ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය

Sinhalese translation

Scan the qr code to link to this page

سورة الماعون - සූරා අල්-මාඌන්

පිටු අංක

වාක්‍යය

නියමිත පාඨයේ ප්‍රදර්ශනය
සීමා තීරයේ ප්‍රදර්ශනය

වාක්‍යය : 1
أَرَءَيۡتَ ٱلَّذِي يُكَذِّبُ بِٱلدِّينِ
විනිශ්චය දිනය බොරු කරන අය නුඹ දුටුවෙහි ද?
වාක්‍යය : 2
فَذَٰلِكَ ٱلَّذِي يَدُعُّ ٱلۡيَتِيمَ
එනම් ඔහු කවරෙක්ද යත් අනාථයා ව පලවා හරියි.
වාක්‍යය : 3
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ
තවද දුප්පතාගේ ආහාරය (ලබා දීම) පිළිබඳ ව දිරි නොගන්වයි.
වාක්‍යය : 4
فَوَيۡلٞ لِّلۡمُصَلِّينَ
එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා!
වාක්‍යය : 5
ٱلَّذِينَ هُمۡ عَن صَلَاتِهِمۡ سَاهُونَ
ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳ ව සැලකිල්ලක් දක්වන්නෝ නොවූවෝය.
වාක්‍යය : 6
ٱلَّذِينَ هُمۡ يُرَآءُونَ
අන් අයට ප්‍රදර්ශනය කරන්නෝ වූවෝය.
වාක්‍යය : 7
وَيَمۡنَعُونَ ٱلۡمَاعُونَ
නොවටිනා අල්ප වස්තූන් (පිරි නැමීම) පවා වළක්වන්නෝ වූවෝය.
එවීම සාර්ථකයි