ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය

Sinhalese translation

Scan the qr code to link to this page

سورة يونس - සූරා යූනුස්

පිටු අංක

වාක්‍යය

නියමිත පාඨයේ ප්‍රදර්ශනය
සීමා තීරයේ ප්‍රදර්ශනය

වාක්‍යය : 1
الٓرۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ ٱلۡحَكِيمِ
අලිෆ් ලාම් රා. මෙය ප්‍රඥාවෙන් යුත් පුස්තකයේ වදන් වෙයි.
වාක්‍යය : 2
أَكَانَ لِلنَّاسِ عَجَبًا أَنۡ أَوۡحَيۡنَآ إِلَىٰ رَجُلٖ مِّنۡهُمۡ أَنۡ أَنذِرِ ٱلنَّاسَ وَبَشِّرِ ٱلَّذِينَ ءَامَنُوٓاْ أَنَّ لَهُمۡ قَدَمَ صِدۡقٍ عِندَ رَبِّهِمۡۗ قَالَ ٱلۡكَٰفِرُونَ إِنَّ هَٰذَا لَسَٰحِرٞ مُّبِينٌ
‘නුඹ ජනයාට අවවාද කරනු. තවද දේවත්වය විශ්වාස කළවුන් වන ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස සැබැවින්ම සැබෑ පෙරමුණක් (ගෞරවණීය ස්ථානයක්) ඇති බව ශුභාරංචි දන්වනු’ යැයි නියෝග කරමින් ඔවුන් අතරින් වූ මිනිසෙකු වෙත අපි දේව පණිවිඩ දන්වා සිටීම ජනයා ව පුදුම කරවන්නක් වී ද? නියත වශයෙන්ම මොහු පැහැදිලි හූනියම්කරුවකු යැයි දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ පැවසුවෝය.
වාක්‍යය : 3
إِنَّ رَبَّكُمُ ٱللَّهُ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ يُدَبِّرُ ٱلۡأَمۡرَۖ مَا مِن شَفِيعٍ إِلَّا مِنۢ بَعۡدِ إِذۡنِهِۦۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡ فَٱعۡبُدُوهُۚ أَفَلَا تَذَكَّرُونَ
නියත වශයෙන්ම නුඹලාගේ පරමාධිපති වනුයේ අහස් හා මහපොළොව දින හයකින් මවා පසුව අර්ෂ්(රාජධානියෙ)හි ස්ථාපිත වූ අල්ලාහ් ය. ඔහු සියලු කරුණු සැලසුම් කරයි. ඔහුගේ අනුමැතියෙන් පසුව මිස (ඔහු ඉදිරියේ) වෙනත් කිසිදු මැදිහත්කරුවකු නොමැත. ඔහුය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. එබැවින් නුඹලා ඔහුට නැමදුම් කරනු. නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?
වාක්‍යය : 4
إِلَيۡهِ مَرۡجِعُكُمۡ جَمِيعٗاۖ وَعۡدَ ٱللَّهِ حَقًّاۚ إِنَّهُۥ يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ لِيَجۡزِيَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ بِٱلۡقِسۡطِۚ وَٱلَّذِينَ كَفَرُواْ لَهُمۡ شَرَابٞ مِّنۡ حَمِيمٖ وَعَذَابٌ أَلِيمُۢ بِمَا كَانُواْ يَكۡفُرُونَ
නුඹලා සියල්ලන් නැවත යොමු කරනු ලබන ස්ථානය ඔහු වෙතය. (එය) අල්ලාහ්ගේ සැබෑ ප්‍රතිඥාවක් ලෙසිනි. නියත වශයෙන්ම සියලු මැවීම් ඔහු ආරම්භයේම උත්පාදනය කරයි. පසුව, විශ්වාස කොට යහකම් කළවුනට යුක්ති සහගත ලෙසින් ප්‍රතිඵල පිරිනමනු පිණිස ඔහු එය(එම මැවීම්) නැවත ගෙන්වා ගනී. තවද ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් ඔවුනට ලෝ දියෙන් යුත් පානයක් ද වේදනීය දඬුවමක් ද ඇත.
වාක්‍යය : 5
هُوَ ٱلَّذِي جَعَلَ ٱلشَّمۡسَ ضِيَآءٗ وَٱلۡقَمَرَ نُورٗا وَقَدَّرَهُۥ مَنَازِلَ لِتَعۡلَمُواْ عَدَدَ ٱلسِّنِينَ وَٱلۡحِسَابَۚ مَا خَلَقَ ٱللَّهُ ذَٰلِكَ إِلَّا بِٱلۡحَقِّۚ يُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡلَمُونَ
ඔහු වනාහි හිරු කාන්තිමත් ආලෝකයක් ලෙස ද සඳු ආලෝකය විහිදුවන්නක් ලෙස ද මවා වර්ෂ ගණනය හා කාලපරිච්ඡේදය නුඹලා හඳුනා ගනු පිණිස එයට ස්ථාන නියම කළේය. එය සත්‍යයයෙන් යුතුව මිස අල්ලාහ් මැව්වේ නැත. දැනමුතුකම් ලබන ජනයාට මෙම වදන් ඔහු (මෙසේ) පැහැදිලි කරයි.
වාක්‍යය : 6
إِنَّ فِي ٱخۡتِلَٰفِ ٱلَّيۡلِ وَٱلنَّهَارِ وَمَا خَلَقَ ٱللَّهُ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَّقُونَ
රාත්‍රිය හා දහවල (එකිනෙක) වෙනස් වීමෙහි ද අහස් හි හා මහාපොළොවේ අල්ලාහ් මැවූ දෑහි ද බියහැඟීමෙන් යුතුව කටයුතු කරන ජනයාට සංඥාවන් ඇත.

වාක්‍යය : 7
إِنَّ ٱلَّذِينَ لَا يَرۡجُونَ لِقَآءَنَا وَرَضُواْ بِٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَٱطۡمَأَنُّواْ بِهَا وَٱلَّذِينَ هُمۡ عَنۡ ءَايَٰتِنَا غَٰفِلُونَ
අපගේ හමුව අපේක්ෂා නොකරන, මෙලොව ජීවිතය ගැන තෘප්තිමත් වී එහි ගිලී සිටියවුන් හා අපගේ වදන් ගැන අනවධානී ව සිටියවුන් වනාහි;
වාක්‍යය : 8
أُوْلَٰٓئِكَ مَأۡوَىٰهُمُ ٱلنَّارُ بِمَا كَانُواْ يَكۡسِبُونَ
ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන්, ඔවුන්ගේ නවාතැන (නිරා) ගින්න වූ අය ඔවුහුමය.
වාක්‍යය : 9
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ يَهۡدِيهِمۡ رَبُّهُم بِإِيمَٰنِهِمۡۖ تَجۡرِي مِن تَحۡتِهِمُ ٱلۡأَنۡهَٰرُ فِي جَنَّٰتِ ٱلنَّعِيمِ
නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, ඔවුනට ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ විශ්වාසය හේතුවෙන් මඟ පෙන්වනු ඇත. සැපවත් ස්වර්ග උයන්හි ඔවුනට පහළින් ගංගාවෝ ගලා බසිති.
වාක්‍යය : 10
دَعۡوَىٰهُمۡ فِيهَا سُبۡحَٰنَكَ ٱللَّهُمَّ وَتَحِيَّتُهُمۡ فِيهَا سَلَٰمٞۚ وَءَاخِرُ دَعۡوَىٰهُمۡ أَنِ ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ
එහි ඔවුන්ගේ පැතුම වනුයේ “අහෝ අල්ලාහ්! ඔබ සුපිවිතුරුය” යන්නයි. තවද එහි ඔවුන්ගේ ආචාරය වනුයේ “සලාම් (ශාන්තිය)” යන්නයි. ඔවුන්ගේ පැතුමෙහි අවසානය වනුයේ “නියත වශයෙන්ම සියලු ප්‍රශංසා විශ්වයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සතුය” යන්නයි.
වාක්‍යය : 11
۞ وَلَوۡ يُعَجِّلُ ٱللَّهُ لِلنَّاسِ ٱلشَّرَّ ٱسۡتِعۡجَالَهُم بِٱلۡخَيۡرِ لَقُضِيَ إِلَيۡهِمۡ أَجَلُهُمۡۖ فَنَذَرُ ٱلَّذِينَ لَا يَرۡجُونَ لِقَآءَنَا فِي طُغۡيَٰنِهِمۡ يَعۡمَهُونَ
ජනයා යහපත ඉක්මනින් පතනවාක් මෙන් ම අල්ලාහ් ද (ඔවුන් උපයා ගත් දෑහි) නපුර ඔවුනට ඉක්මන් කළේ නම් ඔවුන්ගේ අවසන් කාලය ඔවුන් වෙත තීන්දු කරනු ලබන්නට තිබුණි. එබැවින් අපගේ හමුව අපේක්ෂා නොකරන්නන් ඔවුන්ගේ සීමාව ඉක්මවීමෙහි අයාලේ යන්නට අපි හරින්නෙමු.
වාක්‍යය : 12
وَإِذَا مَسَّ ٱلۡإِنسَٰنَ ٱلضُّرُّ دَعَانَا لِجَنۢبِهِۦٓ أَوۡ قَاعِدًا أَوۡ قَآئِمٗا فَلَمَّا كَشَفۡنَا عَنۡهُ ضُرَّهُۥ مَرَّ كَأَن لَّمۡ يَدۡعُنَآ إِلَىٰ ضُرّٖ مَّسَّهُۥۚ كَذَٰلِكَ زُيِّنَ لِلۡمُسۡرِفِينَ مَا كَانُواْ يَعۡمَلُونَ
තවද මිනිසාට පීඩාව ස්පර්ශ වූ විට ඔහුගේ ඇලපැත්තට වී හෝ වාඩිවෙමින් හෝ සිටගනිමින් හෝ අපගෙන් අයැද සිටී. නමුත් අපි ඔහුගෙන් ඔහුගේ පීඩාව ඉවත් කළ කල්හි ඔහුට ඇති වූ පීඩාව සඳහා ඔහු අපගෙන් නොඅයැද සිටියාක් මෙන් ගමන් කරනු ඇත. සීමාව ඉක්මවූවන් හට තමන් කරමින් සිටින දෑ අලංකාරවත් කර පෙන්වන ලද්දේ එලෙසය.
වාක්‍යය : 13
وَلَقَدۡ أَهۡلَكۡنَا ٱلۡقُرُونَ مِن قَبۡلِكُمۡ لَمَّا ظَلَمُواْ وَجَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ وَمَا كَانُواْ لِيُؤۡمِنُواْۚ كَذَٰلِكَ نَجۡزِي ٱلۡقَوۡمَ ٱلۡمُجۡرِمِينَ
තවද නුඹලාට පෙර විසූ පරම්පරාවන් ඔවුන් අපරාධ කළ කල්හි සැබැවින්ම අපි විනාශ කළෙමු. තවද ඔවුන් වෙත ඔවුන්ගේ ධර්ම දූතවරු පැහැදිලි සංඥා සමඟ පැමිණියහ. නමුත් ඔවුහු විශ්වාස කරන්නට නොවූහ. වැරදිකාරී ජනයාට අපි ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
වාක්‍යය : 14
ثُمَّ جَعَلۡنَٰكُمۡ خَلَٰٓئِفَ فِي ٱلۡأَرۡضِ مِنۢ بَعۡدِهِمۡ لِنَنظُرَ كَيۡفَ تَعۡمَلُونَ
ඔවුනට පසුව නුඹලා කටයුතු කරනුයේ කෙසේ දැයි අපි නිරීක්ෂා කරනු පිණිස නුඹලා ව මහපොළොවේ නියෝජිතයන් බවට පත් කළෙමු.

