වාක්‍යය :
71
قَالَ هَٰٓؤُلَآءِ بَنَاتِيٓ إِن كُنتُمۡ فَٰعِلِينَ
නුඹලා එසේ සිදු කරන්නන් ලෙස සිටියෙහු නම් මේ මාගේ දියණියන් වෙති යැයි ඔහු (ලූත්) පැවසුවේය.
වාක්‍යය :
72
لَعَمۡرُكَ إِنَّهُمۡ لَفِي سَكۡرَتِهِمۡ يَعۡمَهُونَ
(නබිවරය) නුඹගේ ආයු කාළය මත දිවුරමින්, නියත වශයෙන්ම ඔවුහු ඔවුන්ගේ උන්මාදයෙහි වියවුල් වී සිටියහ.
වාක්‍යය :
73
فَأَخَذَتۡهُمُ ٱلصَّيۡحَةُ مُشۡرِقِينَ
එබැවින්, ඔවුන් උදෑසනට එළඹෙත් ම මහා හඬ ඔවුන් ව ග්‍රහණය කළේය.
වාක්‍යය :
74
فَجَعَلۡنَا عَٰلِيَهَا سَافِلَهَا وَأَمۡطَرۡنَا عَلَيۡهِمۡ حِجَارَةٗ مِّن سِجِّيلٍ
එවිට අපි එහි උඩු තලය එහි යටි තලය බවට පත් කළෙමු. තවද අපි ඔවුන් වෙත රත් කරනු ලැබූ ගල් වර්ෂාවක් වැස්සවීමු.
වාක්‍යය :
75
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّلۡمُتَوَسِّمِينَ
නියත වශයෙන්ම මෙහි සිතා බලන්නන්හට සංඥාවන් ඇත.
වාක්‍යය :
76
وَإِنَّهَا لَبِسَبِيلٖ مُّقِيمٍ
තවද නියත වශයෙන්ම එය ප්‍රධාන මාර්ගයේ විය.
වාක්‍යය :
77
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّلۡمُؤۡمِنِينَ
නියත වශයෙන්ම එහි දේවත්වය විශ්වාස කරන්නන් හට සංඥාවක් ඇත.
වාක්‍යය :
78
وَإِن كَانَ أَصۡحَٰبُ ٱلۡأَيۡكَةِ لَظَٰلِمِينَ
තවද සැබැවින්ම (ෂුඅයිබ්ගේ ජනයා වන) අයිකා වැසියෝ ද අපරාධකරුවන් වූහ.
වාක්‍යය :
79
فَٱنتَقَمۡنَا مِنۡهُمۡ وَإِنَّهُمَا لَبِإِمَامٖ مُّبِينٖ
එහෙයින් අපි ඔවුන්ගෙන් ද පළිගත්තෙමු. නියත වශයෙන්ම මෙ(ම ජන සමූහයන්) දෙක ප්‍රකට මාවතක විය.
වාක්‍යය :
80
وَلَقَدۡ كَذَّبَ أَصۡحَٰبُ ٱلۡحِجۡرِ ٱلۡمُرۡسَلِينَ
තවද සැබැවින්ම (සාලිහ්ගේ ජනයා වන) හිජ්ර් වැසියෝ ද රසූල්වරුන් ව බොරු කළෝය.
වාක්‍යය :
81
وَءَاتَيۡنَٰهُمۡ ءَايَٰتِنَا فَكَانُواْ عَنۡهَا مُعۡرِضِينَ
තවද අපි අපගේ වදන් ඔවුනට පිරිනැමුවෙමු. එවිට ඔවුහු ඒවා පිටු දකින්නන් වූහ.
වාක්‍යය :
82
وَكَانُواْ يَنۡحِتُونَ مِنَ ٱلۡجِبَالِ بُيُوتًا ءَامِنِينَ
තවද ඔවුහු නිවෙස් වශයෙන් කඳු වල ලෙන් හාරා සුරක්ෂිතයින් ලෙස සිටියහ.
වාක්‍යය :
83
فَأَخَذَتۡهُمُ ٱلصَّيۡحَةُ مُصۡبِحِينَ
එවිට ඔවුන් අලුයම එළඹෙත්ම මහා හඬ ඔවුන් ව ග්‍රහණය කළේය.
වාක්‍යය :
84
فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ
එවිට ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් ගෙන දුන්නේ නැත.
වාක්‍යය :
85
وَمَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَآ إِلَّا بِٱلۡحَقِّۗ وَإِنَّ ٱلسَّاعَةَ لَأٓتِيَةٞۖ فَٱصۡفَحِ ٱلصَّفۡحَ ٱلۡجَمِيلَ
තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද සත්‍යයෙන් මිස අපි නොමැව්වෙමු. තවද නියත වශයෙන්ම අවසන් හෝරාව පැමිණෙන්නකි. එහෙයින් අලංකාර අයුරින් සමාව දෙනු.
වාක්‍යය :
86
إِنَّ رَبَّكَ هُوَ ٱلۡخَلَّٰقُ ٱلۡعَلِيمُ
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහුමය සර්ව ඥානී මහා මැවුම්කරු.
වාක්‍යය :
87
وَلَقَدۡ ءَاتَيۡنَٰكَ سَبۡعٗا مِّنَ ٱلۡمَثَانِي وَٱلۡقُرۡءَانَ ٱلۡعَظِيمَ
තවද (නබිවරය,) සැබැවින්ම අපි සබ්අන් මිනල් මසානී (හෙවත් නැවත නැවත පාරායනය කරන හතක්) ද අතිමහත් අල්-කුර්ආනය ද අපි නුඹට පිරිනැමුවෙමු.
වාක්‍යය :
88
لَا تَمُدَّنَّ عَيۡنَيۡكَ إِلَىٰ مَا مَتَّعۡنَا بِهِۦٓ أَزۡوَٰجٗا مِّنۡهُمۡ وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَٱخۡفِضۡ جَنَاحَكَ لِلۡمُؤۡمِنِينَ
ඔවුන් අතරින් විවිධ අයට අපි කවර දෙයක් භුක්ති විඳීමට සැලැස්වූයේ ද ඒ දෙසට නුඹේ දෑස් දිගු නොකරනු. තවද ඔවුන් පිළිබඳ ව නුඹ දුක් නොවනු. දේවත්වය විශ්වාස කරන්නන් හට නුඹගේ පියාපත් පහත් කරනු.
වාක්‍යය :
89
وَقُلۡ إِنِّيٓ أَنَا ٱلنَّذِيرُ ٱلۡمُبِينُ
තවද නියත වශයෙන්ම විවෘත අවවාද කරන්නා මම ම වෙමි යැයි නුඹ පවසනු.
වාක්‍යය :
90
كَمَآ أَنزَلۡنَا عَلَى ٱلۡمُقۡتَسِمِينَ
(පෙර පැවති පුස්තක බෙදා වෙන්කළ) බෙදුම්වාදීන් කෙරෙහි අපි පහළ කළාක් මෙන් (දඬුවම අපි ඔවුනට ද පහළ කරමු).