتَقُواْ فِي ٱلۡأَسۡبَٰبِ
එසේ නැතිනම් අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය ඔවුන් සතු ද? එසේ නම් ඔවුහු (භෞතික) සාධකයන්හි නැග යත්වා!
වාක්‍යය : 11
جُندٞ مَّا هُنَالِكَ مَهۡزُومٞ مِّنَ ٱلۡأَحۡزَابِ
මෙහි ඇති සේනාව ද පරාජයට පත් කරනු ලබන ඒකාබද්ධ සේනාවන් අතරිනි.
වාක්‍යය : 12
كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَعَادٞ وَفِرۡعَوۡنُ ذُو ٱلۡأَوۡتَادِ
ඔවුනට පෙර නූහ්ගේ ජනයා ද ආද් සමූහයා ද රිටි සහිත ෆිර්අවුන් ද (ධර්ම දූතයින්ව) බොරු කළෝය.
වාක්‍යය : 13
وَثَمُودُ وَقَوۡمُ لُوطٖ وَأَصۡحَٰبُ لۡـَٔيۡكَةِۚ أُوْلَٰٓئِكَ ٱلۡأَحۡزَابُ
(එසේම) සමූද් ජනයා ද ලූත්ගේ ජනයා ද අයිකාවාසීන් ද බොරු කොළෝය. ඔවුහුමය (පරාජයට පත්කරනු ලැබූ) එම සේනා වනුයේ.
වාක්‍යය : 14
إِن كُلٌّ إِلَّا كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ عِقَابِ
(ඔවුන්) සියල්ල ධර්ම දූතයින් බොරු කළා මිස නැත. එවිට මාගේ දඬුවම නියම විය.
වාක්‍යය : 15
وَمَا يَنظُرُ هَٰٓؤُلَآءِ إِلَّا صَيۡحَةٗ وَٰحِدَةٗ مَّا لَهَا مِن فَوَاقٖ
එක් හඬක් මිස මොවුහු බලාපොරොත්තු නොවූවෝය. එයට කිසිදු ප්‍රමාදවීමක් නැත.
වාක්‍යය : 16
وَقَالُواْ رَبَّنَا عَجِّل لَّنَا قِطَّنَا قَبۡلَ يَوۡمِ ٱلۡحِسَابِ
අපගේ පරමාධිපතියාණනි! විනිශ්චය දිනට පෙර අපගේ කොටස අපහට ඉක්මන් කරනු මැනව! යැයි ඔවුහු පැවසූහ.

වාක්‍යය : 17
ٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَٱذۡكُرۡ عَبۡدَنَا دَاوُۥدَ ذَا ٱلۡأَيۡدِۖ إِنَّهُۥٓ أَوَّابٌ
ඔවුන් පවසන දෑ මත ඔබ ඉවසා සිටිනු. තවද බලවත් අයකු වූ අපගේ ගැත්තා දාවූද් පිළිබඳ මෙනෙහි කරනු. නියත වශයෙන්ම ඔහු (සමාව අයදිමින් අල්ලාහ් වෙත) ඉමහත් ලෙස නැඹුරු වන්නෙකු විය.
වාක්‍යය : 18
إِنَّا سَخَّرۡنَا ٱلۡجِبَالَ مَعَهُۥ يُسَبِّحۡنَ بِٱلۡعَشِيِّ وَٱلۡإِشۡرَاقِ
ඔහු සමග සවස් කාලයේ සහ උදෑසන (අල්ලාහ්ගේ නාමය) සුවිශුද්ධ කරන කඳු සැබැවින්ම වසඟ කර දුනිමු.
වාක්‍යය : 19
وَٱلطَّيۡرَ مَحۡشُورَةٗۖ كُلّٞ لَّهُۥٓ أَوَّابٞ
තවද (රංචු වශයෙන්) රැස් කරනු ලබන පක්ෂීන් ද (අපි වසඟ කර දුනිමු.) සියල්ල ඔහු වෙත නැඹුරු යති.
වාක්‍යය : 20
وَشَدَدۡنَا مُلۡكَهُۥ وَءَاتَيۡنَٰهُ ٱلۡحِكۡمَةَ وَفَصۡلَ ٱلۡخِطَابِ
තවද අපි ඔහුගේ රාජ්‍යය බලවත් කළෙමු. තවද අපි ඔහුට ප්‍රඥාව හා (තීරණාත්මකව) කතා කිරීමේ පැහැදිලිතාව පිරිනැමුවෙමු.