වාක්‍යය : 15
وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَاتُنَا بَيِّنَٰتٖ قَالَ ٱلَّذِينَ لَا يَرۡجُونَ لِقَآءَنَا ٱئۡتِ بِقُرۡءَانٍ غَيۡرِ هَٰذَآ أَوۡ بَدِّلۡهُۚ قُلۡ مَا يَكُونُ لِيٓ أَنۡ أُبَدِّلَهُۥ مِن تِلۡقَآيِٕ نَفۡسِيٓۖ إِنۡ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَيَّۖ إِنِّيٓ أَخَافُ إِنۡ عَصَيۡتُ رَبِّي عَذَابَ يَوۡمٍ عَظِيمٖ
තවද ඔවුන් වෙත අපගේ පැහැදිලි වදන් කියවා පෙන්වනු ලබන විට, අපගේ හමුව අපේක්ෂා නොකරන්නන් ‘මේ හැර වෙනත් කුර්ආනයක් ගෙන එනු. නැතහොත් එය වෙනස් කරනු’ යැයි පවසති. (මා කැමති පරිදි) මාගේ පැත්තෙන් එය වෙනස් කිරීමට මා හට (කිසිදු අයිතියක්) නැත. මා වෙත දන්වනු ලබන දෑ මිස වෙනකක් මම අනුගමනය නොකරමි. මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම් අතිමහත් දිනයක දඬුවම පිළිබඳ ව සැබැවින්ම මම බිය වෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
වාක්‍යය : 16
قُل لَّوۡ شَآءَ ٱللَّهُ مَا تَلَوۡتُهُۥ عَلَيۡكُمۡ وَلَآ أَدۡرَىٰكُم بِهِۦۖ فَقَدۡ لَبِثۡتُ فِيكُمۡ عُمُرٗا مِّن قَبۡلِهِۦٓۚ أَفَلَا تَعۡقِلُونَ
අල්ලාහ් අභිමත කළේ නම් මම නුඹලා වෙත එය පාරායනය නොකරන්නට තිබුණි. තවද මම එය නුඹලාට නොදන්වන්නට තිබුණි. සැබැවින්ම මම මීට පෙර නුඹලා අතර චිරාත් කාලයක් රැඳී සිටියෙමි. නුඹලා වටහා ගත යුතු නොවේ ද? යැයි (නබිවරය!) නුඹ පවසනු.
වාක්‍යය : 17
فَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلۡمُجۡرِمُونَ
එබැවින් අල්ලාහ්ට එරෙහිව බොරු ගෙතූ අයට වඩා හෝ ඔහුගේ වදන් බොරු කළවුනට වඩා මහා අපරාධකරු කවරෙකු ද? නියත වශයෙන්ම, වැරදිකරුවෝ ජය නොලබති.
වාක්‍යය : 18
وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُمۡ وَلَا يَنفَعُهُمۡ وَيَقُولُونَ هَٰٓؤُلَآءِ شُفَعَٰٓؤُنَا عِندَ ٱللَّهِۚ قُلۡ أَتُنَبِّـُٔونَ ٱللَّهَ بِمَا لَا يَعۡلَمُ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ
අල්ලාහ් හැර දමා ඔවුනට පීඩාවක් නොකරන එමෙන්ම ඔවුනට සෙත නොසලසන දෑට ඔවුහු නැමැදුම් කරති. මොවුහු අල්ලාහ් ඉදිරියේ අපගේ මැදිහත්කරුවෝ’ යැයි ඔවුහු පවසති. ‘අහස්හි හෝ මහපොළොවේ හෝ ඔහු නොදන්නා දෑ නුඹලා අල්ලාහ්ට දන්වන්නෙහු දැ’යි (නබිවරය) නුඹ අසනු. ඔහු සුපිවිතුරුය. තවද ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය.
වාක්‍යය : 19
وَمَا كَانَ ٱلنَّاسُ إِلَّآ أُمَّةٗ وَٰحِدَةٗ فَٱخۡتَلَفُواْۚ وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ لَقُضِيَ بَيۡنَهُمۡ فِيمَا فِيهِ يَخۡتَلِفُونَ
තවද මිනිස් සමූහය එකම සමූහයක් මිස නොවීය. පසුව, ඔවුහු භේද වූහ. නුඹගේ පරමාධිපතිගෙන් වූ වදනක් පෙරටු නොවී නම් ඔවුහු කවර විෂයක භේද ඇති කර ගත්තෝ ද එහි ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි.
වාක්‍යය : 20
وَيَقُولُونَ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ ءَايَةٞ مِّن رَّبِّهِۦۖ فَقُلۡ إِنَّمَا ٱلۡغَيۡبُ لِلَّهِ فَٱنتَظِرُوٓاْ إِنِّي مَعَكُم مِّنَ ٱلۡمُنتَظِرِينَ
තවද ඔහු වෙත ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් පහළ විය යුතු නොවේ දැයි ඔවුහු පවසති. "සියලු ගුප්ත දෑ අල්ලාහ් සතුය. එබැවින් නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම මම ද නුඹලා සමඟ බලාපොරොත්තුවන්නන් අතරින් වෙමි" යැයි (නබිවරය) නුඹ පවසනු.

වාක්‍යය : 21
وَإِذَآ أَذَقۡنَا ٱلنَّاسَ رَحۡمَةٗ مِّنۢ بَعۡدِ ضَرَّآءَ مَسَّتۡهُمۡ إِذَا لَهُم مَّكۡرٞ فِيٓ ءَايَاتِنَاۚ قُلِ ٱللَّهُ أَسۡرَعُ مَكۡرًاۚ إِنَّ رُسُلَنَا يَكۡتُبُونَ مَا تَمۡكُرُونَ
තවද ඔවුනට ඇති වූ පීඩාවන්ට පසු ජනයාට දයාවක් විඳවන්නට අපි සැලැස් වූ විට අපගේ වදන් වලට (බොරු කරමින්) කුමන්ත්‍රණයක් ඔවුහු යොදති. උපාය මාර්ග යෙදීමෙන් අල්ලාහ් අති වේගවත්ය. නියත වශයෙන්ම නුඹලා කුමන්ත්‍රණ කරන දෑ අපගේ (සුර) දූතවරු සටහන් කරති යැයි (නබිවරය) පවසනු.
වාක්‍යය : 22
هُوَ ٱلَّذِي يُسَيِّرُكُمۡ فِي ٱلۡبَرِّ وَٱلۡبَحۡرِۖ حَتَّىٰٓ إِذَا كُنتُمۡ فِي ٱلۡفُلۡكِ وَجَرَيۡنَ بِهِم بِرِيحٖ طَيِّبَةٖ وَفَرِحُواْ بِهَا جَآءَتۡهَا رِيحٌ عَاصِفٞ وَجَآءَهُمُ ٱلۡمَوۡجُ مِن كُلِّ مَكَانٖ وَظَنُّوٓاْ أَنَّهُمۡ أُحِيطَ بِهِمۡ دَعَوُاْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ لَئِنۡ أَنجَيۡتَنَا مِنۡ هَٰذِهِۦ لَنَكُونَنَّ مِنَ ٱلشَّٰكِرِينَ
ගොඩබිමේ හා මුහුදේ නුඹලා ව ගමන් කරවනුයේ ඔහුය. නුඹලා නැවක සිටි විට එය නැවුම් සුළඟකින් ඔවුන් කැටු ව යාත්‍රා කරයි. තවද එමගින් ඔවුහු සතුටු වූහ. සුළි සුළඟක් ඒ වෙත පැමිණිය. තවද සෑම තැනකින්ම (මුහුදු) රැලිද ඔවුන් වෙත පැමිණිය. එවිට නියත වශයෙන්ම තමන් කොටු වී ඇතැයි ඔවුහු සිතති. නුඹ අප මෙයින් මුදවා ගත්තෙහි නම් නියත වශයෙන්ම අපි කෘතවේදීන් අතරින් වෙමුයි පවසා දහම අල්ලාහ්ට පමණක් සතු කරමින් අවංකයින් ලෙසින් අල්ලාහ්ගෙන් ඇයැද සිටිති.
වාක්‍යය : 23
فَلَمَّآ أَنجَىٰهُمۡ إِذَا هُمۡ يَبۡغُونَ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّۗ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّمَا بَغۡيُكُمۡ عَلَىٰٓ أَنفُسِكُمۖ مَّتَٰعَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ ثُمَّ إِلَيۡنَا مَرۡجِعُكُمۡ فَنُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
එසේ ඔහු ඔවුන් මුදවා ගත් කල්හි එවිට ඔවුහු යුක්තියෙන් තොර ව මහපොළොවේ සීමාව ඉක්මවා කටයුතු කරති. අහෝ ජනයිනි! නුඹලාගේ සීමාව ඉක්මවීම නුඹලාට එරෙහිවමය. මෙලොව ජීවිතයේ අල්ප සැපයකි. පසුව නුඹලා නැවත යොමු කරනු ලබන ස්ථානය අප වෙතය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව අපි නුඹලාට දන්වන්නෙමු.
වාක්‍යය : 24
إِنَّمَا مَثَلُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا كَمَآءٍ أَنزَلۡنَٰهُ مِنَ ٱلسَّمَآءِ فَٱخۡتَلَطَ بِهِۦ نَبَاتُ ٱلۡأَرۡضِ مِمَّا يَأۡكُلُ ٱلنَّاسُ وَٱلۡأَنۡعَٰمُ حَتَّىٰٓ إِذَآ أَخَذَتِ ٱلۡأَرۡضُ زُخۡرُفَهَا وَٱزَّيَّنَتۡ وَظَنَّ أَهۡلُهَآ أَنَّهُمۡ قَٰدِرُونَ عَلَيۡهَآ أَتَىٰهَآ أَمۡرُنَا لَيۡلًا أَوۡ نَهَارٗا فَجَعَلۡنَٰهَا حَصِيدٗا كَأَن لَّمۡ تَغۡنَ بِٱلۡأَمۡسِۚ كَذَٰلِكَ نُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَتَفَكَّرُونَ
මෙලොව ජීවිතයේ උපමාව වනුයේ අහසින් අපි පහළ කළ ජලය මෙනි. එවිට මිනිසුන් හා ගොවිපළ සතුන් ආහාරයට ගන්නා දැයින් මහපොළොවේ ඇති පැළෑටි ඒ සමඟ මුසු විය. එමෙන්ම මහපොළොව එහි සරුසාරවත් භාවය ගෙන අලංකාරවත් විය. එහි වැසියෝ ද නියත වශයෙන්ම ඒ මත තමන් බලය දරන්නන් බව සිතුවෝය. (එවිට) රාත්‍රියේ හෝ දහවලේ අපගේ නියෝගය ඒ වෙත පැමිණ, එය පෙරදින කිසිදු ප්‍රයෝජනයක් නොගත්තාක් මෙන්, නෙළනු ලැබූ පාළු භූමියක් බවට අපි පත් කළෙමු. වටහා ගන්නා ජනයාට මෙම වදන් අපි පැහැදිලි කරනුයේ මෙලෙසය.
වාක්‍යය : 25
وَٱللَّهُ يَدۡعُوٓاْ إِلَىٰ دَارِ ٱلسَّلَٰمِ وَيَهۡدِي مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ
තවද අල්ලාහ් ශාන්තියේ නිවහන වෙත ඇරයුම් කරයි. තවද ඔහු අභිමත කරන අයට ඍජු මාර්ගය වෙත මඟ පෙන්වයි.

