වාක්‍යය :
1
طسٓۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡقُرۡءَانِ وَكِتَابٖ مُّبِينٍ
තා, සීන්. මේවා අල් කුර්ආනයේ හා පැහැදිලි ග්‍රන්ථයේ වදන්ය.
වාක්‍යය :
2
هُدٗى وَبُشۡرَىٰ لِلۡمُؤۡمِنِينَ
දේවත්වය විශ්වාස කළවුනට මග පෙන්වීමක් හා සුබාශිංසනයකි.
වාක්‍යය :
3
ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ يُوقِنُونَ
ඔවුන් වනාහි සලාතය විධිමත් ව ඉටු කරති. සකාත්ද පිරිනමති. තවද මතුලොව පිළිබඳ තරයේ විශ්වාස කරනුයේ ඔවුහුමය.
වාක්‍යය :
4
إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ زَيَّنَّا لَهُمۡ أَعۡمَٰلَهُمۡ فَهُمۡ يَعۡمَهُونَ
නියත වශයෙන්ම මතුලොව පිළිබඳ විශ්වාස නොකරන්නන් වනාහි අපි ඔවුනට ඔවුන්ගේ ක්‍රියාවන් අලංකාර කර පෙන්වූයෙමු. එහෙයින් ඔවුහු (එහි) මුලාවෙහි සිටින්නෝ වෙති.
වාක්‍යය :
5
أُوْلَٰٓئِكَ ٱلَّذِينَ لَهُمۡ سُوٓءُ ٱلۡعَذَابِ وَهُمۡ فِي ٱلۡأٓخِرَةِ هُمُ ٱلۡأَخۡسَرُونَ
නපුරු දඬුවම තමන්හට සතු වූවෝ ඔවුහුමය. තවද මතුලොවෙහි දැඩි අලාභවන්තයෝ ද ඔවුහුමය.
වාක්‍යය :
6
وَإِنَّكَ لَتُلَقَّى ٱلۡقُرۡءَانَ مِن لَّدُنۡ حَكِيمٍ عَلِيمٍ
තවද (නබිවරය,) සර්වඥානී මහා ප්‍රඥාවන්තයාගෙන් නියත වශයෙන්ම නුඹට අල් කුර්ආනය දෙනු ලැබුවෙහිය.
වාක්‍යය :
7
إِذۡ قَالَ مُوسَىٰ لِأَهۡلِهِۦٓ إِنِّيٓ ءَانَسۡتُ نَارٗا سَـَٔاتِيكُم مِّنۡهَا بِخَبَرٍ أَوۡ ءَاتِيكُم بِشِهَابٖ قَبَسٖ لَّعَلَّكُمۡ تَصۡطَلُونَ
නියත වශයෙන්ම මම ගින්නක් දුටුවෙමි. යම් තොරතුරක් මම එයින් නුඹලා වෙත ගෙන එන්නෙමි. එසේ නැතහොත් නුඹලා (සීතලෙන්) උණුසුම ලැබිය හැකි වනු පිණිස ගිනි පෙනෙල්ලක් නුඹලා වෙත ගෙන එන්නෙමි යැයි මූසා තම පවුලට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
වාක්‍යය :
8
فَلَمَّا جَآءَهَا نُودِيَ أَنۢ بُورِكَ مَن فِي ٱلنَّارِ وَمَنۡ حَوۡلَهَا وَسُبۡحَٰنَ ٱللَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ
එසේ ඔහු එහි පැමිණි කල්හි ගින්නෙහි සිටින්නා හා ඒ අවට සිටියවුන් ආශිර්වාද කරනු ලැබීය. තවද සර්ව ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් සුවිශුද්ධය යැයි ඔහු අමතනු ලැබීය.
වාක්‍යය :
9
يَٰمُوسَىٰٓ إِنَّهُۥٓ أَنَا ٱللَّهُ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
(එවිට) අහෝ මූසා! නියත වශයෙන්ම මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ් මම වෙමි.
වාක්‍යය :
10
وَأَلۡقِ عَصَاكَۚ فَلَمَّا رَءَاهَا تَهۡتَزُّ كَأَنَّهَا جَآنّٞ وَلَّىٰ مُدۡبِرٗا وَلَمۡ يُعَقِّبۡۚ يَٰمُوسَىٰ لَا تَخَفۡ إِنِّي لَا يَخَافُ لَدَيَّ ٱلۡمُرۡسَلُونَ
තවද නුඹගේ සැරයටිය හෙළනු. එය සර්පයකු සේ නලියමින් සිටිනු ඔහු දුටු කල්හි පසුපස හැරී දිව්වේය. තවද ඔහු නැවත හැරී නොබැලුවේය. අහෝ මූසා! නුඹ බිය නොවනු. නියත වශයෙන්ම මම වනාහි, මා ඉදිරියේ ධර්ම දූතයෝ බිය නොවෙති.
වාක්‍යය :
11
إِلَّا مَن ظَلَمَ ثُمَّ بَدَّلَ حُسۡنَۢا بَعۡدَ سُوٓءٖ فَإِنِّي غَفُورٞ رَّحِيمٞ
නමුත් අපරාධයක් සිදු කොට අනතුරු ව නපුරකින් පසු යහපතක් බවට (එය) පත් කළ අය හැර. එහෙයින් නියත වශයෙන්ම මම අතික්ෂමාශීලී මහා කරුණාන්විතයාණන් වෙමි.
වාක්‍යය :
12
وَأَدۡخِلۡ يَدَكَ فِي جَيۡبِكَ تَخۡرُجۡ بَيۡضَآءَ مِنۡ غَيۡرِ سُوٓءٖۖ فِي تِسۡعِ ءَايَٰتٍ إِلَىٰ فِرۡعَوۡنَ وَقَوۡمِهِۦٓۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ
තවද නුඹගේ අත නුඹගේ සාක්කුව තුළට දමනු. එවිට කිසිදු හානියකින් තොරව සුදුවන් ලෙසින් (බැබළෙමින්) එය පිටවනු ඇත. එය ෆිර්අවුන් හා ඔහුගේ ජනයා වෙත වූ ප්‍රාතිහාර්යයන් නවය අතර විය. නියත වශයෙන්ම ඔවුහු දුෂ්ට පිරිසක් වූහ.
වාක්‍යය :
13
فَلَمَّا جَآءَتۡهُمۡ ءَايَٰتُنَا مُبۡصِرَةٗ قَالُواْ هَٰذَا سِحۡرٞ مُّبِينٞ
අපගේ සංඥාවන් ඔවුන් වෙත පෙනෙන්නට පැමිණි කල්හි මෙය පැහැදිලි මායාවක් යැයි ඔවුහු පැවසුවෝය.