වාක්‍යය : 21
۞ وَهَلۡ أَتَىٰكَ نَبَؤُاْ ٱلۡخَصۡمِ إِذۡ تَسَوَّرُواْ ٱلۡمِحۡرَابَ
තවද ඔවුහු නැමදුම් ස්ථානය වෙත (බිත්තියෙන්) නැග පැමිණි අවස්ථාවේ එම වාදයේ පුවත ඔබ වෙත පැමිණියේ ද?
වාක්‍යය : 22
إِذۡ دَخَلُواْ عَلَىٰ دَاوُۥدَ فَفَزِعَ مِنۡهُمۡۖ قَالُواْ لَا تَخَفۡۖ خَصۡمَانِ بَغَىٰ بَعۡضُنَا عَلَىٰ بَعۡضٖ فَٱحۡكُم بَيۡنَنَا بِٱلۡحَقِّ وَلَا تُشۡطِطۡ وَٱهۡدِنَآ إِلَىٰ سَوَآءِ ٱلصِّرَٰطِ
දාවූද් වෙත ඔවුන් පිවිසුණු විට ඔවුන් ගැන ඔහු තැති ගත්තේය. “ඔබ බිය නොවනු. අපි නඩු සම්බන්ධයෙන් පාර්ශ්ව දෙකකින් සමන්විතයි. අපගෙන් ඇතැමෙකු ඇතැමෙකුට අසාධාරණකම් සිදු කොට ඇත. එහෙයින් ඔබ යුක්ති ගරුක ව අප අතර තීන්දු දෙනු. තවද ඔබ අපක්ෂපාතී නොවනු. තවද අපව ඍජු මාර්ගය වෙත යොමු කරනු” යැයි ඔවුහු පැවසූහ.
වාක්‍යය : 23
إِنَّ هَٰذَآ أَخِي لَهُۥ تِسۡعٞ وَتِسۡعُونَ نَعۡجَةٗ وَلِيَ نَعۡجَةٞ وَٰحِدَةٞ فَقَالَ أَكۡفِلۡنِيهَا وَعَزَّنِي فِي ٱلۡخِطَابِ
“නියත වශයෙන්ම මොහු මාගේ සහෝදරයාය. ඔහුට බැටළු දෙනුන් අනූ නව දෙනෙකු ඇත. තවද මට එක් බැටළු දෙනකු පමණක් ඇත. තවද ‘එය ද මට පවරන්නැ’යි ඔහු පවසා සිටියි. තර්කයෙහි ඔහු මා අබිබවා ගොස් ඇත.
වාක්‍යය : 24
قَالَ لَقَدۡ ظَلَمَكَ بِسُؤَالِ نَعۡجَتِكَ إِلَىٰ نِعَاجِهِۦۖ وَإِنَّ كَثِيرٗا مِّنَ ٱلۡخُلَطَآءِ لَيَبۡغِي بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٍ إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَقَلِيلٞ مَّا هُمۡۗ وَظَنَّ دَاوُۥدُ أَنَّمَا فَتَنَّٰهُ فَٱسۡتَغۡفَرَ رَبَّهُۥ وَخَرَّۤ رَاكِعٗاۤ وَأَنَابَ۩
දාවුද් මෙසේ පිළිතුරු දුන්නේය. ඔබේ බැටළු දෙන ඔහුගේ බැටළු දෙනුන් සමග එක් කරන මෙන් ඉල්ලා සිටීමෙන් ඔහු ඔබට අසාධාරණයක් කර ඇත. එකට එකතුවී ජීවත්වන ජනයාගෙන් බහුතරයක් ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට අසාධාරණකම් කරති. නමුත් විශ්වාස කොට යහකම් කළවුන් හැර.” තවද ඔවුහු ස්වල්ප දෙනෙකි. (මෙසේ ප්‍රකාශ කරමින් සිටිනා අතර) සැබැවින්ම අපි ඔහු පරීක්ෂාවට ලක් කොට ඇතැයි දාවූද් වටහා ගත්තේය. එහෙයින් ඔහු ඔහුගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටියේය. තවද (සජදා කරමින්) නැමී බිම වැතිරුණේය. තවද ඔහු (පශ්චාත්තාපවී අල්ලාහ් වෙත) හැරුණේය.
වාක්‍යය : 25
فَغَفَرۡنَا لَهُۥ ذَٰلِكَۖ وَإِنَّ لَهُۥ عِندَنَا لَزُلۡفَىٰ وَحُسۡنَ مَـَٔابٖ
එවිට අපි ඔහුට ඒ සඳහා සමාව දුනිමු. නියත වශයෙන්ම අප අබියස ඔහුට සමීපතාවක් සහ අලංකාර නවා තැනක් ඇත.