වාක්‍යය : 26
۞ لِّلَّذِينَ أَحۡسَنُواْ ٱلۡحُسۡنَىٰ وَزِيَادَةٞۖ وَلَا يَرۡهَقُ وُجُوهَهُمۡ قَتَرٞ وَلَا ذِلَّةٌۚ أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَنَّةِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ
දැහැමි කටයුතු කළවුනට දැහැමි දෑ ද ඊට අමතර දෑ ද ඇත. ඔවුන්ගේ මුහුණු අඳුර හෝ අවමානය හෝ වෙළා නොගනී. ඔවුහු ස්වර්ගවාසීහුය. ඔවුහු එහි සදාතනිකයෝය.
වාක්‍යය : 27
وَٱلَّذِينَ كَسَبُواْ ٱلسَّيِّـَٔاتِ جَزَآءُ سَيِّئَةِۭ بِمِثۡلِهَا وَتَرۡهَقُهُمۡ ذِلَّةٞۖ مَّا لَهُم مِّنَ ٱللَّهِ مِنۡ عَاصِمٖۖ كَأَنَّمَآ أُغۡشِيَتۡ وُجُوهُهُمۡ قِطَعٗا مِّنَ ٱلَّيۡلِ مُظۡلِمًاۚ أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ
තවද පාපකම් උපයා ගත් අය වනාහි ඔවුන්ගේ පාපයට ප්‍රතිවිපාකය ඒ හා සමානයක් ය. තවද අවමානය ඔවුන් වෙළා ගනී. අල්ලාහ්ගෙන් කිසිදු ආරක්ෂකයකු ඔවුනට නොමැත. ඔවුන්ගේ මුහුණු අඳුරු රාත්‍රියෙන් කොටසක් වසා ගත්තාක් මෙනි. ඔවුහු නිරා වාසීහුය. ඔවුහු එහි සදාතනිකයෝය.
වාක්‍යය : 28
وَيَوۡمَ نَحۡشُرُهُمۡ جَمِيعٗا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشۡرَكُواْ مَكَانَكُمۡ أَنتُمۡ وَشُرَكَآؤُكُمۡۚ فَزَيَّلۡنَا بَيۡنَهُمۡۖ وَقَالَ شُرَكَآؤُهُم مَّا كُنتُمۡ إِيَّانَا تَعۡبُدُونَ
තවද එදින අපි ඔවුන් සියල්ල රැස් කරන්නෙමු. පසුව නුඹලා හා නුඹලාගේ හවුල්කරුවන් නුඹලාගේ ස්ථානයේම සිටිනු යැයි ආදේශ තැබූවන්ට අපි පවසන්නෙමු. පසුව ඔවුන් අතර (තිබූ සම්බන්ධතාවය බිඳ) අපි වෙන් කරන්නෙමු. තවද ‘නුඹලා අපට ගැතිකම් කරමින් නොසිටියෙහු යැ’යි ඔවුන්ගේ හවුල්කරුවන් පවසා මිදෙන්නට බලති.
වාක්‍යය : 29
فَكَفَىٰ بِٱللَّهِ شَهِيدَۢا بَيۡنَنَا وَبَيۡنَكُمۡ إِن كُنَّا عَنۡ عِبَادَتِكُمۡ لَغَٰفِلِينَ
එහෙයින් අප හා නුඹලා අතර සාක්ෂිකරුවකු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය. නුඹලා කළ නැමදුම පිළිබඳ අප අනවධානීන් ලෙස සිටියෙමු (යැයි ද එම හවුල්කරුවෝ පවසති).
වාක්‍යය : 30
هُنَالِكَ تَبۡلُواْ كُلُّ نَفۡسٖ مَّآ أَسۡلَفَتۡۚ وَرُدُّوٓاْ إِلَى ٱللَّهِ مَوۡلَىٰهُمُ ٱلۡحَقِّۖ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ
එවිට සෑම ආත්මයක්ම එය ඉදිරිපත් කළ දෑ සම්බන්ධයෙන් පරීක්ෂාවට භාජනය වේ. තවද ඔවුන්ගේ සැබෑ භාරකරු වන අල්ලාහ් වෙත ඔවුන් යොමු කරනු ලැබේ. තවද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුලා වී යයි.
වාක්‍යය : 31
قُلۡ مَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ أَمَّن يَمۡلِكُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَمَن يُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَيُخۡرِجُ ٱلۡمَيِّتَ مِنَ ٱلۡحَيِّ وَمَن يُدَبِّرُ ٱلۡأَمۡرَۚ فَسَيَقُولُونَ ٱللَّهُۚ فَقُلۡ أَفَلَا تَتَّقُونَ
අහසින් හා පොළොවෙන් නුඹලාට පෝෂණය ලබා දෙන්නේ කවුරු ද? ශ්‍රවණය හා දෘෂ්ටීන් සතු වන්නේ කාහට ද? මළ දැයින් ජීවී දෑ මතු කොට ජීවී දැයින් මළ දෑ මතු කරන්නේ කවරෙකු ද? සියලු කරුණු සැලසුම් කරන්නේ කවරෙකු දැ? යි (නබිවරය) නුඹ විමසනු. එවිට ‘අල්ලාහ්’ යැයි ඔවුන් පවසනු ඇත. එසේ නම් නුඹලා බිය හැඟීමෙන් කටයුතු කළ යුතු නොවේ දැ? යි නුඹ විමසනු.
වාක්‍යය : 32
فَذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمُ ٱلۡحَقُّۖ فَمَاذَا بَعۡدَ ٱلۡحَقِّ إِلَّا ٱلضَّلَٰلُۖ فَأَنَّىٰ تُصۡرَفُونَ
ඔහුමය නුඹලාගේ සැබෑ පරමාධිපති වූ අල්ලාහ්. මෙම සත්‍යයෙන් පසු මුළාව මිස වෙන කුමක් ද? එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
වාක්‍යය : 33
كَذَٰلِكَ حَقَّتۡ كَلِمَتُ رَبِّكَ عَلَى ٱلَّذِينَ فَسَقُوٓاْ أَنَّهُمۡ لَا يُؤۡمِنُونَ
එලෙස ම පාපකම් කළවුන්හට නියත වශයෙන්ම ඔවුන් විශ්වාස නොකරනු ඇතැයි යන නුඹගේ පරමාධිපතිගේ වදන නියම විය.