වාක්‍යය : 26
يَٰدَاوُۥدُ إِنَّا جَعَلۡنَٰكَ خَلِيفَةٗ فِي ٱلۡأَرۡضِ فَٱحۡكُم بَيۡنَ ٱلنَّاسِ بِٱلۡحَقِّ وَلَا تَتَّبِعِ ٱلۡهَوَىٰ فَيُضِلَّكَ عَن سَبِيلِ ٱللَّهِۚ إِنَّ ٱلَّذِينَ يَضِلُّونَ عَن سَبِيلِ ٱللَّهِ لَهُمۡ عَذَابٞ شَدِيدُۢ بِمَا نَسُواْ يَوۡمَ ٱلۡحِسَابِ
අහෝ දාවූද්! අපි ඔබ මහපොළොවේ නියෝජිතයකු බවට පත් කළෙමු. එහෙයින් ඔබ ජනයා අතර යුක්තිගරුක ව තීන්දු දෙනු. තවද ආශාවන් අනුගමනය නොකරනු. එවිට එය අල්ලාහ්ගේ මාර්ගයෙන් ඔබ නොමග යවනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග ගියවුන් වන ඔවුනට විනිශ්චය දිනය ඔවුන් අමතක කළ බැවින් දැඩි දඬුවමක් ඇත.

වාක්‍යය : 27
وَمَا خَلَقۡنَا ٱلسَّمَآءَ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا بَٰطِلٗاۚ ذَٰلِكَ ظَنُّ ٱلَّذِينَ كَفَرُواْۚ فَوَيۡلٞ لِّلَّذِينَ كَفَرُواْ مِنَ ٱلنَّارِ
තවද අප විසින් මෙම අහස හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද ව්‍යාජ ලෙස මවා නැත. එය දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ගේ සිතුවිල්ලයි. එහෙයින් දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට (නිරා) ගින්නෙන් වූ විනාශය අත්වේවා!
වාක්‍යය : 28
أَمۡ نَجۡعَلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ كَٱلۡمُفۡسِدِينَ فِي ٱلۡأَرۡضِ أَمۡ نَجۡعَلُ ٱلۡمُتَّقِينَ كَٱلۡفُجَّارِ
දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන්, මහපොළොවේ කලහකාරීන් මෙන් අපි පත් කරන්නෙමු ද? එසේ නැතහොත් බිය බැතිමතුන් දුෂ්ටයින් මෙන් අපි පත් කරන්නෙමු ද?
වාක්‍යය : 29
كِتَٰبٌ أَنزَلۡنَٰهُ إِلَيۡكَ مُبَٰرَكٞ لِّيَدَّبَّرُوٓاْ ءَايَٰتِهِۦ وَلِيَتَذَكَّرَ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ
(මෙය) ඔබ වෙත අපි පහළ කළ භාග්‍යමත් පුස්තකයයි. ඔවුන් එහි වදන් පරිශීලනය කරනු පිණිසත් බුද්ධිමතුන් (හොඳ) උපදෙස් ලැබීම පිණිසත් (අපි එය පහළ කළෙමු.)
වාක්‍යය : 30
وَوَهَبۡنَا لِدَاوُۥدَ سُلَيۡمَٰنَۚ نِعۡمَ ٱلۡعَبۡدُ إِنَّهُۥٓ أَوَّابٌ
තවද අපි දාවූද්ට සුලයිමාන් ව තිළිණයක් ලෙස පිරිනැමුවෙමු. එම ගැත්තා යහපත් විය. නියත වශයෙන්ම ඔහු ඉමහත් ලෙස (අල්ලාහ් වෙත) නැඹුරු වන්නෙකි.
වාක්‍යය : 31
إِذۡ عُرِضَ عَلَيۡهِ بِٱلۡعَشِيِّ ٱلصَّٰفِنَٰتُ ٱلۡجِيَادُ
සවස් කාලයෙහි මනාව වැඩුණු අශ්වයින් ඔහු වෙත ප්‍රදර්ශනය කරනු ලැබූ අවස්ථාව සිහිපත් කරනු.
වාක්‍යය : 32
فَقَالَ إِنِّيٓ أَحۡبَبۡتُ حُبَّ ٱلۡخَيۡرِ عَن ذِكۡرِ رَبِّي حَتَّىٰ تَوَارَتۡ بِٱلۡحِجَابِ
එවිට නියත වශයෙන්ම ආවරණයෙන් (ඒවා) සැඟ වී යනතෙක් මාගේ පරමාධිපතිව සිහි කිරීමෙන් තොරව මෙම වස්තුවට (බොහෝ සේ) මා ඇලුම් කර ඇතැයි මම සිතමි යැයි ඔහු පැවසීය.
වාක්‍යය : 33
رُدُّوهَا عَلَيَّۖ فَطَفِقَ مَسۡحَۢا بِٱلسُّوقِ وَٱلۡأَعۡنَاقِ
නුඹලා එය මා වෙත ගෙන එන්නැ යි පවසා ගෙලවල් හා කෙණ්ඩ කපා හරින්නට පටන් ගත්තේය.
වාක්‍යය : 34
وَلَقَدۡ فَتَنَّا سُلَيۡمَٰنَ وَأَلۡقَيۡنَا عَلَىٰ كُرۡسِيِّهِۦ جَسَدٗا ثُمَّ أَنَابَ
තවද සැබැවින්ම අපි සුලයිමාන් පරීක්ෂාවට ලක් කළෙමු. තවද අපි ඔහුගේ ආසනය මත (මිනිස් ස්වරූපයෙන් ෂාතානීය) සිරුරක් හෙළුවෙමු. පසු ව ඔහු (අල්ලාහ් වෙත) නැවත යොමු විය.
වාක්‍යය : 35
قَالَ رَبِّ ٱغۡفِرۡ لِي وَهَبۡ لِي مُلۡكٗا لَّا يَنۢبَغِي لِأَحَدٖ مِّنۢ بَعۡدِيٓۖ إِنَّكَ أَنتَ ٱلۡوَهَّابُ
මාගේ පරමාධිපතියාණනි! මට ඔබ සමාව දෙනු මැනව! තවද මගෙන් පසු ව කිසිවකුට අයිති නොවන පරිදි රාජ්‍යයක් මට පිරිනමනු මැනව! නියත වශයෙන්ම ඔබ මහා පරිත්‍යාගශීලීය.
වාක්‍යය : 36
فَسَخَّرۡنَا لَهُ ٱلرِّيحَ تَجۡرِي بِأَمۡرِهِۦ رُخَآءً حَيۡثُ أَصَابَ
එවිට අපි ඔහුට සුළඟ වසඟ කර දුන්නෙමු. ඔහු සිතූ පරිදි ඔහුගේ අණින් එය පහසුවෙන් හමා යයි.
වාක්‍යය : 37
وَٱلشَّيَٰطِينَ كُلَّ بَنَّآءٖ وَغَوَّاصٖ
තවද ගොඩනැගිලි ඉදි කරන එමෙන්ම කිමිද මුතු ගොඩගන්නා සියලු ෂෙයිතානුවන් හා,
වාක්‍යය : 38
وَءَاخَرِينَ مُقَرَّنِينَ فِي ٱلۡأَصۡفَادِ
යදම් තුළ බැඳ දමනු ලැබූ තවත් අය ද (අපි ඔහුට වසඟ කර දුනිමු.)
වාක්‍යය : 39
هَٰذَا عَطَآؤُنَا فَٱمۡنُنۡ أَوۡ أَمۡسِكۡ بِغَيۡرِ حِسَابٖ
මෙය අපගේ ත්‍යාගයයි. එහෙයින් කිසිදු ගණනයකින් තොරව නුඹ උපකාර කරනු. එසේ නැතහොත් රඳවා ගනු.
වාක්‍යය : 40
وَإِنَّ لَهُۥ عِندَنَا لَزُلۡفَىٰ وَحُسۡنَ مَـَٔابٖ
තවද නියත වශයෙන්ම අප අබියස ඔහුට සමීපතාවක් සහ අලංකාර නවාතැනක් ඇත.
වාක්‍යය : 41
وَٱذۡكُرۡ عَبۡدَنَآ أَيُّوبَ إِذۡ نَادَىٰ رَبَّهُۥٓ أَنِّي مَسَّنِيَ ٱلشَّيۡطَٰنُ بِنُصۡبٖ وَعَذَابٍ
තවද අපගේ ගැත්තකු වූ අය්යූබ් ද ඔබ මෙනෙහි කර බලනු. ඔහු තම පරමාධිපති අමතා, “නියත වශයෙන්ම ෂෙයිතාන් උවදුරකින් හා වේදනාවකින් මා ස්පර්ශ කොට ඇත” යැයි පැවසීය.