වාක්‍යය : 34
قُلۡ هَلۡ مِن شُرَكَآئِكُم مَّن يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥۚ قُلِ ٱللَّهُ يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ
මැවීම් ආරම්භ(යේ උත්පාදනය) කොට පසුව එය නැවත ගෙන එන කවරෙකු හෝ නුඹලාගේ හවුල්කරුවන් අතරින් සිටිත් දැ?යි නුඹ අසනු. මැවීම් ආරම්භ(යේ උත්පාදනය) කොට පසුව එය නැවත ගෙන එන්නේ අල්ලාහ්ය. එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේදැ?යි නුඹ අසනු.
වාක්‍යය : 35
قُلۡ هَلۡ مِن شُرَكَآئِكُم مَّن يَهۡدِيٓ إِلَى ٱلۡحَقِّۚ قُلِ ٱللَّهُ يَهۡدِي لِلۡحَقِّۗ أَفَمَن يَهۡدِيٓ إِلَى ٱلۡحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لَّا يَهِدِّيٓ إِلَّآ أَن يُهۡدَىٰۖ فَمَا لَكُمۡ كَيۡفَ تَحۡكُمُونَ
සත්‍යය වෙත මඟ පෙන්වන නුඹලාගේ හවුල්කරුවන්ගෙන් කිසිවෙකුත් සිටිත් දැ?යි නුඹ අසනු. සත්‍යය වෙත මඟ පෙන්වන්නා අල්ලාහ් යැයි නුඹ පවසනු. පිළිපදිනු ලබන්නට වඩාත් සුදුසු වන්නේ සත්‍යය වෙත මඟ පෙන්වන්නා ද? එසේ නැතහොත් මඟ පෙන්වනු ලැබීමෙන් මිස යහ මඟ ගමන් නොකරන අය ද? නුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද?
වාක්‍යය : 36
وَمَا يَتَّبِعُ أَكۡثَرُهُمۡ إِلَّا ظَنًّاۚ إِنَّ ٱلظَّنَّ لَا يُغۡنِي مِنَ ٱلۡحَقِّ شَيۡـًٔاۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِمَا يَفۡعَلُونَ
තවද ඔවුන් බහුතරයක් දෙනා අනුමානය මිස වෙනකක් අනුගමනය නොකරති. නියත වශයෙන්ම අනුමානය සත්‍යයෙන් කිසිවක් දැනගැනීමට ඵලක් නොවනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
වාක්‍යය : 37
وَمَا كَانَ هَٰذَا ٱلۡقُرۡءَانُ أَن يُفۡتَرَىٰ مِن دُونِ ٱللَّهِ وَلَٰكِن تَصۡدِيقَ ٱلَّذِي بَيۡنَ يَدَيۡهِ وَتَفۡصِيلَ ٱلۡكِتَٰبِ لَا رَيۡبَ فِيهِ مِن رَّبِّ ٱلۡعَٰلَمِينَ
තවද මෙම අල්-කුර්ආනය අල්ලාහ්ගෙන් (පහළ වූවක්) මිස (වෙනත් කිසිවකු විසින්) ගොතනු ලබන්නට හැකි වූවක් නොවීය. එනමුත් මෙය තමන් අතර ඇති දෑ සත්‍ය කරවන්නක් හා ලේඛනය විග්‍රහ කරන්නකි. ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ මෙහි කිසිදු සැකයක් නැත.
වාක්‍යය : 38
أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰهُۖ قُلۡ فَأۡتُواْ بِسُورَةٖ مِّثۡلِهِۦ وَٱدۡعُواْ مَنِ ٱسۡتَطَعۡتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمۡ صَٰدِقِينَ
නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුන් පවසන්නෝද? එසේ නම් මෙවැනිම පරිච්ඡේදයක් ගෙන එනු. තවද නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම් අල්ලාහ් හැර දමා නුඹලාට හැකි අය (ඒ සඳහා) කැඳවා ගනු යැයි (නබිවරය!) නුඹ පවසනු.
වාක්‍යය : 39
بَلۡ كَذَّبُواْ بِمَا لَمۡ يُحِيطُواْ بِعِلۡمِهِۦ وَلَمَّا يَأۡتِهِمۡ تَأۡوِيلُهُۥۚ كَذَٰلِكَ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلظَّٰلِمِينَ
එසේ නොව, ඔවුහු ඒ පිළිබඳ දැනුමෙන් ග්‍රහණය කළ නොහැකි දෑ ද එහි විග්‍රහය ඔවුන් වෙත නොපැමිණි දෑ ද ඔවුහු බොරු කළෝය. මෙලෙසම ඔවුනට පෙර සිටියවුන්ද බොරු කළෝය. එබැවින් අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹ නිරීක්ෂාවෙන් බලනු.
වාක්‍යය : 40
وَمِنۡهُم مَّن يُؤۡمِنُ بِهِۦ وَمِنۡهُم مَّن لَّا يُؤۡمِنُ بِهِۦۚ وَرَبُّكَ أَعۡلَمُ بِٱلۡمُفۡسِدِينَ
තවද ඒ ගැන විශ්වාස කරන්නන් ද ඔවුන් අතරින් වූහ. එමෙන්ම ඒ ගැන විශ්වාස නොකරන්නන් ද ඔවුන් අතරින් වූහ. තවද නුඹේ පරමාධිපති කලහකාරීන් පිළිබඳ මැනවින් දන්නාය.
වාක්‍යය : 41
وَإِن كَذَّبُوكَ فَقُل لِّي عَمَلِي وَلَكُمۡ عَمَلُكُمۡۖ أَنتُم بَرِيٓـُٔونَ مِمَّآ أَعۡمَلُ وَأَنَا۠ بَرِيٓءٞ مِّمَّا تَعۡمَلُونَ
තවද ඔවුහු නුඹ ව බොරු කළේ නම් ‘මාගේ ක්‍රියාව මා සතුය නුඹලාගේ ක්‍රියාව නුඹලා සතුය. නුඹලා මම කරන දැයින් මිදෙන්නෝ වෙති. මම ද නුඹලා කරන දැයින් මිදෙන්නෙකු වෙමි’ යැයි එවිට නුඹ පවසනු.
වාක්‍යය : 42
وَمِنۡهُم مَّن يَسۡتَمِعُونَ إِلَيۡكَۚ أَفَأَنتَ تُسۡمِعُ ٱلصُّمَّ وَلَوۡ كَانُواْ لَا يَعۡقِلُونَ
තවද ඔවුන් අතරින් නුඹ වෙත සවන් දෙන්නන් ද වෙති. බිහිරන් වටහා නොගනිමින් සිටිය ද නුඹ ඔවුනට සවන් වැටෙන්නට සලස්වන්නෙහි ද?

වාක්‍යය : 43
وَمِنۡهُم مَّن يَنظُرُ إِلَيۡكَۚ أَفَأَنتَ تَهۡدِي ٱلۡعُمۡيَ وَلَوۡ كَانُواْ لَا يُبۡصِرُونَ
තවද ඔවුන් අතරින් නුඹ වෙත බලන්නන් වෙති. අන්ධයින් නොබලමින් සිටිය ද නුඹ ඔවුනට මඟ පෙන්වන්නට සලස්වන්නෙහි ද?
වාක්‍යය : 44
إِنَّ ٱللَّهَ لَا يَظۡلِمُ ٱلنَّاسَ شَيۡـٔٗا وَلَٰكِنَّ ٱلنَّاسَ أَنفُسَهُمۡ يَظۡلِمُونَ
නියත වශයෙන්ම අල්ලාහ් ජනයාට කිසිවකින් හෝ අපරාධ නොකරයි. එනමුත් නියත වශයෙන් ම ජනයා තමන්ට ම අපරාධ කර ගනිති.
වාක්‍යය : 45
وَيَوۡمَ يَحۡشُرُهُمۡ كَأَن لَّمۡ يَلۡبَثُوٓاْ إِلَّا سَاعَةٗ مِّنَ ٱلنَّهَارِ يَتَعَارَفُونَ بَيۡنَهُمۡۚ قَدۡ خَسِرَ ٱلَّذِينَ كَذَّبُواْ بِلِقَآءِ ٱللَّهِ وَمَا كَانُواْ مُهۡتَدِينَ
තවද ඔහු ඔවුන් රැස් කරන දින දහවලින් මොහොතක් මිස රැඳී නොසිටියාක් මෙන් (සිතමින්) ඔවුන් අතර ඔවුන් එකිනෙකා හඳුනා ගනිති. අල්ලාහ්ගේ හමුව බොරුකළවුන් සැබැවින්ම පරාජයට පත් වූවෝය. තවද ඔවුහු යහ මඟ ලැබූවන් ලෙස නොසිටියෝය.
වාක්‍යය : 46
وَإِمَّا نُرِيَنَّكَ بَعۡضَ ٱلَّذِي نَعِدُهُمۡ أَوۡ نَتَوَفَّيَنَّكَ فَإِلَيۡنَا مَرۡجِعُهُمۡ ثُمَّ ٱللَّهُ شَهِيدٌ عَلَىٰ مَا يَفۡعَلُونَ
තවද අපි ඔවුන්ට ප්‍රතිඥා දුන් ඇතැම් දේ අපි නුඹට පෙන්වුව ද නැතහොත් අපි නුඹ ව මරණයට පත් කළ ද ඔවුන් නැවත යොමු කරනු ලබන ස්ථානය අප වෙතමය. පසුව ඔවුන් කරන දෑ කෙරෙහි අල්ලාහ් සාක්ෂිකරුය.
වාක්‍යය : 47
وَلِكُلِّ أُمَّةٖ رَّسُولٞۖ فَإِذَا جَآءَ رَسُولُهُمۡ قُضِيَ بَيۡنَهُم بِٱلۡقِسۡطِ وَهُمۡ لَا يُظۡلَمُونَ
තවද සෑම සමූහයකටම ධර්ම දූතයකු විය. ඔවුන්ගේ ධර්ම දූතයා පැමිණි විට ඔවුන් අතර යුක්තිගරුක ව තීන්දු දෙන ලදී. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.
වාක්‍යය : 48
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ
තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදාදැ?යි (ධර්ම දූතයින්ගෙන්) ඔවුහු විමසති.
වාක්‍යය : 49
قُل لَّآ أَمۡلِكُ لِنَفۡسِي ضَرّٗا وَلَا نَفۡعًا إِلَّا مَا شَآءَ ٱللَّهُۗ لِكُلِّ أُمَّةٍ أَجَلٌۚ إِذَا جَآءَ أَجَلُهُمۡ فَلَا يَسۡتَـٔۡخِرُونَ سَاعَةٗ وَلَا يَسۡتَقۡدِمُونَ
අල්ලාහ් අභිමත කළ දෑ මිස කිසිදු හානියක් වැළක්වීමට හෝ කිසිදු සෙතක් සැලසීමට හෝ මාහට හැකියාව නැතැ’යි නුඹ පවසනු. සෑම සමූහයකටම නියමිත කාලයක් ඇත. ඔවුන්ගේ නියමිත කාලය පැමිණි විට ඔවුන් මොහොතක් හෝ ප්‍රමාද නොවෙති. එමෙන්ම ඔවුහු ඉක්මන් ද නොවෙති.
වාක්‍යය : 50
قُلۡ أَرَءَيۡتُمۡ إِنۡ أَتَىٰكُمۡ عَذَابُهُۥ بَيَٰتًا أَوۡ نَهَارٗا مَّاذَا يَسۡتَعۡجِلُ مِنۡهُ ٱلۡمُجۡرِمُونَ
රාත්‍රිය ගත කරන විට හෝ දහවල් කාලයේ හෝ ඔහුගේ දඬුවම නුඹලා වෙත පැමිණියේ නම් (ඒ ගැන) නුඹලා කුමක් පවසන්නෙහු ද? වැරදිකරුවෝ එය ඉක්මනින් පතනුයේ ඇයි දැයි නුඹ අසනු.
වාක්‍යය : 51
أَثُمَّ إِذَا مَا وَقَعَ ءَامَنتُم بِهِۦٓۚ ءَآلۡـَٰٔنَ وَقَدۡ كُنتُم بِهِۦ تَسۡتَعۡجِلُونَ
එය සිදු වූ පසුව ද දැන් නුඹලා ඒ ගැන විශ්වාස කරනුයේ?. නුඹලා එය ඉක්මනින් පතමින් සිටියෙහුය.
වාක්‍යය : 52
ثُمَّ قِيلَ لِلَّذِينَ ظَلَمُواْ ذُوقُواْ عَذَابَ ٱلۡخُلۡدِ هَلۡ تُجۡزَوۡنَ إِلَّا بِمَا كُنتُمۡ تَكۡسِبُونَ
පසුව ‘නුඹලා සදාතනික දඬුවම විඳවනු. නුඹලා උපයමින් සිටි දෑ සඳහා මිස නුඹලා ප්‍රතිවිපාක දෙනු ලබනු ඇත් දැ?’යි අපරාධ කළවුනට පවසනු ලැබේ.
වාක්‍යය : 53
۞ وَيَسۡتَنۢبِـُٔونَكَ أَحَقٌّ هُوَۖ قُلۡ إِي وَرَبِّيٓ إِنَّهُۥ لَحَقّٞۖ وَمَآ أَنتُم بِمُعۡجِزِينَ
තවද එය සත්‍යය දැයි ඔවුහු නුඹගෙන් තොරුතුරු විමසති. එසේය, මාගේ පරමාධිපතිගේ නාමයෙන් නියත වශයෙන්ම එය සත්‍යයකි. තවද නුඹලා (අල්ලාහ්) අබිබවා යන්නන් නොවෙති යැයි (නබිවරය!) පවසනු.