වාක්‍යය : 42
ٱرۡكُضۡ بِرِجۡلِكَۖ هَٰذَا مُغۡتَسَلُۢ بَارِدٞ وَشَرَابٞ
“නුඹේ පාදය නුඹ ගසනු. මෙය ස්නානය කරනු ලබන සිසිල් ස්ථානයකි. එමෙන්ම පානය කිරීමකි.” (යැයි අල්ලාහ් පැවසීය.)

වාක්‍යය : 43
وَوَهَبۡنَا لَهُۥٓ أَهۡلَهُۥ وَمِثۡلَهُم مَّعَهُمۡ رَحۡمَةٗ مِّنَّا وَذِكۡرَىٰ لِأُوْلِي ٱلۡأَلۡبَٰبِ
තවද ප්‍රබුද්ධිමත් අයට අපගෙන් වූ ආශිර්වාදයක් හා මෙනෙහි කිරීමක් වශයෙන් ඔහුට ඔහුගේ පවුල හා ඔවුන් සමග ඔවුන් හා සමාන අය ද අපි පිරිනැමුවෙමු.
වාක්‍යය : 44
وَخُذۡ بِيَدِكَ ضِغۡثٗا فَٱضۡرِب بِّهِۦ وَلَا تَحۡنَثۡۗ إِنَّا وَجَدۡنَٰهُ صَابِرٗاۚ نِّعۡمَ ٱلۡعَبۡدُ إِنَّهُۥٓ أَوَّابٞ
තවද නුඹ පිදුරු මිටියක් ඔබේ අතට ගෙන එමගින් නුඹ ගසනු. තවද නුඹ ප්‍රතිඥා කඩ නොකරනු. නියත වශයෙන්ම අපි ඔහු ඉවසිලිවන්තයකු සේ දුටුවෙමු. එම ගැත්තා ඉතා යහපත් විය. නියත වශයෙන්ම ඔහු (අල්ලාහ් වෙත) ඉමහත් ලෙස නැඹුරු වන්නෙකි.
වාක්‍යය : 45
وَٱذۡكُرۡ عِبَٰدَنَآ إِبۡرَٰهِيمَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ أُوْلِي ٱلۡأَيۡدِي وَٱلۡأَبۡصَٰرِ
තවද බලය හා මනා දෘෂ්ටීන්ගෙන් හෙබි අපගේ ගැත්තන් වන ඉබ්රාහීම් ඉස්හාක් හා යඃකූබ් පිළිබඳ ව ද (නබිවරය!) නුඹ මෙනෙහි කරනු.
වාක්‍යය : 46
إِنَّآ أَخۡلَصۡنَٰهُم بِخَالِصَةٖ ذِكۡرَى ٱلدَّارِ
මතු ලොව නිවහන මෙනෙහි කිරීමට නියත වශයෙන්ම අපි ඔවුන් විශේෂිත කළෙමු.
වාක්‍යය : 47
وَإِنَّهُمۡ عِندَنَا لَمِنَ ٱلۡمُصۡطَفَيۡنَ ٱلۡأَخۡيَارِ
තවද නියත වශයෙන්ම ඔවුන් අප අබියස විශිෂ්ටයින් ලෙස තෝරා ගනු ලැබූවන් අතරිනි.
වාක්‍යය : 48
وَٱذۡكُرۡ إِسۡمَٰعِيلَ وَٱلۡيَسَعَ وَذَا ٱلۡكِفۡلِۖ وَكُلّٞ مِّنَ ٱلۡأَخۡيَارِ
තවද ඉස්මාඊල්, අල්යසඃ හා දුල් කිෆ්ල් පිළිබඳ ව ද මෙනෙහි කරනු. තවද (මේ) සියල්ලන්ම විශිෂ්ටයින් අතරිනි.
වාක්‍යය : 49
هَٰذَا ذِكۡرٞۚ وَإِنَّ لِلۡمُتَّقِينَ لَحُسۡنَ مَـَٔابٖ
මෙය මෙනෙහි කිරීමකි. තවද නියත වශයෙන්ම බිය බැතිමතුන් හට අලංකාර නවාතැනක් ඇත.
වාක්‍යය : 50
جَنَّٰتِ عَدۡنٖ مُّفَتَّحَةٗ لَّهُمُ ٱلۡأَبۡوَٰبُ
එය ඔවුන් වෙනුවෙන් දොරවල් විවෘත කරනු ලැබූ සදාකාලික (ස්වර්ග) උයන් වේ.
වාක්‍යය : 51
مُتَّكِـِٔينَ فِيهَا يَدۡعُونَ فِيهَا بِفَٰكِهَةٖ كَثِيرَةٖ وَشَرَابٖ
එහි ඔවුන් හාන්සි ව සිට බොහෝ පලතුරු හා පානයන් එහි ඔවුන් ඉල්ලා සිටිති.
වාක්‍යය : 52
۞ وَعِندَهُمۡ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ أَتۡرَابٌ
තවද සම වයසැති දමිත බැල්ම හෙළන කාන්තාවෝ ඔවුන් අබියස සිටිති.
වාක්‍යය : 53
هَٰذَا مَا تُوعَدُونَ لِيَوۡمِ ٱلۡحِسَابِ
විනිශ්චය දිනය සඳහා නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ මෙයයි.
වාක්‍යය : 54
إِنَّ هَٰذَا لَرِزۡقُنَا مَا لَهُۥ مِن نَّفَادٍ
නියත වශයෙන්ම මෙය ඊට අවසානයක් නැති අපගේ පෝෂණයයි.
වාක්‍යය : 55
هَٰذَاۚ وَإِنَّ لِلطَّٰغِينَ لَشَرَّ مَـَٔابٖ
(බිය බැතිමතුන් සඳහා වූ දෑ) මෙයයි. තවද නියත වශයෙන්ම සීමාව ඉක්මවා ගියවුන්ට නපුරු නවාතැනක් ඇත.
වාක්‍යය : 56
جَهَنَّمَ يَصۡلَوۡنَهَا فَبِئۡسَ ٱلۡمِهَادُ
එය ඔවුහු එහි පිවිස දැවෙන නිරයයි. එහෙයින් එම නවාතැන නපුරු විය.
වාක්‍යය : 57
هَٰذَا فَلۡيَذُوقُوهُ حَمِيمٞ وَغَسَّاقٞ
මෙය(සීමාව ඉක්මවූවන් සඳහා)ය. එහෙයින් ඔවුන් එය භුක්ති විඳිත්වා! (ඔවුනට) නටන ජලයයි. සැරව මුසු වූ රුධිරයයි (යැයි අල්ලාහ් පවසයි.)
වාක්‍යය : 58
وَءَاخَرُ مِن شَكۡلِهِۦٓ أَزۡوَٰجٌ
ඒ ස්වරූපයෙන් යුත් වෙනත් (දඬුවම්) වර්ගද (ඔවුනට) ඇත.
වාක්‍යය : 59
هَٰذَا فَوۡجٞ مُّقۡتَحِمٞ مَّعَكُمۡ لَا مَرۡحَبَۢا بِهِمۡۚ إِنَّهُمۡ صَالُواْ ٱلنَّارِ
මෙය නුඹලා සමග පිවිසුණු පිරිසකි. ඔවුනට කිසිදු පිළිගැනීමක් නැත. නියත වශයෙන්ම ඔවුහු නිරා (ගින්නට) පිවිස දැවෙන්නෝ වෙති.
වාක්‍යය : 60
قَالُواْ بَلۡ أَنتُمۡ لَا مَرۡحَبَۢا بِكُمۡۖ أَنتُمۡ قَدَّمۡتُمُوهُ لَنَاۖ فَبِئۡسَ ٱلۡقَرَارُ
එසේ නොව, (අප නොමඟ යැවූ) නුඹලාට ද කිසිදු පිළිගැනීමක් නැත. අප හට එය ඉදිරිපත් කළේ නුඹලාය. එහෙයින් එම වාසස්ථානය නපුරු විය යැයි ඔවුහු පවසති.
වාක්‍යය : 61
قَالُواْ رَبَّنَا مَن قَدَّمَ لَنَا هَٰذَا فَزِدۡهُ عَذَابٗا ضِعۡفٗا فِي ٱلنَّارِ
අපගේ පරමාධිපතියාණනි! අපහට කවරෙකු මෙය ඉදිරිපත් කළේ ද ඔහුට නිරයේ දඬුවම ගුණ කර දෙන්නැයි ඔවුහු පවසති.

වාක්‍යය : 62
وَقَالُواْ مَا لَنَا لَا نَرَىٰ رِجَالٗا كُنَّا نَعُدُّهُم مِّنَ ٱلۡأَشۡرَارِ
නපුරන් අතරින් යැයි අපි ඔවුන් ගණන් ගනිමින් සිටි මිනිසුන් අපහට දකින්නට නැත්තේ ඇයි දැයි ඔවුහු පවසති.