වාක්‍යය : 54
وَلَوۡ أَنَّ لِكُلِّ نَفۡسٖ ظَلَمَتۡ مَا فِي ٱلۡأَرۡضِ لَٱفۡتَدَتۡ بِهِۦۗ وَأَسَرُّواْ ٱلنَّدَامَةَ لَمَّا رَأَوُاْ ٱلۡعَذَابَۖ وَقُضِيَ بَيۡنَهُم بِٱلۡقِسۡطِ وَهُمۡ لَا يُظۡلَمُونَ
තවද අපරාධ කළ සෑම ආත්මයකටම මහපොළොවේ ඇති දෑ තිබේ නම් එය වන්දි වශයෙන් ගෙවනු ඇත. තවද ඔවුහු එම දඬුවම දුටු කල්හි පසුතැවිල්ල වසන් කර ගත්හ. තවද ඔවුන් අතර යුක්තිගරුක ලෙසින් තීන්දු කරනු ලැබේ. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.
වාක්‍යය : 55
أَلَآ إِنَّ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ أَلَآ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ
අහස්හි හා පොළොවේ ඇති දෑ නියත වශයෙන්ම අල්ලාහ් සතු බව දැන ගනු මැනව. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව ද සැබෑවක් බව දැන ගනු මැනව. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
වාක්‍යය : 56
هُوَ يُحۡيِۦ وَيُمِيتُ وَإِلَيۡهِ تُرۡجَعُونَ
ඔහු ජීවය දෙයි. තවද මරණයට පත් කරයි. තවද නුඹලා නැවත යොමු කරනු ලබන්නේ ඔහු වෙතටය.
වාක්‍යය : 57
يَٰٓأَيُّهَا ٱلنَّاسُ قَدۡ جَآءَتۡكُم مَّوۡعِظَةٞ مِّن رَّبِّكُمۡ وَشِفَآءٞ لِّمَا فِي ٱلصُّدُورِ وَهُدٗى وَرَحۡمَةٞ لِّلۡمُؤۡمِنِينَ
අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිගෙන් වූ අනුශාසනයක් ද නුඹලාගේ හදවත් තුළ ඇති දෑට සුවයක් ද දේවත්වය විශ්වාස කරන්නන්ට මඟ පෙන්වීමක් හා දයාවක් ද සැබැවින්ම නුඹලා වෙත පැමිණ ඇත.
වාක්‍යය : 58
قُلۡ بِفَضۡلِ ٱللَّهِ وَبِرَحۡمَتِهِۦ فَبِذَٰلِكَ فَلۡيَفۡرَحُواْ هُوَ خَيۡرٞ مِّمَّا يَجۡمَعُونَ
මෙය අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ දයාව තුළිනි. මෙමගින් ඔවුන් සතුටු වෙත්වා! යැයි නුඹ පවසනු. එය ඔවුන් රැස් කරන දෑට වඩා ශ්‍රේෂ්ඨය.
වාක්‍යය : 59
قُلۡ أَرَءَيۡتُم مَّآ أَنزَلَ ٱللَّهُ لَكُم مِّن رِّزۡقٖ فَجَعَلۡتُم مِّنۡهُ حَرَامٗا وَحَلَٰلٗا قُلۡ ءَآللَّهُ أَذِنَ لَكُمۡۖ أَمۡ عَلَى ٱللَّهِ تَفۡتَرُونَ
(නබිවරය, නුඹ මෙසේ) විමසනු! පෝෂණයෙන් අල්ලාහ් නුඹලාට පහළ කළ දෑ පිළිබඳ ව නුඹලා කුමක් පවසන්නෙහු ද? එවිට නුඹලා එයින් (අතැම් දෑ) තහනම් ලෙසත් (ඇතැම් දෑ) අනුමත ලෙසත් පත් කර ගත්තෙහුය. (ඒ සඳහා) නුඹලාට අවසර දුන්නේ අල්ලාහ් ද? එසේ නැතහොත් නුඹලා අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නෙහු දැ?යි අසනු.
වාක්‍යය : 60
وَمَا ظَنُّ ٱلَّذِينَ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ إِنَّ ٱللَّهَ لَذُو فَضۡلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَشۡكُرُونَ
තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ට එරෙහිව බොරු ගොතන්නන්ගේ සිතුවිලි කුමක් ද? නියත වශයෙන්ම අල්ලාහ් ජනයා කෙරෙහි භාග්‍ය සම්පන්නය. එනමුත් සැබැවින් ම ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නොවෙති.
වාක්‍යය : 61
وَمَا تَكُونُ فِي شَأۡنٖ وَمَا تَتۡلُواْ مِنۡهُ مِن قُرۡءَانٖ وَلَا تَعۡمَلُونَ مِنۡ عَمَلٍ إِلَّا كُنَّا عَلَيۡكُمۡ شُهُودًا إِذۡ تُفِيضُونَ فِيهِۚ وَمَا يَعۡزُبُ عَن رَّبِّكَ مِن مِّثۡقَالِ ذَرَّةٖ فِي ٱلۡأَرۡضِ وَلَا فِي ٱلسَّمَآءِ وَلَآ أَصۡغَرَ مِن ذَٰلِكَ وَلَآ أَكۡبَرَ إِلَّا فِي كِتَٰبٖ مُّبِينٍ
තවද නුඹ කවර කරුණක (නිරත ව) සිටින්නේ ද තවද කුමන දෙයක් අල්-කුර්ආනයෙන් නුඹ පාරායනය කරන්නේ ද තවද (මිනිසුනි !) යම් කිසි ක්‍රියාවක් නුඹලා කරන්නේ ද නුඹලා එහි නිරත වන විට නුඹලා වෙත අප සාක්ෂිකරුවන් ලෙස සිටියා මිස නැත. අහසෙහි හෝ මහපොළොවෙහි හෝ අණුවක තරම් දෙයක් වුව ද එය ඊටත් වඩා කුඩා වුව ද විශාල වුව ද පැහැදිලි පුස්තකයේ (සටහන්ව) මිස නුඹගේ පරමාධිපතිගෙන් සැඟවෙන්නේ නැත.

වාක්‍යය : 62
أَلَآ إِنَّ أَوۡلِيَآءَ ٱللَّهِ لَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ
දැනගනු! නියත වශයෙන්ම අල්ලාහ්ගේ සමීපතයින් වනාහි ඔවුනට කිසිදු බියක් නොමැත. එමෙන්ම ඔවුහු දුකට පත්වන්නන් ද නොවෙති.
වාක්‍යය : 63
ٱلَّذِينَ ءَامَنُواْ وَكَانُواْ يَتَّقُونَ
ඔවුන් වනාහි විශ්වාස කළෝය. තවද බිය හැඟීමෙන් යුතුව සිටියෝය.
වාක්‍යය : 64
لَهُمُ ٱلۡبُشۡرَىٰ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَفِي ٱلۡأٓخِرَةِۚ لَا تَبۡدِيلَ لِكَلِمَٰتِ ٱللَّهِۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
මෙලොව ජීවිතයේ හා මතු ලොවෙහි ඔවුනට සුබාසිරි ඇත. අල්ලාහ්ගේ ප්‍රකාශයන්හි කිසිදු වෙනස් කිරීමක් නොමැත. එයමය අතිමහත් ජයග්‍රහණය වනුයේ.
වාක්‍යය : 65
وَلَا يَحۡزُنكَ قَوۡلُهُمۡۘ إِنَّ ٱلۡعِزَّةَ لِلَّهِ جَمِيعًاۚ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ
තවද ඔවුන්ගේ ප්‍රකාශය නුඹ ව දුකට පත් නොකළ යුතුය. නියත වශයෙන්ම සියළු ගෞරව මුළුමණින් ම අල්ලාහ්ට හිමිය. ඔහු සර්ව ශ්‍රාවකය; සර්වඥානීය.
වාක්‍යය : 66
أَلَآ إِنَّ لِلَّهِ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِۗ وَمَا يَتَّبِعُ ٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِ ٱللَّهِ شُرَكَآءَۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنۡ هُمۡ إِلَّا يَخۡرُصُونَ
දැනගනු! අහස්හි සිටින අය ද මහපොළොවෙහි සිටින අය ද නියත වශයෙන්ම අල්ලාහ් සතුය. අල්ලාහ් හැර දමා හවුල්කරුවන් ඇරයුම් කරන්නන් අනුගමනය කරනුයේ කුමක් ද? ඔවුන් අනුමානය මිස වෙනකක් අනුගමනය නොකරති. තවද ඔවුන් උපකල්පනය කරනු මිස නැත.
වාක්‍යය : 67
هُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلَّيۡلَ لِتَسۡكُنُواْ فِيهِ وَٱلنَّهَارَ مُبۡصِرًاۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَسۡمَعُونَ
නුඹලා එහි සැනසුම ලබනු පිණිස රාත්‍රිය ද පෙනෙන්නට ආලෝකමත් ලෙසින් දහවල ද නුඹලාට ඇති කළේ ඔහුය. සැබැවින්ම (අල්ලාහ්ගේ වදනට) සවන් දෙන ජනයාට මෙහි සංඥාවන් ඇත.
වාක්‍යය : 68
قَالُواْ ٱتَّخَذَ ٱللَّهُ وَلَدٗاۗ سُبۡحَٰنَهُۥۖ هُوَ ٱلۡغَنِيُّۖ لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ إِنۡ عِندَكُم مِّن سُلۡطَٰنِۭ بِهَٰذَآۚ أَتَقُولُونَ عَلَى ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ
අල්ලාහ් දරුවකු ගෙන ඇතැයි ඔවුහු පවසති. ඔහු (ඔවුන් පවසන දැයින්) සුපිවිතුරුය. ඔහු පොහොසත් ය. අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද ඔහු සතුය. (නුඹලා පවසන) ඒ ගැන කිසිදු සාධකයක් නුඹලා සතුව නැත. නුඹලා නොදන්නා දෑ අල්ලාහ් කෙරෙහි (ගොතා) පවසන්නෙහු ද?
වාක්‍යය : 69
قُلۡ إِنَّ ٱلَّذِينَ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ لَا يُفۡلِحُونَ
නියත වශයෙන්ම අල්ලාහ්ට එරෙහිව බොරු ගොතන්නන් වනාහි ඔවුන් ජය නොලබනු ඇතැයි (නබිවරය!) නුඹ පවසනු.
වාක්‍යය : 70
مَتَٰعٞ فِي ٱلدُّنۡيَا ثُمَّ إِلَيۡنَا مَرۡجِعُهُمۡ ثُمَّ نُذِيقُهُمُ ٱلۡعَذَابَ ٱلشَّدِيدَ بِمَا كَانُواْ يَكۡفُرُونَ
(මෙය) මෙලොවෙහි භුක්ති විඳීමකි. පසුව ඔවුන්ගේ නැවත හැරීම අප වෙතය. පසු ව ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් දරුණු දඬුවම ඔවුන් විඳවන්නට අපි සලස්වන්නෙමු.