වාක්‍යය : 63
أَتَّخَذۡنَٰهُمۡ سِخۡرِيًّا أَمۡ زَاغَتۡ عَنۡهُمُ ٱلۡأَبۡصَٰرُ
අපි ඔවුන් සමච්චලයට ගත්තෙමු ද? එසේ නැතහොත් ඔවුන්ගෙන් (අපගේ) බැල්ම ඉවත් වූයේ ද?
වාක්‍යය : 64
إِنَّ ذَٰلِكَ لَحَقّٞ تَخَاصُمُ أَهۡلِ ٱلنَّارِ
නියත වශයෙන්ම එය සැබෑවකි. එය නිරාවාසීන්ගේ වාදයයි.
වාක්‍යය : 65
قُلۡ إِنَّمَآ أَنَا۠ مُنذِرٞۖ وَمَا مِنۡ إِلَٰهٍ إِلَّا ٱللَّهُ ٱلۡوَٰحِدُ ٱلۡقَهَّارُ
“නියත වශයෙන්ම මම අවවාද කරන්නෙකු පමණි. තවද බල පරාක්‍රම ඒකීය වූ අල්ලාහ් හැර වෙනත් කිසිදු දෙවියකු නැත” යැයි (නබිවරය!) නුඹ පවසනු.
වාක්‍යය : 66
رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا ٱلۡعَزِيزُ ٱلۡغَفَّٰرُ
“ඔහු සර්ව බලධාරී, අතික්ෂමාශීලී, අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය.”
වාක්‍යය : 67
قُلۡ هُوَ نَبَؤٌاْ عَظِيمٌ
“එය මහත් වූ පුවතකි.” යැයි නුඹ පවසනු.
වාක්‍යය : 68
أَنتُمۡ عَنۡهُ مُعۡرِضُونَ
“නුඹලා එය පිටුපාන්නෝය.”
වාක්‍යය : 69
مَا كَانَ لِيَ مِنۡ عِلۡمِۭ بِٱلۡمَلَإِ ٱلۡأَعۡلَىٰٓ إِذۡ يَخۡتَصِمُونَ
“ඉහළ ප්‍රධානීන් තර්ක කරන විට ඔවුන් පිළිබඳ කිසිදු දැනුමක් මට නොවීය.”
වාක්‍යය : 70
إِن يُوحَىٰٓ إِلَيَّ إِلَّآ أَنَّمَآ أَنَا۠ نَذِيرٞ مُّبِينٌ
“නියත වශයෙන්ම මම පැහැදිලි අවවාද කරන්නකු පමණි යැයි මිස මා වෙත හෙළිදරව් කරනු නොලැබීය.”
වාක්‍යය : 71
إِذۡ قَالَ رَبُّكَ لِلۡمَلَٰٓئِكَةِ إِنِّي خَٰلِقُۢ بَشَرٗا مِّن طِينٖ
නියත වශයෙන්ම මම මැටියෙන් වූ මිනිසෙකු මවන්නෙමි යැයි මලක්වරුන්ට නුඹේ පරමාධිපති පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
වාක්‍යය : 72
فَإِذَا سَوَّيۡتُهُۥ وَنَفَخۡتُ فِيهِ مِن رُّوحِي فَقَعُواْ لَهُۥ سَٰجِدِينَ
පසු ව මම ඔහු නිසි අයුරින් හැඩගස්වා මාගේ ආත්මයෙන් ඔහු තුළ පිඹූ විට නුඹලා ඔහුට සුජූද් (ආචාර) කරන්නන් ලෙස වැටෙනු. (යැයි අල්ලාහ් පැවැසුවේය).
වාක්‍යය : 73
فَسَجَدَ ٱلۡمَلَٰٓئِكَةُ كُلُّهُمۡ أَجۡمَعُونَ
එවිට මලක්වරුන් වන ඔවුන් සියල්ලෝම සුජූද් කළෝය.
වාක්‍යය : 74
إِلَّآ إِبۡلِيسَ ٱسۡتَكۡبَرَ وَكَانَ مِنَ ٱلۡكَٰفِرِينَ
නමුත් ඉබ්ලීස් හැර. ඔහු උඩඟු විය. තවද දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් අතරින් විය.