වාක්‍යය : 71
۞ وَٱتۡلُ عَلَيۡهِمۡ نَبَأَ نُوحٍ إِذۡ قَالَ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ إِن كَانَ كَبُرَ عَلَيۡكُم مَّقَامِي وَتَذۡكِيرِي بِـَٔايَٰتِ ٱللَّهِ فَعَلَى ٱللَّهِ تَوَكَّلۡتُ فَأَجۡمِعُوٓاْ أَمۡرَكُمۡ وَشُرَكَآءَكُمۡ ثُمَّ لَا يَكُنۡ أَمۡرُكُمۡ عَلَيۡكُمۡ غُمَّةٗ ثُمَّ ٱقۡضُوٓاْ إِلَيَّ وَلَا تُنظِرُونِ
තවද (නබිවරය!) නුඹ ඔවුනට නූහ්ගේ පුවත කියවා පෙන්වනු. ඔහුගේ සමූහයාට; “මාගේ ජනයිනි! ‘මා (නුඹලා අතර) සිටීමත් අල්ලාහ්ගේ වදන් මා සිහිපත් කිරීමත් නුඹලාට බරක් වී නම් එවිට මම අල්ලාහ් වෙත භාර කරමි. පසුව නුඹලාගේ තීන්දුව හා නුඹලාගේ හවුල්කරුවන් නුඹලා එකට එක්රැස් කර (තීන්දු) ගනු. අනතුරුව නුඹලාගේ තීන්දු කටයුතු නුඹලාට වසන් වූවක් නොවිය යුතුය. පසුව නුඹලා මට (එරෙහි ව) තීන්දු කරනු. තවද මට නුඹලා අවකාශ නොදෙනු” යැයි ඔහු පැවසූ බව සිහිපත් කරනු.
වාක්‍යය : 72
فَإِن تَوَلَّيۡتُمۡ فَمَا سَأَلۡتُكُم مِّنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَى ٱللَّهِۖ وَأُمِرۡتُ أَنۡ أَكُونَ مِنَ ٱلۡمُسۡلِمِينَ
නමුත් නුඹලා (මාගේ දූත මෙහෙය) පිටුපෑවෙහු නම් (එය නුඹලාට එරෙහිවය.) එබැවින් (ඒ සඳහා) මම කිසිදු කුලියක් නුඹලාගෙන් ඉල්ලා සිටියේ නැත. මාගේ කුලිය අල්ලාහ් මත මිස වෙනත් අයෙකු මත නැත. තවද මුස්ලිම්වරුන් අතරින් වීමට මා නියෝග කරනු ලැබුවෙමි.
වාක්‍යය : 73
فَكَذَّبُوهُ فَنَجَّيۡنَٰهُ وَمَن مَّعَهُۥ فِي ٱلۡفُلۡكِ وَجَعَلۡنَٰهُمۡ خَلَٰٓئِفَ وَأَغۡرَقۡنَا ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَاۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُنذَرِينَ
නමුත් ඔවුහු ඔහු ව බොරු ක‍ළෝය. එවිට අපි ඔහු හා ඔහු සමඟ වූවන් නැව තුළ මුදවාගෙන; ඔවුන් ව (මහපොළොවේ) නියෝජිතයන් බවට පත් කොට; අපගේ සංඥා බොරු කළවුන් ගිල් වූයෙමු. පසුව අවවාද දෙනු ලැබූවන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹ බලනු.
වාක්‍යය : 74
ثُمَّ بَعَثۡنَا مِنۢ بَعۡدِهِۦ رُسُلًا إِلَىٰ قَوۡمِهِمۡ فَجَآءُوهُم بِٱلۡبَيِّنَٰتِ فَمَا كَانُواْ لِيُؤۡمِنُواْ بِمَا كَذَّبُواْ بِهِۦ مِن قَبۡلُۚ كَذَٰلِكَ نَطۡبَعُ عَلَىٰ قُلُوبِ ٱلۡمُعۡتَدِينَ
ඔහුගෙන් පසුව ධර්ම දූතවරු ඔවුන්ගේ ජනයා වෙත අපි එව්වෙමු. එවිට ඔවුහු ඔවුන් වෙත පැහැදිලි සාධක සමග පැමිණියෝය. මීට පෙර සිටියවුන් කවර දෙයක් බොරු කළේ ද මොවුහු ද එය විශ්වාස කරන්නට නොවූහ. සීමාව ඉක්මවා කටයුතු කරන්නන්ගේ හදවත් මත අප මුද්‍රා තබනුයේ එලෙසමය.
වාක්‍යය : 75
ثُمَّ بَعَثۡنَا مِنۢ بَعۡدِهِم مُّوسَىٰ وَهَٰرُونَ إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦ بِـَٔايَٰتِنَا فَٱسۡتَكۡبَرُواْ وَكَانُواْ قَوۡمٗا مُّجۡرِمِينَ
අනතුරුව ඔවුන්ගෙන් පසුව අපි අපගේ පැහැදිලි සාධක සමග මූසා හා හාරූන් ව ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත එව්වෙමු. නමුත් ඔවුහු උඩඟු වූහ. තවද ඔවුහු අපරාධකාරී පිරිසක් බවට පත් වූහ.
වාක්‍යය : 76
فَلَمَّا جَآءَهُمُ ٱلۡحَقُّ مِنۡ عِندِنَا قَالُوٓاْ إِنَّ هَٰذَا لَسِحۡرٞ مُّبِينٞ
අප වෙතින් ඔවුනට සත්‍යය පැමිණි කල්හි ‘නියත වශයෙන්ම මෙය පැහැදිලි මායාවකි’ යැයි ඔවුහු පැවසුවෝය.
වාක්‍යය : 77
قَالَ مُوسَىٰٓ أَتَقُولُونَ لِلۡحَقِّ لَمَّا جَآءَكُمۡۖ أَسِحۡرٌ هَٰذَا وَلَا يُفۡلِحُ ٱلسَّٰحِرُونَ
නුඹලා වෙත සත්‍යය පැමිණි කල්හි එයට ‘මෙය මායාවකි’ යැයි නුඹලා කියන්නෙහු ද? යැයි මූසා විමසුවේය. තවද මායාකරුවෝ ජය නොලබති.
වාක්‍යය : 78
قَالُوٓاْ أَجِئۡتَنَا لِتَلۡفِتَنَا عَمَّا وَجَدۡنَا عَلَيۡهِ ءَابَآءَنَا وَتَكُونَ لَكُمَا ٱلۡكِبۡرِيَآءُ فِي ٱلۡأَرۡضِ وَمَا نَحۡنُ لَكُمَا بِمُؤۡمِنِينَ
“අපගේ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටිනු අප දුටුවේ ද එයින් ඔබ අප වෙනතකට යොමු කිරීමටත්, මහපොළොවේ මහන් තත්ත්වය නුඹලා හිමි කර ගන්නටත් නුඹලා අප වෙත පැමිණියෙහු ද? නමුත් නුඹලා දෙදෙනා ව අපි විශ්වාස කරන්නන් නොවෙමු” යැයි ඔවුහු පැවසූහ.

වාක්‍යය : 79
وَقَالَ فِرۡعَوۡنُ ٱئۡتُونِي بِكُلِّ سَٰحِرٍ عَلِيمٖ
තවද ‘මනා දැනුම ඇති සෑම මායාකරුවකුම මා වෙත නුඹලා ගෙන එනු’යි ෆිර්අවුන් පැවසුවේය.
වාක්‍යය : 80
فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالَ لَهُم مُّوسَىٰٓ أَلۡقُواْ مَآ أَنتُم مُّلۡقُونَ
මායාකරුවෝ පැමිණි කල්හි ‘නුඹලා හෙළන්නට සිටින දෑ නුඹලා හෙළනු’ යැයි මූසා ඔවුනට කීවේය.
වාක්‍යය : 81
فَلَمَّآ أَلۡقَوۡاْ قَالَ مُوسَىٰ مَا جِئۡتُم بِهِ ٱلسِّحۡرُۖ إِنَّ ٱللَّهَ سَيُبۡطِلُهُۥٓ إِنَّ ٱللَّهَ لَا يُصۡلِحُ عَمَلَ ٱلۡمُفۡسِدِينَ
එසේ ඔවුන් හෙළු කල්හි ‘නුඹලා කවර දෙයක් ගෙන ආවද එය මායාවකි. නියත වශයෙන්ම අල්ලාහ් එය නිෂ්ඵල කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් කලහකාරීන්ගේ ක්‍රියාව විධිමත් නොකරනු ඇත’ යැයි මූසා පැවසුවේය.
වාක්‍යය : 82
وَيُحِقُّ ٱللَّهُ ٱلۡحَقَّ بِكَلِمَٰتِهِۦ وَلَوۡ كَرِهَ ٱلۡمُجۡرِمُونَ
තවද වැරදිකරුවෝ පිළිකුල් කළද අල්ලාහ් ඔහුගේ ප්‍රකාශයන් මගින් සත්‍යය සනාථ කරනු ඇත.
වාක්‍යය : 83
فَمَآ ءَامَنَ لِمُوسَىٰٓ إِلَّا ذُرِّيَّةٞ مِّن قَوۡمِهِۦ عَلَىٰ خَوۡفٖ مِّن فِرۡعَوۡنَ وَمَلَإِيْهِمۡ أَن يَفۡتِنَهُمۡۚ وَإِنَّ فِرۡعَوۡنَ لَعَالٖ فِي ٱلۡأَرۡضِ وَإِنَّهُۥ لَمِنَ ٱلۡمُسۡرِفِينَ
ෆිර්අවුන්ගෙන් හා ඔහුගේ ප්‍රධානීන්ගෙන් තමන්ට අර්බුධ ඇති වනු ඇතැයි යන බිය හේතුවෙන් ඔහුගේ ජනයාගෙන් පරපුරක් හැර මූසා ව විශ්වාස නොකළේය. තවද නියත වශයෙන්ම ෆිර්අවුන් මහපොළොවේ බලවත් අයෙකු විය. තවද නියතවශයෙන්ම (මැරවරකම් කිරීමෙහි) ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් අතරින් විය.
වාක්‍යය : 84
وَقَالَ مُوسَىٰ يَٰقَوۡمِ إِن كُنتُمۡ ءَامَنتُم بِٱللَّهِ فَعَلَيۡهِ تَوَكَّلُوٓاْ إِن كُنتُم مُّسۡلِمِينَ
තවද ‘මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ් ව විශ්වාස කර නුඹලා අවනතවන්නන් ව සිටියෙහු නම් නුඹලා ඔහු වෙතම (සියල්ල) භාර කරනු’යැයි මූසා කීවේය.
වාක්‍යය : 85
فَقَالُواْ عَلَى ٱللَّهِ تَوَكَّلۡنَا رَبَّنَا لَا تَجۡعَلۡنَا فِتۡنَةٗ لِّلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ
එවිට ‘අපි අල්ලාහ් වෙත භාර කළෙමු. අපගේ පරමාධිපතියාණනි! අපරාධකාරී ජනයාට අර්බුධයක් ලෙස අප පත් නොකරනු මැනව!’ යැයි ඔවුහු පවසා ප්‍රාර්ථනා කළහ.
වාක්‍යය : 86
وَنَجِّنَا بِرَحۡمَتِكَ مِنَ ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ
තවද ඔබේ දයාවෙන් දේවත්වය ප්‍රතික්ෂේප කරන ජනයාගෙන් අප මුදවා ගනු මැනව..
වාක්‍යය : 87
وَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰ وَأَخِيهِ أَن تَبَوَّءَا لِقَوۡمِكُمَا بِمِصۡرَ بُيُوتٗا وَٱجۡعَلُواْ بُيُوتَكُمۡ قِبۡلَةٗ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَۗ وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ
තවද ‘මිසරය නුඹලා දෙදෙනාගේ ජනයා වෙනුවෙන් වාසස්ථාන ලෙසට නුඹලා දෙදෙනා ගනු. තවද නුඹලාගේ වාසස්ථාන නැමදුම් ස්ථාන බවට නුඹලා පත් කර ගනු. තවද සලාතය විධිමත් ලෙස ඉටු කරනු. තවද දේවත්වය විශ්වාස කරන්නන් හට ශුභාරංචි දන්වනු’ යැයි අපි මූසා හා ඔහුගේ සහෝදරයා වෙත දන්වා සිටියෙමු.
වාක්‍යය : 88
وَقَالَ مُوسَىٰ رَبَّنَآ إِنَّكَ ءَاتَيۡتَ فِرۡعَوۡنَ وَمَلَأَهُۥ زِينَةٗ وَأَمۡوَٰلٗا فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا رَبَّنَا لِيُضِلُّواْ عَن سَبِيلِكَۖ رَبَّنَا ٱطۡمِسۡ عَلَىٰٓ أَمۡوَٰلِهِمۡ وَٱشۡدُدۡ عَلَىٰ قُلُوبِهِمۡ فَلَا يُؤۡمِنُواْ حَتَّىٰ يَرَوُاْ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ
අපගේ පරමාධිපතියාණනි! නුඹ ෆිර්අවුන්ට හා ඔහුගේ ප්‍රධානීන් හට මෙලොව ජීවිතයේ වස්තුව හා අලංකාරය පිරිනැමුවෙහිය. අපගේ පරමාධිපතියාණනි! එය ඔබගේ මාර්ගයෙන් ඔවුන් නොමඟ යවනු පිණිස ය. අපගේ පරමාධිපතියාණනි! ඔවුන්ගේ වස්තුව විනාශ කරනු. තවද ඔවුන්ගේ හදවත් දරදඬු කරනු. ඔවුන් එම වේදනීය දඬුවම දකින තුරු විශ්වාස නොකරනු ඇත යැයි මූසා (ප්‍රාර්ථනා කරමින්) පැවසුවේය.

වාක්‍යය : 89
قَالَ قَدۡ أُجِيبَت دَّعۡوَتُكُمَا فَٱسۡتَقِيمَا وَلَا تَتَّبِعَآنِّ سَبِيلَ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ
සැබැවින්ම නුඹලා දෙදෙනාගේ ප්‍රාර්ථනාවට පිළිතුරු දෙනු ලැබීය. එහෙයින් නුඹලා දෙදෙනා ස්ථාවරව සිටිනු. තවද දැනුම නොමැති අයගේ මාර්ගය නුඹලා දෙදෙනා කිසිවිටක අනුගමනය නොකරනු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය.
වාක්‍යය : 90
۞ وَجَٰوَزۡنَا بِبَنِيٓ إِسۡرَٰٓءِيلَ ٱلۡبَحۡرَ فَأَتۡبَعَهُمۡ فِرۡعَوۡنُ وَجُنُودُهُۥ بَغۡيٗا وَعَدۡوًاۖ حَتَّىٰٓ إِذَآ أَدۡرَكَهُ ٱلۡغَرَقُ قَالَ ءَامَنتُ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا ٱلَّذِيٓ ءَامَنَتۡ بِهِۦ بَنُوٓاْ إِسۡرَٰٓءِيلَ وَأَنَا۠ مِنَ ٱلۡمُسۡلِمِينَ
තවද අපි බනූ ඉස්රාඊල්වරුන් ව මුහුද තරණය කෙරෙව්වෙමු. එවිට ෆිර්අවුන් හා ඔහුගේ සේනාව සීමාව ඉක්මවමින් හා සතුරුකමින් ඔවුන් පසුපස හඹා ගියෝය. අවසානයේ ගිලී යාම ඔහු ව ග්‍රහණය කළ විට ‘සැබැවින්ම බනූ ඉස්රාඊල්වරු කවරෙකු පිළිබඳ විශ්වාස කළේ ද ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැති බව මම විශ්වාස කළෙමි. තවද මම අවනත වන්නන් අතරින් කෙනෙකු වෙමි’ යැයි ඔහු පැවසුවේය.
වාක්‍යය : 91
ءَآلۡـَٰٔنَ وَقَدۡ عَصَيۡتَ قَبۡلُ وَكُنتَ مِنَ ٱلۡمُفۡسِدِينَ
දැන් ද (නුඹ විශ්වාස කරනුයේ)? මීට පෙර නුඹ සැබැවින්ම පිටුපෑවෙහිය. තවද නුඹ කලහකාරීන් අතරින් වූයෙහිය.
වාක්‍යය : 92
فَٱلۡيَوۡمَ نُنَجِّيكَ بِبَدَنِكَ لِتَكُونَ لِمَنۡ خَلۡفَكَ ءَايَةٗۚ وَإِنَّ كَثِيرٗا مِّنَ ٱلنَّاسِ عَنۡ ءَايَٰتِنَا لَغَٰفِلُونَ
එබැවින් නුඹගෙන් පසු පැමිණෙන්නන් හට නුඹ සංඥාවක් වනු පිණිස මෙදින අපි නුඹේ දේහය ආරක්ෂා කරන්නෙමු. තවද නියත වශයෙන්ම ජනයා අතරින් බහුතරයක් දෙනා අපගේ සංඥාවන් පිළිබඳ උදාසීනව සිටිති.
වාක්‍යය : 93
وَلَقَدۡ بَوَّأۡنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ مُبَوَّأَ صِدۡقٖ وَرَزَقۡنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ فَمَا ٱخۡتَلَفُواْ حَتَّىٰ جَآءَهُمُ ٱلۡعِلۡمُۚ إِنَّ رَبَّكَ يَقۡضِي بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ
තවද සැබැවින්ම අපි ඉස්රාඊල් දරුවන් රිසි වාසස්ථාන වල පදිංචි කෙරෙව්වෙමු. තවද යහපත් දැයින් අපි ඔවුනට පෝෂණය ලබා දුනිමු. ඔවුන් වෙත ඥානය පැමිණෙන තෙක් ඔවුහු මත භේද ඇති කර නොගත්හ. ඔවුන් කවර විෂයක මත භේද වෙමින් සිටියේ ද ඒ සම්බන්ධයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹගේ පරමාධිපති නියත වශයෙන්ම ඔවුන් අතර තීන්දු දෙනු ඇත.
වාක්‍යය : 94
فَإِن كُنتَ فِي شَكّٖ مِّمَّآ أَنزَلۡنَآ إِلَيۡكَ فَسۡـَٔلِ ٱلَّذِينَ يَقۡرَءُونَ ٱلۡكِتَٰبَ مِن قَبۡلِكَۚ لَقَدۡ جَآءَكَ ٱلۡحَقُّ مِن رَّبِّكَ فَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُمۡتَرِينَ
(නබිවරය) නුඹ වෙත අපි පහළ කළ දැයින් යම් සැකයක නුඹ පසුවන්නෙහි නම් එවිට නුඹට පෙර පුස්තකය කියවමින් සිටින අයගෙන් විමසනු. සැබැවින්ම නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත මෙම සත්‍යය පැමිණ ඇත. එබැවින් කිසිසේත්ම නුඹ සැකකරන්නන් අතරින් නොවනු.
වාක්‍යය : 95
وَلَا تَكُونَنَّ مِنَ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِ ٱللَّهِ فَتَكُونَ مِنَ ٱلۡخَٰسِرِينَ
තවද අල්ලාහ්ගේ වදන් බොරු කළවුන් අතරින් නුඹ කිසිසේත් නොවනු. එ(සේ කළ) විට නුඹ අලාභවන්තයින් අතරින් වනු ඇත.
වාක්‍යය : 96
إِنَّ ٱلَّذِينَ حَقَّتۡ عَلَيۡهِمۡ كَلِمَتُ رَبِّكَ لَا يُؤۡمِنُونَ
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ ප්‍රකාශය කවුරුන් හට නියම වූයේ ද ඔවුන් වනාහි විශ්වාස නොකරති.
වාක්‍යය : 97
وَلَوۡ جَآءَتۡهُمۡ كُلُّ ءَايَةٍ حَتَّىٰ يَرَوُاْ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ
ඔවුන් වෙත සියලු සංඥාවන් පැමිණියද වේදනීය දඬුවම දකින තෙක් (විශ්වාස නොකරති).