වාක්‍යය : 75
قَالَ يَٰٓإِبۡلِيسُ مَا مَنَعَكَ أَن تَسۡجُدَ لِمَا خَلَقۡتُ بِيَدَيَّۖ أَسۡتَكۡبَرۡتَ أَمۡ كُنتَ مِنَ ٱلۡعَالِينَ
“අහෝ ඉබ්ලීස්! මාගේ දෑතින් මා මැවූ දෑට නුඹ සුජූද් කිරීමෙන් නුඹ ව වැළැක්වූයේ කුමක් ද? නුඹ උඩඟු වූයෙහි ද එසේ නැතහොත් උසස් අය අතරින් වූයෙහි දැ”යි ඔහු(අල්ලාහ්) විමසීය.
වාක්‍යය : 76
قَالَ أَنَا۠ خَيۡرٞ مِّنۡهُ خَلَقۡتَنِي مِن نَّارٖ وَخَلَقۡتَهُۥ مِن طِينٖ
“මම ඔහුට වඩා ශ්‍රේෂ්ටය. ඔබ මා මවා ඇත්තේ ගින්නෙනි. තවද ඔබ ඔහු මවා ඇත්තේ මැටියෙනි” යැයි ඔහු පැවසීය.
වාක්‍යය : 77
قَالَ فَٱخۡرُجۡ مِنۡهَا فَإِنَّكَ رَجِيمٞ
ඔහු මෙසේ පැවසීය. “එසේ නම් නුඹ මෙයින් බැහැර වනු. නියත වශයෙන්ම නුඹ පලවා හරිනු ලැබූවෙකි.
වාක්‍යය : 78
وَإِنَّ عَلَيۡكَ لَعۡنَتِيٓ إِلَىٰ يَوۡمِ ٱلدِّينِ
තවද නියත වශයෙන්ම විනිශ්චය දිනය දක්වා මාගේ ශාපය නුඹට එරෙහි ව පවතී.
වාක්‍යය : 79
قَالَ رَبِّ فَأَنظِرۡنِيٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ
“මාගේ පරමාධිපතියාණනි! එසේ නම් ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය දක්වා මට කල් දෙනු” යැයි ඔහු පැවසීය.
වාක්‍යය : 80
قَالَ فَإِنَّكَ مِنَ ٱلۡمُنظَرِينَ
එසේ නම් කල් දෙනූ ලැබූවන් අතරින් ඔබ වන්නෙහිය යැයි ඔහු(අල්ලාහ්) පැවසීය.
වාක්‍යය : 81
إِلَىٰ يَوۡمِ ٱلۡوَقۡتِ ٱلۡمَعۡلُومِ
නියමිත වේලාවේ දිනය දක්වා.
වාක්‍යය : 82
قَالَ فَبِعِزَّتِكَ لَأُغۡوِيَنَّهُمۡ أَجۡمَعِينَ
ඔබේ ගරුත්වයේ නාමයෙන් දිවුරමින්. සැබැවින්ම මම ඔවුන් සියල්ල නොමග යවමි.
වාක්‍යය : 83
إِلَّا عِبَادَكَ مِنۡهُمُ ٱلۡمُخۡلَصِينَ
නමුත් ඔවුන් අතරින් වූ ඔබේ අවංක ගැත්තන් හැර.

වාක්‍යය : 84
قَالَ فَٱلۡحَقُّ وَٱلۡحَقَّ أَقُولُ
එසේ නම් එය සත්‍යයකි. තවද මම සත්‍යයම පවසමි යැයි ඔහු (අල්ලාහ්) පැවසීය.
වාක්‍යය : 85
لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنكَ وَمِمَّن تَبِعَكَ مِنۡهُمۡ أَجۡمَعِينَ
නුඹ හා ඔවුන් අතරින් නුඹ ව අනුගමනය කළ සියලු දෙනාගෙන් මම නිරය පුරවමි.
වාක්‍යය : 86
قُلۡ مَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٖ وَمَآ أَنَا۠ مِنَ ٱلۡمُتَكَلِّفِينَ
(නබිවරය!) “ඒ වෙනුවෙන් කිසිදු කුලියක් මම නුඹලාගෙන් නොඉල්ලමි. තවද මම ස්ව කැමැත්ත පරිදි ප්‍රකාශ කරන්නන් අතරින් ද නොවෙමි” යැයි නුඹ පවසනු.
වාක්‍යය : 87
إِنۡ هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ
“එය (අල්කුර්ආනය) ලෝවැසියන්ට මෙනෙහි කිරීමක් මිස නැත.”
වාක්‍යය : 88
وَلَتَعۡلَمُنَّ نَبَأَهُۥ بَعۡدَ حِينِۭ
“තවද ටික කලකට පසු ව එහි පුවත සැබැවින්ම නුඹලා දැන ගනු ඇත.”
එවීම සාර්ථකයි