වාක්‍යය : 98
فَلَوۡلَا كَانَتۡ قَرۡيَةٌ ءَامَنَتۡ فَنَفَعَهَآ إِيمَٰنُهَآ إِلَّا قَوۡمَ يُونُسَ لَمَّآ ءَامَنُواْ كَشَفۡنَا عَنۡهُمۡ عَذَابَ ٱلۡخِزۡيِ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَمَتَّعۡنَٰهُمۡ إِلَىٰ حِينٖ
එබැවින් ගමක් විශ්වාස කොට එහි විශ්වාසය එයට පළක් විය යුුතු නොවේද? (එවැනි කිසිදු ගම්මානයක් නොවීය.) යූනුස්ගේ ගම්මානය හැර. ඔවුහු විශ්වාස කළ කල්හි මෙලොව ජීවිතයේ අවමානයේ දඬුවම අපි ඔවුන්ගෙන් ඉවත් කොට මද කලකට ඔවුනට භුක්ති විඳින්නට සැලැස්සුවෙමු.
වාක්‍යය : 99
وَلَوۡ شَآءَ رَبُّكَ لَأٓمَنَ مَن فِي ٱلۡأَرۡضِ كُلُّهُمۡ جَمِيعًاۚ أَفَأَنتَ تُكۡرِهُ ٱلنَّاسَ حَتَّىٰ يَكُونُواْ مُؤۡمِنِينَ
තවද නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මහපොළොවේ සිටින ඔවුන් සියලු දෙනා මුළුමණින්ම විශ්වාස කරන්නට තිබුණි. එසේ තිබිය දී ඔවුන් දේවත්වය විශ්වාස කරන්නන් බවට පත් වන තෙක් නුඹ ජනයාට බල කරන්නෙහි ද?
වාක්‍යය : 100
وَمَا كَانَ لِنَفۡسٍ أَن تُؤۡمِنَ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ وَيَجۡعَلُ ٱلرِّجۡسَ عَلَى ٱلَّذِينَ لَا يَعۡقِلُونَ
තවද අල්ලාහ්ගේ අනුමැතියෙන් මිස විශ්වාස කිරීමට කිසිදු ආත්මයකට නොහැක. තවද, බුද්ධිමත්ව කටයුතු නොකරන අයට ඔහු කිලිට (දඬුවම) ඇති කරයි.
වාක්‍යය : 101
قُلِ ٱنظُرُواْ مَاذَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَمَا تُغۡنِي ٱلۡأٓيَٰتُ وَٱلنُّذُرُ عَن قَوۡمٖ لَّا يُؤۡمِنُونَ
අහස්හි හා මහපොළොවේ කුමක් ඇත්තේ දැයි නුඹලා අධීක්ෂණය කර බලනු. තවද විශ්වාස නොකරන ජනයාට සංඥාවන් හා අවවාදයන් ප්‍රයෝජනවත් නොවනු ඇතැයි (නබිවරය!) නුඹ පවසනු.
වාක්‍යය : 102
فَهَلۡ يَنتَظِرُونَ إِلَّا مِثۡلَ أَيَّامِ ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلِهِمۡۚ قُلۡ فَٱنتَظِرُوٓاْ إِنِّي مَعَكُم مِّنَ ٱلۡمُنتَظِرِينَ
ඔවුනට පෙර සිටියවුන් අතරින් ඉකුත් ව ගියවුන්ගේ දින වලට සමාන(විනාශ)යක් මිස වෙනෙකක් බලාපොරොත්තු වන්නෝ ද? “එසේ නම් නුඹලා ද බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම මම ද නුඹලා සමඟ බලාපොරොත්තුවන්නන් අතරින් වෙමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
වාක්‍යය : 103
ثُمَّ نُنَجِّي رُسُلَنَا وَٱلَّذِينَ ءَامَنُواْۚ كَذَٰلِكَ حَقًّا عَلَيۡنَا نُنجِ ٱلۡمُؤۡمِنِينَ
පසුව අපි අපගේ ධර්ම දූතයින් හා විශ්වාස කළවුන් ආරක්ෂා කරමු. එලෙස දේවත්වය විශ්වාස කරන්නන් මුදවා ගැනීම අප වෙත නියම කර ගත් වගකීමක් විය.
වාක්‍යය : 104
قُلۡ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمۡ فِي شَكّٖ مِّن دِينِي فَلَآ أَعۡبُدُ ٱلَّذِينَ تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ وَلَٰكِنۡ أَعۡبُدُ ٱللَّهَ ٱلَّذِي يَتَوَفَّىٰكُمۡۖ وَأُمِرۡتُ أَنۡ أَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ
අහෝ ජනයිනි! මාගේ දහම පිළිබඳ සැකයෙහි නුඹලා පසුවන්නෙහු නම් එවිට (දැන ගනු) අල්ලාහ් හැර දමා නුඹලා නැමදුම් කරන අයට මම නැමදුම් නොකරමි. නමුත් නුඹලා ව මරණයට පත් කරන අල්ලාහ්ට නැමදුම් කරමි. දේවත්වය විශ්වාස කරන්නන් අතරින් මා වන්නට අණ කරනු ලැබුවෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
වාක්‍යය : 105
وَأَنۡ أَقِمۡ وَجۡهَكَ لِلدِّينِ حَنِيفٗا وَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُشۡرِكِينَ
තවද නුඹගේ මුහුණ අවංක ලෙසින් දහම වෙත ස්ථාපිත කරනු. තවද නුඹ ආදේශ තබන්නන් අතුරින් නොවනු.
වාක්‍යය : 106
وَلَا تَدۡعُ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُكَ وَلَا يَضُرُّكَۖ فَإِن فَعَلۡتَ فَإِنَّكَ إِذٗا مِّنَ ٱلظَّٰلِمِينَ
අල්ලාහ්ගෙන් තොර ව නුඹට සෙතක් කළ නොහැකි එමෙන්ම නුඹට හිංසාවක් කළ නොහැකි දෑට නුඹ ඇරයුම් නොකරනු. එසේ නුඹ කළෙහි නම් එවිට සැබැවින්ම නුඹ අපරාධකරුවන් අතරින් වනු ඇත.

වාක්‍යය : 107
وَإِن يَمۡسَسۡكَ ٱللَّهُ بِضُرّٖ فَلَا كَاشِفَ لَهُۥٓ إِلَّا هُوَۖ وَإِن يُرِدۡكَ بِخَيۡرٖ فَلَا رَآدَّ لِفَضۡلِهِۦۚ يُصِيبُ بِهِۦ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۚ وَهُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ
තවද අල්ලාහ් නුඹට යම් හානියක් ස්පර්ශ කරවන්නේ නම් එවිට ඔහු හැර එය ඉවත් කරන කිසිවකු නැත. තවද ඔහු නුඹට යම් යහපතක් අපේක්ෂා කරන්නේ නම් එවිට ඔහුගේ භාග්‍යය වළක්වන කිසිවකු ද නොමැත. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට එය ලබන්නට සලස්වයි. තවද ඔහු අතික්ෂමාශීලීය; අසමසම කරුණා ගුණයෙන් යුක්තය.
වාක්‍යය : 108
قُلۡ يَٰٓأَيُّهَا ٱلنَّاسُ قَدۡ جَآءَكُمُ ٱلۡحَقُّ مِن رَّبِّكُمۡۖ فَمَنِ ٱهۡتَدَىٰ فَإِنَّمَا يَهۡتَدِي لِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيۡهَاۖ وَمَآ أَنَا۠ عَلَيۡكُم بِوَكِيلٖ
අහෝ මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය නුඹලා වෙත සැබැවින්ම පැමිණ ඇත. එබැවින් කවරෙකු යහමග ලබන්නේ ද එසේ ඔහු යහමග ලබනුයේ ඔහු වෙනුවෙන්මය. තවද කවරෙකු නොමග ගියේ ද එසේ ඔහු නොමග යනුයේ ඔහුටම එරෙහිවය. තවද මම නුඹලා වෙත වූ භාරකරුවකු නොවෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
වාක්‍යය : 109
وَٱتَّبِعۡ مَا يُوحَىٰٓ إِلَيۡكَ وَٱصۡبِرۡ حَتَّىٰ يَحۡكُمَ ٱللَّهُۚ وَهُوَ خَيۡرُ ٱلۡحَٰكِمِينَ
තවද නුඹ වෙත දන්වනු ලබන දෑ නුඹ අනුගමනය කරනු. තවද අල්ලාහ් තීන්දු දෙන තෙක් ඉවසීමෙන් සිටිනු. තවද ඔහු තීන්දු තීරකයින් අතරින් අති ශ්‍රේෂ්ඨය.
එවීම සාර්ථකයි